මුදල් අච්චු ගහමුද ?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මුදල් අච්චු ගහමුද ?

    තේරෙන සිංහලෙන් (උපුටාගැනිමකි)

    අපිට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්‍රණය කරලා කොරෝනාවෙන් ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න එහෙම නැත්තම් අන්ත අසරණ දරිද්‍රතාවයෙන් පෙළෙන අයට කන්න දෙන්න .
    ඉතින් මෙහෙම ප්‍රශ්ණයක් මාතෘකාවක් වෙන සෑම විටකම ආර්ථික විශේෂඳයෝ කියන්නේ 'උද්ධමය ඉහල යනවා'.කථාව එතනින් ඉවරය.කාලෙන් කාලෙට ඇදලා ගන්නා මාතෘකාවක් නිසා මට හිතුනා පොඩ්ඩක් එලියට ඇදලා ගන්න 'ලේමන් ටම්ස්(layman terms)' වලින්,

    මුලින්ම මුදල් මොකක්ද කියලා හදුනා ගන්න ඕනා.

    ඇත්තටම මුදල් වලට ස්වායත්ත(inherent) අගයක් නැහැ.මුදල් වලට අගයක් තියෙනවා කියල අපි සලක්නේ මුදල් වලින් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් හින්දා විතරයි මේකට කියන්නේ ටින්කර්බෙල් ඉෆෙක්ට්(tinkerbell effect) කියලා.ඒ කියන්නේ ඔබ නිකන් හරි රොබින්සක් කෘසෝ වගේ දූපතක ඩොලර් බිලියනයක් එක්ක හිරවුනොත් ඩොලර් බිලියනයෙන් කරන්න පුලුවන් හොදම දේ තමා සීතලට ගිනි ගොඩක් ගහ ගන්න එක.

    ඉතින් මුදල් ආකාර තුනක් තිබිලා තියෙනවා මේ දක්වා.

    පලවෙනි එක තමා භාණ්ඩ මුදල්(commodity money).ඒ කියන්නේ කුළුබඩු, අශ්වයින්, ආයුධ,රත්තරන් හා රිදී යන භාණ්ඩ වල වු විරල ලක්ෂණය නිසා ඒවා භාණ්ඩ මුදල් වුණා.

    දෙවැනි එක තමා නියෝජක මුදල්(representative money) .ඒ කියන්නේ රත්තරන් හා සිල්වර් වැනි භාණඩ සැම තැනම අරන් යන්න අමාරු භාණ්ඩ බැන්කුව වැනි තැනක තියලා අදාළ තැනෙන් දෙන කුවින්තාසිය මුදල් විදියට භාණඩ මිල දී ගැනීමට පාවිච්චිකරලා අන්තිමට කුවින්තාසිය එන පුද්ගලට පුලුවන් එය බැන්කුවෙන් හෝ අදාළ තැනෙන් පිරිමුදාගන්න.ඇත්තටම රත්තරන් නියෝජක මුදල් ගොඩක් වැදගත් වුණා රටවල් අතර විනිමය අනුපාතය නිවැරිදිව ගණනය කරන්න.උදාහරණ වශයෙන් ශ්‍රී ලන්කාවේ 24 රත්තරන් ග්‍රෑම් එකක් අද රු.10,388 නම් එය ඇමරිකාවේ ඩොලර් 54.17 නම් එක ඩොලර් එකක් වෙන්නෙ රු.10,388/54.75.ආසන්න වශෙයෙන් රු.192 කි.මීට දශක ගණනාවකට පෙර එම අගය රු.4.7 කි.(දෙවන රූපය)

    නමුත් අද වන විට ලෝකයේ සියළුම රටවල පාවිච්චිකරන්නේ 'ෆියට් මුදල්'(fiat money).ෆියට් මුදල් වලට පදනම් වැටිලා තියෙන්නේ ෆියට් මුදල් වල අගය ආණ්ඩුව පවත්වාගෙන යැයි ජනතාව තුල තිබෙන විශ්වාසය මතයි.ඉතින් අද 'ෆියට් මුදල්' රත්තරන් හෝ සිල්වර් යන කිසිම දෙයකින් තහවුරු(backup) කරලා නැ.

    ඉතින් ප්‍රශ්ණයට 'තවත් මුදල්(fiat money) මුද්‍රණය කරොත් කොහොමද උද්ධමය වැඩිවෙන්නේ'?

