මුදල් එකතුකරන මොහොමඩ්
මහරගම අපේක්‌ෂා රෝහලට විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට බව පවසමින් රුපියල් කෝටි 100 ක මුදලක් එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සිදුකෙරෙමින් තිබෙන බවට එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙත ලිඛි�ත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ අනුව රෝහල් අධ්යක්ෂවරයා විසින් ජනාධිපතිවරයාට යෑවු ලිපිය මඟින් මේ වනවිටත් මෙම ජාවාරමින් රුපියල් කෝටි 14 ක් පමණ එකතුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙම මුදල් ගැනීමේදී අපේක්‌ෂා රෝහල් ගිණුමට බව පැවසුවද එය එම ගිණුමට බැර නොවන බවත් පෙන්වා දී තිබෙනවා.
එසේම මෙම වංචාව පිළිබඳව මහරගම හා මිරිහාන පොලිසි දැනුවත් කර ඇති නමුත් තවමත් කිසිදු පරීක්‍ෂණයක් කර නොමැති බවද එම ලිපිය මඟන් පෙන්වා දී තිබෙනවා
තවද රෝහල් අධ්යක්ෂවරයා විසින් මෙම හෙළිදරව්ව කිරීමත් සමඟ මේ මුදල් එකතුකරන මොහොමඩ් නැමැත්තා තමන්ට බලපෑම් කරන බවද ප්‍රකාශ කරන රෝහල් අධ්‍යක්‍ෂවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම මුදල් යන්නේ කොතැනටද? යන්න පිළිබඳව කඩිනම් පරීක්‍ෂයක් සිදුකරන ලෙසයි.