මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    දෙවියෝ වුනත් පිලි ගන්නේ නැහැ නේද අරිහත් උත්තමයෙක් කියලා?

    දෙවියන්ට දැනගන්න බැරිනන් කොහොමද මිනිස්සු දැනගන්නෙ? උදා:- වහරක හාමුදුරුවො පිරිණිවන්පෑවා කියල කොහොමද මිනිස්සු කියන්නෙ? උන්වහන්සේගෙ ශ්‍රාවකයො කොහොමද එහෙම කියන්නෙ?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,112
    851
    113
    දෙවියන්ට දැනගන්න බැරිනන් කොහොමද මිනිස්සු දැනගන්නෙ? උදා:- වහරක හාමුදුරුවො පිරිණිවන්පෑවා කියල කොහොමද මිනිස්සු කියන්නෙ? උන්වහන්සේගෙ ශ්‍රාවකයො කොහොමද එහෙම කියන්නෙ?


    බුදු හාමුදුරුවෝ බුදු වෙලා පස්වග තාපසයන් ගාවට ඇවිල්ලා ප්‍රාතිහාර්ය පෑවේ නැහැනේ. පස්වග තාපසයන් බුදු හාමුදුරුවෝ බුදු වෙලා කියලා දැනගන්නේ උන්වහන්සේගේ ධර්මයෙන්. එක ඒ වගේ දෙයක්.

    වහරක හිමි යම් දෙයක් එලි කරා. නුමුත් මිඉවලපනේ හිමි ඊට ඔබ්බෙන් ගිහිල්ලා උපරිම තැනට ගියා කියලා දෙසන ධර්මයෙන් යම් අය තේරුම් ගෙන තියෙනවා.

     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    නුමුත් මිඉවලපනේ හිමි ඊට ඔබ්බෙන් ගිහිල්ලා උපරිම තැනට ගියා කියලා දෙසන ධර්මයෙන් යම් අය තේරුම් ගෙන තියෙනවා.





    තේරුම් ගන්න පුලුවන් නම් මෙන්න තේරුම් ගන්න , හරියට පාලි ව්‍යාකරණවත් බැරි මේ යකාද මේ "උපරිම තැනකට" ඇවිල්ල තියෙන්නේ කියා:D:D:D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.

    හරියට හරි! සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මය වගේ එකක් මතු වෙලා මිනිසුන්ට නියම සද්ධර්මය මොකද්ද කියා හඳුනා ගන්න බැරිව බුදු දහම වැනසී යන බව. ඔබ කිව්ව එක හරි. සාශනය ඇතුලෙන්ම එන විනාසයක් මේක.:yes::yes:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,112
    851
    113



    තේරුම් ගන්න පුලුවන් නම් මෙන්න තේරුම් ගන්න , හරියට පාලි ව්‍යාකරණවත් බැරි මේ යකාද මේ "උපරිම තැනකට" ඇවිල්ල තියෙන්නේ කියා:D:D:D


    දැන් මම මෙතන ඉන්න ඔක්කොටම අරාධනා කරනවා පොඩි ව්‍යයාමයකට.

    ඔතන උඩ පල වෙලා තියෙන youtube දර්ෂණය බලන්න. මිවාලපනේ හිමි දේශනා කරනවා චතුරාර්ය සත්‍යය මේ වගේ.

    ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, පියෙහි විප්පයොගො දුක්ඛො, අප්පියෙහි සම්පයොගො දුක්ඛො,යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

    [Note: මම ඉස්සෙල්ලට කිවිවට වඩා සරලව කියන්නම්]

    මිවලපානේ හිමි දේශනා කොරන්නේ එච්චරයි. එතන සිංහල පරිවර්තනයක් පෙන්වලා නැහැ. එතකොට "පද නිරුක්ති" කතාවක් එතනට අවේ කොහොමද?

    දේශනාවයි, කරලා තියෙන දෝශාරෝපනය අතර කිසිම් සම්බන්දයක් නැහැ.


     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.

    ඒක තමයි තියන ලොකුම අනතුර... බුදු රජාණන් වහන්සේත් ඒක දේශනා කලානේ... බුද්ධ සාසනය විනාශ වෙන්නේ සාසනය තුලින්ම බිහි වෙන හිස් පුරුෂයන් නිසා කියලා..
    ධර්ම සංඝායනා පවා තියන්න උනේ ඒ නිසා නේ!
    ඉතින් ඒ කාලෙත් එහෙම නං, දැන් කවර කතාද...
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඒක තමයි තියන ලොකුම අනතුර... බුදු රජාණන් වහන්සේත් ඒක දේශනා කලානේ... බුද්ධ සාසනය විනාශ වෙන්නේ සාසනය තුලින්ම බිහි වෙන හිස් පුරුෂයන් නිසා කියලා..
    ධර්ම සංඝායනා පවා තියන්න උනේ ඒ නිසා නේ!
    ඉතින් ඒ කාලෙත් එහෙම නං, දැන් කවර කතාද...

    :yes::yes::yes:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,112
    851
    113
    බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.


    ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ වගේ ප්‍රශ්නයක් බුදු හාමුදුරුවන් ගෙන්.

    "ස්වාමිනි, කල්‍යාණ මිත්‍රයෝ ඉන්න එක යම් අවස්ථාවල වටිනවා නේද?", කියලා.

    ආනන්ද හාමුදුරුවෝ එහෙම අහන්නේ බුදු හාමුදුරුවෝ දීර්ඝ කාලයක් ඉදියි කියලා බලා පොරොත්තුවෙන්.

    බුදු හාමුදුරුවො දේශනා කරනවා මෙලස.