    මුලින් උද්ධමය කියන්නේ කෙටියෙන් භාණ්ඩ හා සේවා වල මිල ඉහල යාමත් ඊට සාපේක්ශව භාණඩ හා සේවා මිලට ගැනීමට තියෙන මුදල්(fiat money) වල අගය පහළ යෑමත් වේ.

    ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් තමා 'සැපයුම(supply)' වැඩිවුනාම 'ඉල්ලුම(demand) කඩන් වැටෙනවා.ඒක හින්දා මිල අඩු වෙනවා.ඉතින් ආර්ථිකයේ තවත් රුපියල් මුදල් කෘතිමව වැඩිවෙනවා කියන්නෙ රුපියලේ අගය අඩු වෙනවා කියන එක.ඒකෙන් වෙන්නේ අනිත් රටවල් වල මුදල් වලට උදාහරණ වශයෙන් ඩොලර් , පවුම් , යුරෝ වැඩියෙන් රුපියල් මිලදී ගන්න පුළුවන් ඩොලර්, පවුම් , යුරෝ හුවමාරුවෙන්.

    ඊළගට වෙන්නේ භාණ්ඩ වල මිල ඉහල යන එක.ඒ කොහොමද?

    ආර්ථිකයේ වැඩිපුර රුපියල් තියෙන කොට භාණ්ඩ හා සේවා වල ඉල්ලුම් චක්‍රය(demand curve) ඉහල යාමයි.නමුත් මේ ඉහල යාම ආර්ථික ප්‍රතිදාන(output) ඉහල යාමකින් සම්තුලිත වෙන්නේ නැත්තම් භාන්ඩ හා සේවා වල අහය ඉතම ඉහළ යයි.හරි මේක තේරෙන බාසාවෙන් එලියට අදින්නම්.

    හිතන්න ලොකු කැලයක මිනිස්සු 4ක් ඉන්නවා කියලා.එක එක මනුස්සයා ගාව පිලිවෙලින් කෙහෙල් ගෙඩි 15, ඇපල් 15, අඹ 15 හා අන්නාසි 15 ක් තියෙනවා.මේ හැම පළතුරකම අගය සමානයි.ඒ කියන්නේ එක කෙසෙල් ගෙඩියක අගය සමානයි එක ඇපල් ගෙඩියකට සමානයි එක අඹ ගෙඩියකට සමානයි එක අන්නාසි ගෙඩියකට.මෙහෙම වෙද්දී එක පාරට කට්ටියම හොයා ගන්නවා අලුත් ඇප්ල් ගෙඩිම තියෙන කැලයක්.එතකොට ඇපල් වල 'නාමික අගය' වැඩි වෙනවා මොකද ඇපල් ගෙඩි ගණන එක පාරටම වැඩි වුණ හින්දා නමුත් ඇපල් ගෙඩියක 'නියම අගය' පහළ යන්නේ ඇපල් වලට තියෙන සැපයුම(supply) අතිශයින්ම වැඩි වූ හින්දා(ඇපල් කැළය හොයා ගැනීමත් සමග ).

    ඉතින් දැන් වෙන්නේ ඇපල් වල සැපයුම වැඩි වූ හින්දා ඉල්ලුම(demand) ඉතා අඩු අඩු වීමයි.ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ කෙහෙල් , අඹ හා අන්නාසි වලට තියෙන ඉල්ලුම වැඩි වීමයි.එතකොට වෙන්නේ ඇපල් ගෙඩි 15කම අගය කෙසෙල් ගෙඩියක් , අඹ හෝ අන්නසි ගෙඩියක අගයට සමාන වීමයි.(ඇපල් කැලය හොයා ගැනීමට කලින් හැම පළතුරකම අගය සමානයි )

    ඉතින් මේකේ මිනිසුන් 4 දෙනා වෙනුවට රටවල් 4කුත් , ඒ ඒ පලතුරු වෙනුවට ඒ ඒ රටවල මුදල් ඒකකය්ත් , ඇපල් කැලය වෙනුවට අළුතින් මුද්‍රණය කල මුදල් ප්‍රමාණයත් ආදේශකරලා බලන්න එතකොට තේරෙයි රටවල් වලට ඇත්තටම බැරිද තවත් මුදල් මුද්‍රණය කරන්න කියලා කොරෝනාවෙන් ආර්ථික අවපාතයක් ආවොත් ආර්ථිකය ස්ථාවර කරගන්න.

