මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිය මංගල අය-වැය අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 76 වන අය-වැය මෙය වෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ 2 වන අය-වැය ද මෙය වන්නේ ය. 2021 වසරේ රජයේ වියදම රුපියල් බිලියන 5126කි.
2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, මුදල් ඇමතිවරයා විසින් සිදු කිරීමෙන් පසු සභාව කල් තබන අතර හෙට (නොවැ. 13) පෙරවරු 10.00ට සිට අය-වැය විවාදය ආරම්භ කෙරෙනු ඇත.
නොවැම්බර් 22 වන සඳුදා දක්වා දින හතක් අය-වැය දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමට නියමිත ය.
නොවැම්බර් 22 වන සඳුදා පස්වරු 5.00ට අය-වැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇත.
අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වන අඟහරුවාදා ආරම්භ වී දෙසැම්බර් 16 වන දා තෙක් පැවැත්වීමට නියමිත ය.
එම විවාදය පුරා දින 16ක් පැවැත් වේ.
මෙවර අය-වැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රූපවාහිනී සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් ද විකාශය කෙරේ.