මුගටි බලකායක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලොවම මවිත කරවන සටන් බලකායක්​
    :yes::yes:

    2-4.png


    1-5.png
    දක්ෂතා සහ කුසලතා වලින් ලොව හොදම ආරක්ෂක හමුදාවක් ශ්‍රී ලංකාව සතුවෙයි. ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ ලෝකයේ එකම ආරක්ෂක හමුදාව ශ්‍රී ලංකාව සතු වීමේන් ඒ බව තහවුරු වෙයි.

    මෙලෙසින් යුද දක්ෂතා වලින් ලොවම මවිත කළ අපේ රණවිරුවන් ලොවම මවිත කරනා තවත් ක්‍රියාවක් ආරම්භ කර තිබේ. එනම් පුපුරණ ද්‍රව්‍ය වැනි දේ සොයා ගැනීමට මුගටියන් පුහුණු කිරීමටයි. මෙම පරීක්ෂණය මෙතෙක් ලොව කිසිදු හමුදාවක් විසින් සිදු කර නැත.

    ඉංජිනේරු රෙජිමේන්තුව යටතේ වන 14 වැනි රසායනික ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික රෙජිමේන්තුව යටතේ මුගටියන් යොදා වෙඩි ද්‍රව්‍ය සොයා ගැනීමේ ඛණ්ඩය ආරම්භ වී ඇත්තේය.

    මෙරට තුළ මෙම කාර්ය භාරය සඳහා සුනඛයන් යොදාගැනුණු අතර නව පර්යේෂණය සඳහා මුගටියන් යොදා ගන්නට තීරණය කරන්නේ මුගටියාට අන් සතුන්ට වඩා සිරස් අතට පවා ඉව කිරීමේ හැකියාව වැඩි බවට හඳුනාගත් නිසාය. සුනඛයන් යොදා ගැනීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කරන්නට මුල පිරෙන්නේ ලෝකයේ පළමු වරටය.

    සුනඛයන්ටත් වඩා බුද්ධි මට්ටමින් වැඩි මුගටියා ශ්‍රී ලංකාවේ ඕනෑම පරිසර තත්ත්වයකදී වුව භාවිත කළ හැකි සතෙකි. ජනාකීර්ණ තැන්වලදී පවා පහසුවෙන් ප්‍රවාහනය හා මෙහෙයුම් සඳහා යොදාගත හැකිවීමත්, හීලෑ කිරීම පහසු වීමත් මුගටියා තෝරා ගන්නට පාදක වූ අනෙක් කාරණාය.

    මෙම පර්යේෂණයේදී මෙරට සිටින මුගටින් වර්ග අතරින් අළු මුගටියා ඉව සොයාගෙන යෑමේ විශේෂිත හැකියාවක් ඇති සතකු බවත් ඉන් ගැහැනු සතා පුහුණු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැකි බවත් හඳුනා ගැනෙන්නේය.

    පුපුරන ද්‍රව්‍ය සෙවීමට සුනඛයන්ට සීමාන්විත තිබුණේය. ඒ සිරස් අතට ඉව අල්ලන්නට නොහැකි වීමය. එයට විසඳුමක් ලෙස මුගටියා තෝරාගෙන කාම්බෝජය ඇතුළු රටවල් බෝම්බ සෙවීමට සොයාගත් අත්දැකීම් මෙම පර්යේෂණයට යොදා ගැනුණේ මේජර් ජෙනරාල් රේණුක රොවෙල් යටතේ වන කණ්ඩායමෙනි.

    මුගටියන් හීලෑ කිරීම ඇතුළු මුගටියන්ගේ ආයු කාලය, මුගටින් වර්ග මොනවාද? මුගටියාගේ ගති පැවතුම් මොනවාද, කොපමණ කලක් පුහුණු කළ යුතුද යන්න අධ්‍යයනය කිරීම සඳහා මූලික පුහුණුවට සහාය ගනු ලැබුවේ දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවය කරන උපදේශකයකු වූ ප්‍රේමසිරිගෙනි.

    වසර පහළොවක පමණ ආයු කාලයක් ඇති මුගටියාගෙන් වසර දහයක් පමණ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමේ ක්‍රියාන්විතවලට යොදාගත හැකි බවද අනාවරණය වන්නේ මෙකී අධ්‍යයනයේදීය. අළු මුගටියා මෙම කාර්යය සඳහා විශේෂිත හැකියාවක් ඇති වගද මෙම පර්යේෂණයේදී අනාවරණය විය.

    හීලෑ කරගත් පසුව මිනිසුන්ට ලැදියාවක් දක්වන මුගටියන් ළමාවියේදී හීලෑ කරගැනීම පහසු මෙන්ම සුනඛයන්ට වඩා බුද්ධි මට්ටමින් වැඩි බවද පුහුණුවීම්වලදී පසක් වූයේය.

    මෙය නව පර්යේෂණයක් බැවින් පර්යේෂණ කණ්ඩායම මුලදී ගැටලු රැසකටම මුහුණ දුන්නේය. මුගටියන් අල්ලා ගැනීම, කූඩු කිරීම, හසුරුවන්නන් පුහුණු කිරීම මෙන්ම මුගටියන් හීලෑ කිරීමත් අවනත කිරීමේ පුහුණුවත් මුලදී දුෂ්කර එකක් වූයේය.

    කැලෑ සතුන් නිසා ජලභීතිකා ප්‍රතිශක්තිකරණය කිරීමත් වැදගත් වූයේ මුලදී මුගටියන් විසින් හසුරුවන්නන් සපා කෑමට පවා පුරුදු වූ නිසාය. අල්ලාගෙන පැමිණි මුගටියන් පැන යන්නටද වූයේය.

    මුලදී කැලෑවලින් අල්ලාගත් මුගටියන් පුහුණු කරවීම අසීරු කාරණයක් විය. කෙසේ වෙතත් මේ වනවිට එම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්ව තිබේ.​
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් අාසාවක් තියෙනව කාලෙක ඉදන්
    ඒත් අල්ලගන්න බෑනෙ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මටත් අාසාවක් තියෙනව කාලෙක ඉදන්
    ඒත් අල්ලගන්න බෑනෙ

    Train karanna amarui ban. Mama podi kale mugatiyek haduwa. Dawasak gedara maslu kapaddi mu maalu ekata avith ain karanna gihin maawa kaawa. Passe allala kuduwata damnama panala giya. Para haththa.:angry:
     

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    මේක නම් පට්ට වැඩක්. මම දැක්කා පිට රටක මීයෝ පාවිච්චි කරලා පුපුරණ ද්‍රව්‍යය හොයනවා.