    ඉතින් මේ සරල ආර්ථික තියරිය පවා කුණු කූඩෙට දාල කෙලකරව ගත්ත රට වල් තියෙනවද ලොකේ?

    ඔව්.බලයෙන් මුසපත් වුනාම පාලකයෝ හිතන්නේ තමන් දෙවියන් කියාය. ආර්ථික විද්‍යාඥයා ඔවුන්ගේ පයට පෑගෙන දූවිල්ලකටවත් වටින්නේ නැතය.

    ඉතින් සිම්බාබ්වේ 2008 දී විතර ආර්ථිකය බේරගන්න මෙහෙම මුදල් මුද්‍රණය කල නිසා උද්ධමනය 6.5% සෙක්ටිලියන්(බින්දු 21) වුණා කියලා තමා වාර්ථා වෙන්නේ.ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වල අගය පැය විසිහතරෙන් හතරට දෙගුණ වුනා.අන්තිමට එරට රජය 100 ට්‍රිලියන් ඩොලර් නෝට්ටුත් අච්චු ගැහුවා උද්ධමනය නවත්ත ගන්න(කිරි පැකට් එකක් ගන්න සල්ලි මලු ගණන් අරන් යන්න වුණා).උද්ධමනය නීතිවිරෝධී ත් කරලා බඩු වැඩියෙන් විකුණන අයව හිරෙත් දැම්මා.පසුව සිම්බාබ්වේ ඩොලරය එරට රජය විසින් අහෝසි කරා.

    මේ වගේම දෙයක් වුණා හන්ගේරියාවේ 1946 ගණන් වල.උද්දමනය 41% ක්වොඩ්‍රිලියන්(බින්දු 16ක්) වුණා.හන්ගේරියාවේ මුදල් ඒකකය වුනේ 'පෙන්ගො(pengo)'.අන්තිමට උද්ධමනය පාලනය කරන්න 100 මිලියන බිලියන පෙන්ගො නෝට්ටුවත් මුද්‍රණය කරා.අනිතිමට එම මුදල් ඒකකය අහෝසි කරන්න කලින් රටේ ම තිබ්බ ඔක්කොම මුදල් එකතු කරත් වටිනාකම වුනේ ඇමරිකානු ඩොලරයෙන් 1/100 ටත් වඩා අඩු අගයක්.

    ඉතින් සාමන්‍යයෙන් යහපත් උද්ධමන අගයක් වන 3% පවතින රටක භාණඩ හා සේවා වල මිල දෙගුණයක් වීමට අවම වශයෙන් අවුරුදු 20ක් වත් යනවා.ඉතින් අපේ රටේ මේ අගය මාර්තු මාසයේ වුනේ 5.4%.ඉතින් මේ අගය මේ අගයෙම හෝ ඊට වඩා හොද අගයක කොරෝනාවෙන් පසුද පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වනු ඇත.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් ඔය ආර්ථික විද්‍යා ව දන්නේ නෑ... මගේ ෆිඑල්ඩ් එක නෙමෙයි.....

    මුදල් අච්චු ගැහුවම උද්දමනය වැඩි වෙනවනේ නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උද්දමනය වැඩි වෙද්දී $ එකේ අගය වැඩි වෙන්න ඕන නේද ....සාමාන්‍යයෙන්?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මම නම් ඔය ආර්ථික විද්‍යා ව දන්නේ නෑ... මගේ ෆිඑල්ඩ් එක නෙමෙයි.....

    මුදල් අච්චු ගැහුවම උද්දමනය වැඩි වෙනවනේ නේද?

    අර්ථික ඔස්තාර් ල වෙන්න ඕනි නෑ...
    common sense තියනවනම් ඕක සලරව තේරුම් ගන්න පුලුවන්..

    මෙහෙම හිතපන්...
    ලංකාවට ඩොලර් 100ය් තියේන්නේ...

    ඒකට රුපියල් 100ක් වටිනාකමට සල්ලි print කරනවා
    $100 against Rs100

    $1 = Rs1

    උඹ ආයේත් රුපියල් 100ක් print කරනවා ඩොලර් හම්බ කරන්නේ නැතිව
    $100 against Rs200

    $1 = Rs2

    අර හදුන්නෙත්තියා බර වචනයෙක් කිව්වේ...
    සල්ලි ගිණුමට වැටුනොත් පැය 24 print කරන්න පුලුවන් කියලා..

    කරුමේ කියන්නේ පාර්ල්මේන්තිවේ ඇමතිකම් ගන්න ඉන්න එවුන් තව බලං ඉන්නව නැවෙන් සල්ලි එනකන්

    • Like
    Reactions: krizta

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර්ථික ඔස්තාර් ල වෙන්න ඕනි නෑ...
    common sense තියනවනම් ඕක සලරව තේරුම් ගන්න පුලුවන්..

    මෙහෙම හිතපන්...
    ලංකාවට ඩොලර් 100ය් තියේන්නේ...

    ඒකට රුපියල් 100ක් වටිනාකමට සල්ලි print කරනවා
    $100 against Rs100

    $1 = Rs1

    උඹ ආයේත් රුපියල් 100ක් print කරනවා ඩොලර් හම්බ කරන්නේ නැතිව
    $100 against Rs200

    $1 = Rs2

    අර හදුන්නෙත්තියා බර වචනයෙක් කිව්වේ...
    සල්ලි ගිණුමට වැටුනොත් පැය 24 print කරන්න පුලුවන් කියලා..

    කරුමේ කියන්නේ පාර්ල්මේන්තිවේ ඇමතිකම් ගන්න ඉන්න එවුන් තව බලං ඉන්නව නැවෙන් සල්ලි එනකන්

    උද්දමනය වැඩි වෙද්දී $ එකේ අගය වැඩි වෙන්න ඕන නේද ....සාමාන්‍යයෙන්? ලංකාවේ සල්ලිත් හෝ ගාල අච්චු ගහනවානම්

    ඉතින් ලංකාවේ $ අගය රුපියලට සාපේක්ෂව අඩු වෙන්නේ ඇයි මචන් ?
     
    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උද්දමනය වැඩි වෙද්දී $ එකේ අගය වැඩි වෙන්න ඕන නේද ....සාමාන්‍යයෙන්? ලංකාවේ සල්ලිත් හෝ ගාල අච්චු ගහනවානම්

    ඉතින් ලංකාවේ $ අගය රුපියලට සාපේක්ෂව අඩු වෙන්නේ ඇයි මචන් ?

    මම කලින් උදාහරණය කිව්වේ සරලව..
    උඹට ඕකට උත්තර දෙන්න ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනී..

    අර මගේ මුලින් උදාහරණය බලන්න

    උඹ ආයේත් රුපියල් 100ක් print කරනවා ඩොලර් හම්බ කරන්නේ නැතිව
    $100 against Rs200
    $1 = Rs2

    ඒකේ රුපියල් 200කරපු print කරපු ගමන් ඕක වෙනෙන නෑ.. ඕක ඇත්තටම වෙන්නේ මිනිස්සු ඔක්කොම Rs200 එක පාර දීල කියනව මට ඩොලර් දෙන්න කියලා. එතකොට උඹට දෙන්න තියේන්නේ ඩොලර් 100. ඒක නිසා රුපියල චොර වෙනවා. රුපියලේ අඩු කරනවා.. උඹ කියනව අහ් දැන් ඩොලර් එකක් රුපියල් 2ය් කියලා..

    ඒක වලක්වන්න තමයි රජය පුලුවන් තරම් import restrict කරන්නේ. සමහර import කරන HS code වලට suppliers ලගෙන් මාස 6ක credit ඉල්ලන්න කියන්නේ. Economy එක open කරපු ගමන් කෙල වෙනවා print කලානම්..

    ආයෙත් එනවා හදුන්නෙත්තියා කිව්ව වගේ ආධාර හම්බවෙලානම්... එහෙම කලාට print අවුලක් නෑ.. රෝහිත වගේ නැවක් එනකන් ඉන්න ඕනි නෑ..

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,981
    22,003
    113
    ගම මහනුවරයි
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:

    :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මම කලින් උදාහරණය කිව්වේ සරලව..
    උඹට ඕකට උත්තර දෙන්න ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනී..

    අර මගේ මුලින් උදාහරණය බලන්න

    උඹ ආයේත් රුපියල් 100ක් print කරනවා ඩොලර් හම්බ කරන්නේ නැතිව
    $100 against Rs200
    $1 = Rs2

    ඒකේ රුපියල් 200කරපු print කරපු ගමන් ඕක වෙනෙන නෑ.. ඕක ඇත්තටම වෙන්නේ මිනිස්සු ඔක්කොම Rs200 එක පාර දීල කියනව මට ඩොලර් දෙන්න කියලා. එතකොට උඹට දෙන්න තියේන්නේ ඩොලර් 100. ඒක නිසා රුපියල චොර වෙනවා. රුපියලේ අඩු කරනවා.. උඹ කියනව අහ් දැන් ඩොලර් එකක් රුපියල් 2ය් කියලා..

    ඒක වලක්වන්න තමයි රජය පුලුවන් තරම් import restrict කරන්නේ. සමහර import කරන HS code වලට suppliers ලගෙන් මාස 6ක credit ඉල්ලන්න කියන්නේ. Economy එක open කරපු ගමන් කෙල වෙනවා print කලානම්..

    දැන් උඹ කියන්නේ ආණ්ඩුව දැලි පිහියෙන් කිරි කෑවට ලස්සනට ගේම ගහනවා කියලනේ ;););)

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දැන් උඹ කියන්නේ ආණ්ඩුව දැලි පිහියෙන් කිරි කෑවට ලස්සනට ගේම ගහනවා කියලනේ ;););)

    ඕකේ ලස්සන තියෙනෙන මෙතන. :lol::lol:

    කලින් කිව්ව වගේ ඔක්කොම දේවල් මාස 6කින් settle කලොත් ඉල්ලුම වැඩි වෙලා රුපියල කෙල වෙලාම යනව...

    අනිත් පැත්තෙන් ඊට කලින් ඡන්දය තියාගත්තාම අවුලක් නෑ

    මෙහෙම short term games මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු නිසා තමයි තමයි ඩොලර් එක රුපියල් 186 වෙනකන් වැඩි උනේ...

    මිනිස්සු බයියෝ, ටොයියෝ ජෙප්පෝ විදියට මරාගන්නේ නැතිව එකතු වෙලා පත් කරන ආණ්ඩු වලින් මේවයි අහන්න ඕනි.. කොහොමද මේක විසදන්නේ කියලා....

    • Like
    Reactions: Master malli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකේ ලස්සන තියෙනෙන මෙතන. :lol::lol:

    කලින් කිව්ව වගේ ඔක්කොම දේවල් මාස 6කින් settle කලොත් ඉල්ලුම වැඩි වෙලා රුපියල කෙල වෙලාම යනව...

    අනිත් පැත්තෙන් ඊට කලින් ඡන්දය තියාගත්තාම අවුලක් නෑ

    මෙහෙම short term games මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු නිසා තමයි තමයි ඩොලර් එක රුපියල් 186 වෙනකන් වැඩි උනේ...

    මිනිස්සු බයියෝ, ටොයියෝ ජෙප්පෝ විදියට මරාගන්නේ නැතිව එකතු වෙලා පත් කරන ආණ්ඩු වලින් මේවයි අහන්න ඕනි.. කොහොමද මේක විසදන්නේ කියලා....

    Short Term games Link http://www.elakiri.com/forum/showthread.php?t=1937579 එක....

    මේකයි බන් .....මේ වෙලාවේ ඕක කරන්නේ නැතුව වෙන කරන්නම දෙයක් තිබුනේ නෑ කියන එක තමයි මගේ මතය....වෙන දෙයක් කරන්න පුළුවන් ආන්ඩුවකුත් නෙමෙයි ලැබුනේ.....

    ඕක වවාගෙන කන්නේ නැතුව හරියට ගේම ගැහුවොත් හරි....

    කට්ටි වලට බෙදිලා මරගන්න්නේ නැති එක අනුමත කරනවා....ඒත් උඹ දැක්කනම් Aus වල විපක්ෂේ මේ වෙලාවේ කොහොමද හැසිරුනේ කියල ...ලංකාවේ විපක්ෂේ ගැන දුක හිතෙනවා.....ඔන්න ඔතන තමයි තියන එකම වෙනස් කම.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Short Term games Link http://www.elakiri.com/forum/showthread.php?t=1937579 එක....

    මේකයි බන් .....මේ වෙලාවේ ඕක කරන්නේ නැතුව වෙන කරන්නම දෙයක් තිබුනේ නෑ කියන එක තමයි මගේ මතය....වෙන දෙයක් කරන්න පුළුවන් ආන්ඩුවකුත් නෙමෙයි ලැබුනේ.....

    ඕක වවාගෙන කන්නේ නැතුව හරියට ගේම ගැහුවොත් හරි....

    කට්ටි වලට බෙදිලා මරගන්න්නේ නැති එක අනුමත කරනවා....ඒත් උඹ දැක්කනම් Aus වල විපක්ෂේ මේ වෙලාවේ කොහොමද හැසිරුනේ කියල ...ලංකාවේ විපක්ෂේ ගැන දුක හිතෙනවා.....ඔන්න ඔතන තමයි තියන එකම වෙනස් කම.....

    ලංකාවේ අර්ථිකය ඕවත් එක්ක එක පාර compare කරන්න බැහැ. උඹේ ඔය ත්‍රේඩ් එකේ ඉන්දියාව ප්‍රින්ට් කලා කියනවා නෑද? ඩොලර් ඕනි නෑ ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියල ඉස්සරහා මේ කොහොමද බාල්දු උනේ බලන්න. උඹ ඔය කියන රටවල් සෙට් එකේම අපේ එක්ක කොහොමද අවුරුදු ගානේම වෙනස් උනේ බලන්න..

    උඹ අපේ රුපියල බාල්දු වෙච්ච හැටි දකියි ගොඩක් තැන් වල.

    වෙන මුකුත් කරන්න දෙයක් නෑ?
    මේ වෙලාවේ රුපියල පාවෙන්න දුන්නොත් මොකද වෙන්නේ?

    ඡන්දයට කෙල වෙනවා. මොකද මිනිස්සුන්ට මාස 6කින් කෙල වෙන එක පෙනුනේ නැති උනාට. ඇස් දෙකට රුපියල බාල්දු වෙන එක පේනවා..

    ලංකාවේ විපක්ශයට කොහොමද කටක් ඇරල මෙහෙම කතා කරන්නේ... උන් කරන්නෙත් ඒකමනේ :lol: විපක්ෂය ඕනි නෑ.. ආණ්ඩුවේ අර රෝහිත කතා කරපු හැටි උඹ දැක්කනේ. චන්දිම වීරක්කොඩි කතා කරපු හැටි දැක්කනේ

    ඔය අපි පත් කරපු එවුන්ගේ තරම මචං

    ඒකනේ මම කිව්වේ අවුරුදු ගානක් ඔහොම දේවල් කරපු නිසා තමයි රුපියල 186 උනේ. ඕක හාර අවිස්සුවොත් ගොඩාක් හේතු කියයි හැම ආණ්ඩුවම...

    Last edited:

    රැපියල ගොඩ දාන්න උබේ සගෙෂන් මොනවද
     
    උනුයි අපියි compare කරන්න දෙයක් නෑ බන්...උනුත් short term game ගහුව අපිත් ගැහුවා....

    මේ වෙලාවේ කරන්න පුළුවන් හැමදේම කළා...ඔය පාර්ලිමේන්තුවේ ගොන්නු කතාකරන දේවල් තේරුමක් නෑ.....

    එකම දේ මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක දැන් කතා කරන්න ඕනේ...නැතුව ජෙප්පෝ වගේ ඉඳි කට්ටක් අල්ලන් ලොකු කරගන්න හදන එක නෙමෙයි.....දැක්කනේ ලපය චේතිය පච ගහල චා උන හැටි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එතකොට බං. ලංකාව ගත්තොත් එහෙම පසුගිය අවුරුදු 20 ත භාණ්ඩ හා සේවා මිල 4 ගුණයකින් විතර වැඩි වෙලා නේ..?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උනුයි අපියි compare කරන්න දෙයක් නෑ බන්...උනුත් short term game ගහුව අපිත් ගැහුවා....

    මේ වෙලාවේ කරන්න පුළුවන් හැමදේම කළා...ඔය පාර්ලිමේන්තුවේ ගොන්නු කතාකරන දේවල් තේරුමක් නෑ.....

    එකම දේ මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක දැන් කතා කරන්න ඕනේ...නැතුව ජෙප්පෝ වගේ ඉඳි කට්ටක් අල්ලන් ලොකු කරගන්න හදන එක නෙමෙයි.....දැක්කනේ ලපය චේතිය පච ගහල චා උන හැටි

    ඒක හරියට අල්ලපු ගෙදර එකා ලීස් එකක් දාල වාහනයක් ගත්තා.. මාත් ඒකම කරම. පොරගේ රස්සාවේ income ගාන මගේ income ගාන. පොරගේ වෙන investment ගැන මම මුකුත් compare කරන්නේ නෑ වගේ.

    අන්තිමේ ලීස් ගෙවාගන්න බැරිව වාහනේ උස්සන් යද්දි හිඟා කන්න වෙන්නේ. ඔය කියන රටවල් වල currency එකට against අපේ එක කොච්චර බාල්දු වෙලා කියන එක පේන්නේ නැද්ද? :rolleyes:

    පාර්ලිමේන්තුව ගැන කතා කරලා වැඩක් නැත්තේ මොකද?
    පාර්ලිමේන්තුවෙන් රටේ ගොඩක් දේවල් තීරණ ගන්නේ

    ජෙප්පො වැඩක් නෑනේ බං උන්ට තියෙන්නේත් 6යි. ගිය පාර ඡන්ද තියෙන්නේ 3%
    උඹ ජෙප්පො කියන ඒවට ඔහොම සැලෙන්න එපා පාර්ලිමේන්තුවේ 219ක් ඉන්නව උං 6දෙනාට අමතරව.

    • Like
    Reactions: Challenger SRT8

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රැපියල ගොඩ දාන්න උබේ සගෙෂන් මොනවද

    අම්මෝ ඒක ගොඩ දාන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.
    කරුමේ කියන්නේ අපේ පත් වෙන එක ආණ්ඩුවක් වත් එච්චර මහන්සි වෙන්න කැමති නෑ.

    හැමෝම කැමති සැපේ ඉඳලා බෝල පාස් කරන්න.

    overall කිව්වොත්

    1) රටේ අය වැය පරතය නැති කරගන්න ඕනි
    අපේ වෙන්නේම වැය වැඩියි, ඒකේ හිඟ පියවන්න සහනාධාර ණය ආධාර ගන්නවා

    ඒක හරියට හැම මාසේම උඹේ පඩිය මදියි credit card වලින් වියදම් settle කරනවා වගේ.

    වෙනස credit card එක උඹ ගෙවන්න ඕනි රටේ ණය උඹ ගෙවන්නේ නෑ. උඹ චූන් එකේ ඉඳලා උඹේ ලමයිනුත් එහේම් ඉන්නවා. කෙල වෙනවා වගේ නම් වෙන රටකට යනවා.

    2) ඊලඟට රටින් එලියට යන සල්ලි වලට වඩා අපි එලියෙන් සල්ලි ගේන්න ඕනි.

    එහෙම ගෙනාවොත් ගොඩක් ප්‍රශණ විසඳන්න ලේසියි. බලපන් අර අරාබි රටවල් වල මොන දේ නැති උනත් තෙල් වලින් ඔක්කොම ප්‍රශණ ටික විසඳනවා...

    අපිට එහෙම resource එකක් නෑ ඒත් services වගේ ඒවලින් වැඩි කරගන්න පුලුවන්. රටේ ගොඩක් එලියට යවන්නේ raw materials. ඒවලින් products හදල යවලා වැඩි කරගන්න පුලුවන්. ඔහොම ඉතින් ගොඩාක් දේවල් කරන්න පුලුවන්.

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ලංකාවේ අර්ථිකය ඕවත් එක්ක එක පාර compare කරන්න බැහැ. උඹේ ඔය ත්‍රේඩ් එකේ ඉන්දියාව ප්‍රින්ට් කලා කියනවා නෑද? ඩොලර් ඕනි නෑ ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියල ඉස්සරහා මේ කොහොමද බාල්දු උනේ බලන්න. උඹ ඔය කියන රටවල් සෙට් එකේම අපේ එක්ක කොහොමද අවුරුදු ගානේම වෙනස් උනේ බලන්න..

    උඹ අපේ රුපියල බාල්දු වෙච්ච හැටි දකියි ගොඩක් තැන් වල.

    වෙන මුකුත් කරන්න දෙයක් නෑ?
    මේ වෙලාවේ රුපියල පාවෙන්න දුන්නොත් මොකද වෙන්නේ?

    ඡන්දයට කෙල වෙනවා. මොකද මිනිස්සුන්ට මාස 6කින් කෙල වෙන එක පෙනුනේ නැති උනාට. ඇස් දෙකට රුපියල බාල්දු වෙන එක පේනවා..

    ලංකාවේ විපක්ශයට කොහොමද කටක් ඇරල මෙහෙම කතා කරන්නේ... උන් කරන්නෙත් ඒකමනේ :lol: විපක්ෂය ඕනි නෑ.. ආණ්ඩුවේ අර රෝහිත කතා කරපු හැටි උඹ දැක්කනේ. චන්දිම වීරක්කොඩි කතා කරපු හැටි දැක්කනේ

    ඔය අපි පත් කරපු එවුන්ගේ තරම මචං

    ඒකනේ මම කිව්වේ අවුරුදු ගානක් ඔහොම දේවල් කරපු නිසා තමයි රුපියල 186 උනේ. ඕක හාර අවිස්සුවොත් ගොඩාක් හේතු කියයි හැම ආණ්ඩුවම...

    :yes: :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඒක හරියට අල්ලපු ගෙදර එකා ලීස් එකක් දාල වාහනයක් ගත්තා.. මාත් ඒකම කරම. පොරගේ රස්සාවේ income ගාන මගේ income ගාන. පොරගේ වෙන investment ගැන මම මුකුත් compare කරන්නේ නෑ වගේ.

    අන්තිමේ ලීස් ගෙවාගන්න බැරිව වාහනේ උස්සන් යද්දි හිඟා කන්න වෙන්නේ. ඔය කියන රටවල් වල currency එකට against අපේ එක කොච්චර බාල්දු වෙලා කියන එක පේන්නේ නැද්ද? :rolleyes:

    පාර්ලිමේන්තුව ගැන කතා කරලා වැඩක් නැත්තේ මොකද?
    පාර්ලිමේන්තුවෙන් රටේ ගොඩක් දේවල් තීරණ ගන්නේ

    ජෙප්පො වැඩක් නෑනේ බං උන්ට තියෙන්නේත් 6යි. ගිය පාර ඡන්ද තියෙන්නේ 3%
    උඹ ජෙප්පො කියන ඒවට ඔහොම සැලෙන්න එපා පාර්ලිමේන්තුවේ 219ක් ඉන්නව උං 6දෙනාට අමතරව.

    ඔය උදාහරනේ අවුලනේ බන් ...ඔකේ අවරුදු 100ට පාරක් එන pandemic එක නිරුපනය වෙන්නේ කොහෙද කියපන් ? ජෙප්පෝ වගේ වෙන්න එපා බන්....

    හරි ඒවා ඕන නෑ...දැන් උඹ හිතපන්කෝ උඹ තමයි government එක දුවන්නේ..ලංකාවට සාපේක්ෂව මුදල් සංසරණය වැඩි කරන්න .....එක ඕනෙත් නෑ මේ වගේ වෙලාවක උඹ financially ගන්න ක්‍රියා මාර්ග මොනාද ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අම්මෝ ඒක ගොඩ දාන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.
    කරුමේ කියන්නේ අපේ පත් වෙන එක ආණ්ඩුවක් වත් එච්චර මහන්සි වෙන්න කැමති නෑ.

    හැමෝම කැමති සැපේ ඉඳලා බෝල පාස් කරන්න.

    overall කිව්වොත්

    1) රටේ අය වැය පරතය නැති කරගන්න ඕනි
    අපේ වෙන්නේම වැය වැඩියි, ඒකේ හිඟ පියවන්න සහනාධාර ණය ආධාර ගන්නවා

    ඒක හරියට හැම මාසේම උඹේ පඩිය මදියි credit card වලින් වියදම් settle කරනවා වගේ.

    වෙනස credit card එක උඹ ගෙවන්න ඕනි රටේ ණය උඹ ගෙවන්නේ නෑ. උඹ චූන් එකේ ඉඳලා උඹේ ලමයිනුත් එහේම් ඉන්නවා. කෙල වෙනවා වගේ නම් වෙන රටකට යනවා.

    2) ඊලඟට රටින් එලියට යන සල්ලි වලට වඩා අපි එලියෙන් සල්ලි ගේන්න ඕනි.

    එහෙම ගෙනාවොත් ගොඩක් ප්‍රශණ විසඳන්න ලේසියි. බලපන් අර අරාබි රටවල් වල මොන දේ නැති උනත් තෙල් වලින් ඔක්කොම ප්‍රශණ ටික විසඳනවා...

    අපිට එහෙම resource එකක් නෑ ඒත් services වගේ ඒවලින් වැඩි කරගන්න පුලුවන්. රටේ ගොඩක් එලියට යවන්නේ raw materials. ඒවලින් products හදල යවලා වැඩි කරගන්න පුලුවන්. ඔහොම ඉතින් ගොඩාක් දේවල් කරන්න පුලුවන්.

    Uba deshadrohi Jeppa lable eka alooganna ithama asannai