මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    HS_2367.jpg


    සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

    හර්ෂ ද සිල්වා එම තනතුරට පත් කරන්නැයි ඒ කමිටුවට යෝජනා කරනු ලැබූවේ ජනාධිපති වික්‍රමසිංහ විසිනි.

    ඒ අනුව එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

    නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.

    මෙතෙක් එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසිනි.

    එම සභාපති ධූරය හර්ෂ ද සිල්වාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහුට එය හිමිවූයේ නැත.

    හර්ෂ ද සිල්වා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවීය.

    පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සැලකේ. මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවැරී ඇත.

    (lankadeepa.lk)

    - https://www.theleader.lk/news/17474-2023-06-07-10-05-25
     
    • Haha
    Reactions: allrights