මී_දුවගෙ_විවාහය

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මී_දුවගෙ_විවාහය

මී දුවගෙ විවාහය

The-Mouses-Marriage-KIDS-Story-1.jpg


ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණවලින් ගොඩක් පොහොසත්. එ්ක නිසා මී අම්මයි, මී තාත්තයි එයාලගෙ එකම දියණිය ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

දවසක් මී තාත්තා, මී අම්මට කීවා, "අපිට ඕනේ අපේ දුව මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක අතිනත ගන්නවා දකින්න නෙමෙයිද?"

මී අම්මා උත්තර දුන්නා, "උසස්ම කෙනා එහෙනම් ඉර වෙන්න ඕනෑ. ඉර අහසෙ මුදුනෙ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා.."

ඉතින් දවසක් මී අම්මයි, මී තාත්තයි ඉර මුණගැහෙන්න ගියා.

"ඉර, අපි ආවෙ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න. ඔයාට පුළුවන්ද අපිට ටිකක් ඇහුම්කන් දෙන්න.. මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයයි. ඔයා කැමතිද අපේ දුව එක්ක විවාහ වෙන්න. අපේ දුව ගුණ යහපත්කම් වලින් පිරිපුන් අවංක කෙනෙක්. අපිට ඕනෙ එයාට මේ ලෝකෙ ඉන්න හොඳම මනමාලයාව හොයල දෙන්න.."

The_Mouses_Marriage_KIDS_Story_3.jpg


ඉර උත්තර දුන්නා. "හ්ම්..... මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා මම නෙමෙයි. එ් තමා වලාකුළ. මම කොච්චර මහන්සි වෙලා මුළු ලෝකෙම එළිය කරත් වැඩක් නෑ. වලාකුළක් ආව ගමන් මාව ඉබේටම හැංඟනවා.."

ඉරෙන් වෙන්වුණ මී අම්මයි, මී තාත්තයි වලාකුළ හම්බෙන්න යන්න පිටත් වුණා.

The_Mouses_Marriage_KIDS_Story_4.jpg


"වලාකුළ, අපිට දැනගන්න ලැබුණා මේ ලෝකෙ ඉන්න උසස්ම පුද්ගලයා ඔයා කියලා.. එ්කයි අපි ආවෙ ඔයාගෙන් අහන්න, අපේ එකම දුවව මනමාලියක් විදිහට බාරගන්න කැමතිද කියලා.."

"අනේ නෑ.. ! මම නෙමෙයි මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා.." වලාකුළ උත්තර දුන්නා. "මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා තමා සුළඟ.. මට පුළුවන් මුළු අහසම වසාගෙන පැතිරෙන්න. එ්ත් පුංචි හරි හුළඟක් හැමුවොත් මගෙ සලකුණක්වත් ඉතුරු නොවී මාව ඈතටම ගහගෙන යනවා.."

වලාකුළෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි ඊළඟට ගියා සුළඟ හම්බවෙන්න.

"සුළඟ. අපිට ආරංචි වුණා මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද අපේ එකම දියණියගෙ අත ගන්න.. ?"

"බොහොම ස්තූතියි, ඔයාලගේ කාරුණික ඉල්ලීමට.." සුළඟ උත්තර දුන්නා. "ඒත් මට වඩා හොඳ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනෙ.."

The_Mouses_Marriage_KIDS_Story_2.jpg


"කවුද එ්?" මී අම්මයි, මී තාත්තයි ඇහුවා.

"එ් තමයි බිත්තිය. මම කොච්චර වේගෙන් හැමුවත් මට බෑනෙ එයාව විනාශ කරන්න.."

මී අම්මයි, මී තාත්තයි බිත්තිය හම්බවෙන්න ගියා.

"බිත්තිය කරුණාකරලා අපේ දියණිය ඔයාගෙ මනමාලි විදිහට බාරගන්න.. අපිට ඕනෙ අපේ එකම දියණිය මේ ලෝකෙ ඉන්න උසස්ම කෙනා එක්ක විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නවා දකින්න.."

"අනේ! අනේ! මී අම්මෙ.. මී තාත්තෙ.. ඔය දෙන්නට ගොඩක් වැරදිලා.." බිත්තිය උත්තර දුන්නා. "මේ බලන්න මං දිහා.. ඔයාලා එකමුතුවෙලා කරන වැඩ නිසා මාව හිල් වලින් පිරිලා.. මේ ලෝකෙ ඉන්න උසස්ම, බලවත්ම අය මීයො වෙන්න ඕනෙ"

The_Mouses_Marriage_KIDS_Story_5.jpg


"ඇත්තටම ඔය දේ මීට කලින් අපිට හිතුනෙ නෑනේ.."

බිත්තියෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි යන්න ගියෙ සිනාසෙමින්.

"බලන් යද්දි මේ ලෝකෙ ඉන්න උසස්ම අය අපිනෙ. අපි අපේ දුවව එහා ගෙදර මී පුතාට යෝජනා කරමු.. දෙන්නට දෙන්න කැමති වුණොත් එයාලා ජීවිත කාලෙටම සන්තෝසෙන් ඉඳීවි..."

ටික දවසකට පස්සෙ මී මනමාලියි, මී මනමාලයයි විවාහ වුණා. දවස් තුනක් තිබ්බ විවාහ උත්සවයෙන් පස්සෙ අලුත් ජෝඩුව අලුත් ගෙදරකට ගිහිල්ලා ගොඩක් සන්තෝසෙන් කල් ගෙව්වා.

[ජපන් ජන කතාවක් ඇසුරිනි.]
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,620
    1,560
    113
    oya kathawe iwarayak ne,, meeya kanawa puusa puusa kanawa balla,,, etc etc :lol:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මූට අමු කැවිලද? යස අගේට මහින්දෙ පුක ඉබ ඉබ හිටිය කොල්ල... අපොයි
    :eek::eek::eek: