මුදලාලිගේ නොදන්න රෑ කෑම...
මේ කතාව සිද්ද වෙලා තියෙන්නේ මීට අවුරුදු 30 කට 40 කට කලින් මාතර පැත්තේ අපේ මුදලාලි මහත්තයකුට. හැබැයි ඉතින් අපේ මුදලාලි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති එයාට උන මේ වැඩේ FunOnEmail site එකේ කාලෙකට පස්සෙ joke එකක් විදිහට යයි කියලා....
ඔන්න ඉතින් අපේ මුදලාලිට යහමින් සල්ලි බාගේ තිබ්බට මොකෝ ඔය ඉහල සමාජය කියන එකත් එක්ක පෑහිලා පුරුදු නෑ. ඉතින් ඔන්න දවසක් මුදලාලිට එයගෙ අළුත් POSH යාළුවෙක් කතා කරා රෑ කෑමකට යන්න මහ හෝටලේට (දැන් ඉතින් මහා ලොකු හෝටල් ගොඩක් තිබ්බට ඒ කාලේ තිබ්බ එකම මහ හෝටලේ ගල්කිස්ස හෝටලේ විතරයි ). හැබයි ඉතින් අපේ මුදලාලි වැඩේට කොච්චර ආස වුනත් ටිකක් අදිමදි කරා...
"අනේ ඉතින් මම ඔය ලොකු ලොකු තැන්වල කරන සිරිත් විරිත් දන්න එහෙක.. මට ඕව කොරන්න ඇහැකෙයි" කියල යාළුවට කිවුවා
"අයියෝ මුදලාලි ඕකේ මහ ලොකු දෙයක් නෑ, මුදලාලිට කරන්න තියෙන්නෙ අනිත් අය දිහා බලා ගෙන ඒ විදිහට කරන එකයි" යළුවා ඔහොම කිව්වා..
අපේ මුදලාලිගේ POSH වෙන්න තියන ආසාවයි යාළුවාගේ පෙරෙත්තයි නිසා ඔන්න වැඩේට කැමති උනා.
ඔන්න ඉතින් එදා ජැන්ඩියට ඇදල කරල අපේ මුදලාලි යාළුවත් එක්ක හොටලේට ගියා. එතන කට්ටිය 15 ක් විතර හිටයා. කෑමත් පටන් ගත්තා. අද කාලේ වගේ බුෆේ තිබ්බෙ නැති නිසා මේසේට කෑම ඇරලා කට්ටිය වටේ ඉදන් තමයි කෑම ගත්තේ.
අපේ මුදලාලිත් වැඩේ ඇරියෙ නෑ.. කට්ටිය හැදි ගෑරුප්පු හරඹ කරන විදිය බලාගෙන මෙයත් ජාමෙ බේරගෙන කෑම ටිකක් බඩට බස්ස ගත්තා. ඔන්න ඉතින් කෑම ඉවර වෙලා කට්ටියම ටූත් පික් (Tooth pick) අරගෙන අතින් කට වහගෙන ඒකෙන් කරන රාජකාරිය කරනවා. අපේ මුදලාලිත් බලාගෙන ඒ විදිහටම වැඩේ කරා.
දැන් ඔන්න කෑම ඉවර වෙලා මුදලාලියි යාළුවයි එනවා. යාළුවා අහනවා මුදලාලිගෙන්..
"කොහොමද රෑ කෑම... හොදට ගියා නේද වැඩේ..."
"කෑම නම් මරු.. ඔක්කොම ගානට ගියා... හැබයි අර අන්තිමට අතින් කට වහගෙන කාපු කූර තමයි බඩට ඇල්ලුවෙ නැත්තෙ......."