    "එහෙම කියන්න එපා ආනන්ද, බුදු සාසනය සම්පුර්ණයෙන්ම දිගු කල් පවතින්නේ කල්‍යාණ මිත්‍රයෝ නිසා"

    මේ දවස්වල බුදුන් සරණ යන්න විදියක් නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශනා කරන සිරි සද්ධර්මය පිරිසිදුව දීර්ඝ ලෙස පැවතෙන්නේ අරිය මාර්ගයේ ගමන් කරන් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් පමණයි.

    මට සහතිකයක් දෙන්න පුළුවන් එවන් පිරිසිදු සිරි සද්ධර්මය යලි මතු වි ඇති බව. මට සහතිකයක් දෙන්න පුළුවන් ඒ කල්‍යාණ මිත්‍රයා මිවලපානේ හිමි බව.

     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,112
    851
    113


    බුදු හාමුදුරුවෝ දේශනා කරනවා චතුරාර්‍ය සත්‍ය මෙලෙසින්.

    ජාතිපි දුක්ඛා - දුක හට ගන්නවා ඉපදීම අප්‍රිය කිරීම හෙයින්
    ජරාපි දුක්ඛා - දුක හට ගන්නවා මහලු වීම අප්‍රිය කිරීම හෙයින්
    බ්‍යාධිපි දුක්ඛො - දුක හට ගන්නවා රෝග වීම අප්‍රිය කිරීම හෙයින්
    මරණම්පි දුක්ඛං - දුක හට ගන්නවා මරණය අප්‍රිය කිරීම හෙයින්
    අප්පියෙහි සම්පයොගො දුක්ඛො - දුක හට ගන්නවා අප්‍රිය දේවල් සමග එක්වීම් හෙයින්
    පියෙහි විප්පයොගො දුක්ඛො - දුක හට ගන්නවා ප්‍රිය දේවල් සමග වෙන්වීම් හෙයින්
    යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - දුක හට ගන්නවා බලපොරෝතතු වන දේවල් නොලැබිම අප්‍රිය කිරීම හෙයින්
    සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා - දුක හට ගන්නවා පංචස්කන්දය උපදානය කර හෙයින්

    ඔතන මාගධී "මරණම්පි" වචනය හැදෙන්නේ මේ වගේ:
    මරණය අප්‍රිය -> මරණම්පි
    නමුත් මාගධී උච්ඡාරණය කරන්නේ දකුණ සිට වම් පැත්තට (<-). එතකොට "මරණය අප්‍රිය" පරිවර්තනය කල යුත්තේ "අප්‍රිය වූ මරණය" (->) ලෙස.

    එතන ජාතිපි, ජරාපි, බ්‍යාධිපි, අප්පියෙහි යන ආදී වචන සකස් වෙන්නේ මේ ආකාරයට. ඒ කියන්නේ යම් කිසි දෙයක දුක හට ගන්නේ අප්‍රිය හෝ ප්‍රිය හෝ ඒ දෙක අතර යම් කිසි මැනීමක් වු අවස්තාවක.

    සමහර අය දිවි නසා ගන්නවා උදාහරණයක් වශයෙන් ගත්තොත්. ඒ ගොල්ලෝ මරණය ප්‍රිය කරනවා දිව්‍ය ලෝකයට ඉක්මනින් යන බලාපොරොත්තුවට. එකයි මරාගෙන මැරෙන්නේ. ඒ අයට ජීවිතය සහමුලින්ම අප්‍රිය සහගතයි. ඒ ගොල්ලන් ජිවිතය අනිත්‍ය බව ප්‍රිය කරලා මැරෙනවා. නමුත් එතන වෙන්නේ "විභව තණ්හා". ඒ නිසා අනිත් පැත්තෙන් වදිනවා.

    මට ඔය youtube ධර්ෂණය කරල තියෙන එක්කෙනා මුණ ගැසුණා මිට පෙර මට හිතෙන විදියට. එයා ප්‍රශ්නයක් අහනවා "දුකට හේතුව ප්‍රිය අප්‍රිය බවද? අනිත්‍යතාවයද?" කියලා. -> මෙතන බලන්න

    එයා එහෙම අහන්නේ ප්‍රිය සහ අප්‍රිය සම්බන්දයෙන් මෙතන කරලා තියෙන විග්‍රහය නොදැන. එතන comments කොටසේ එයාට ඒක පැහැදිලි කරලා දෙන්න සිදු වුණා.



     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,112
    851
    113
    දැන් පාසල් සහ පන්සල් වල උගන්වන්න චතුරාර්‍ය සත්‍ය වැරදි එකක්. දැන් උගන්වන්නේ මේක.

    “මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.

    "ඉපදීම දුකය" -> නොවේ, මේක හරි පරිවර්තනය -> "දුක හට ගන්නවා ඉපදීම අප්‍රිය කිරීම හෙයින්". මේක විකෘති වුනේ ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙන ත්‍රිපිටකය බලාගෙන සිංහලයට පරිවර්තනය කර තිබෙන නිසා.

    “Now this, bhikkhus, is the noble truth of suffering: birth is suffering, aging is suffering, illness is suffering, death is suffering; union with what is displeasing is suffering; separation from what is pleasing is suffering; not to get what one wants is suffering; in brief, the five aggregates subject to clinging are suffering.

    එතකොට දැන් ලංකාවේ වෙන්නේ මොකක්ද? සුද්දා විකුර්ති කරපු ධර්මය හරි කියලා ඒක නිවැරිදි කරන්න හදන බුදුන් උපන් දේශයේ අරිහත් පල ලැබූ මිවාලපනේ හිමිට නින්දා අපහස, නිග්‍රහ කරනවා.