ඇත්තද මේ සිද්දිය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා..

    චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ..

    සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා..

    කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ..

    චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා..

    ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා..

    ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ..

    දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ..

    දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව..

    හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..

    සැක නම් ඔයාලම අද උදේ විස්තරේ පත්තරේ බලන්නකො..🥹

    උපුටා ගැනීමක්
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,686
    113
    Gampaha
    එකපාරක් ඔය විදිහට කියෙවුවා...

    දෙවෙනි පාර කියවනකොට මේ නම් දෙක වෙනුවට "චතුර" සහ "සිතුර" කියල නම් දෙකක් දාගෙන කියෙවුව...
     
    • Like
    Reactions: windows_ubuntu