මුන්ගේ පුකට හක්ක පටස් තියන්න ඕන

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුන් වගේ පව්කාරයෝ.
    බොන්න සල්ලි හොයන්න සත්තුන්ට හක්කපටස් තියනව.
    ගොඩක් සත්තු ඕකට අහුවෙලා එකපාර මැරෙන්නේ නැ.
    කන්න විදියක නැතුව සති ගනන් දුක් විදලා මැරෙන්නේ.

    එක්කෝ මේ පොන්නයෝ සත්තු මරන්න ඕනේ නම් එක පාර වෙඩි තියල හරි වෙන මොක්ක හරි සින් එකක් දාල මරන්න ඕන මේ වගේ වද නොදී.



     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇහුවොත් සත්ව කරුණාව දෝරේ ගලනවා, යාලුවො සෙට් උනොත් හොයන්නෙ දඩමස් ,
    වයිල්ඩ් පෝක් ගැන ත්රේඩ් එකක් දැම්මානම් බලන්න තිබුනා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    මුන් වගේ පව්කාරයෝ.
    බොන්න සල්ලි හොයන්න සත්තුන්ට හක්කපටස් තියනව.
    ගොඩක් සත්තු ඕකට අහුවෙලා එකපාර මැරෙන්නේ නැ.
    කන්න විදියක නැතුව සති ගනන් දුක් විදලා මැරෙන්නේ.

    එක්කෝ මේ පොන්නයෝ සත්තු මරන්න ඕනේ නම් එක පාර වෙඩි තියල හරි වෙන මොක්ක හරි සින් එකක් දාල මරන්න ඕන මේ වගේ වද නොදී.




    උ‍ෟරො නම් පුදුම සාපයක් තමයි. හැබැයි හරියට මන්දක් අ‍ැටෙව්වා නම් අල්ලගන්න පුළුවන්. එ‍්වාට වෙන සතෙක් ලේසියකට අහු වෙන් නෑ. අනික ලංකාවෙ හුකන්නලාට beartrap එක හදා ගන්ඩ බැරි කරුමෙනෙ තියෙන්නෙ. එ‍්ක හැදුවා නම් පට්ට ලේසියි අල්ල ගන්ඩ.

    හක්ක පටස් නම් මාරම සාපයක් තමයි. එකපාර මැරෙන්නෙත් නෑනෙ. මොකා වුණත් විඳවන එක හරිම පව්. වගාවට කරදරයි නම්, මස් කන්න ඕන නම් එක පාරින් ඉවරයක් කරලා දාන ක්‍රමයකට යන්න ඕන. නිකන් විඳවන්න සලස්වන එක පව්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මගේ යාලුවෙක්ගෙ බල්ලා මැරුණා පාර අයිනේ තිබිලා හක්ක පටස් එකක් කාල. ෆොටෝස් දැක්කම පිස්සු හැදෙනවා. පව්කාර මිනිස්සු මොනවා කරන්නද ඉතින් :no:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,851
    113
    🍖🥓🧆,🎣🐟

    හක්ක පටස් නරකයි, අනෙක් ඒවා හොඳායි.... උලාල් කියලා භාගෙට බෙල්ල කපලා ලේ යවන එක පට්ට. මාළු හුස්ම ගන්න බැරිව දඟලන කොට ....
     
    • Like
    Reactions: SLKolla2020

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    බල්ලො ඌරො වගේ සත්තු හක්කපටස් වලින් විඳවලා මැරෙන්නෙ නැහැ (කලාතුරකින් උනොත් ඇරෙන්න), මම දැකලා තියනවා හක්කපටස් තියල මැරුනු බල්ලො සහ ඌරො බල්ලොන්ගෙ එහෙම නං ගොඩක් වෙලාවට සම්පූර්ණ හොම්බ කෑල්ල නැහැ, සමහරවෙලාවට ඌරොන්ගෙ ඔලුවෙ උඩ කෑල්ල නැහැ
    මාස 5-6කට කලින් අපේ ගෙදර ඉස්සරහ ගෙදර බල්ලාව මැරුන ඕකක් කාල ඌ ඒක කොහෙ හරි තිබිලා අරන් ඇවිත් මිදුලෙ තියාගෙන ඕක කාල තිබුනෙ, උගේ ඔලුවක් කියලා බලාගන්න නිකං හම කෑල්ලක් විතරයි තිබුනෙ අනෙක් කෑලි සේරම කුඩුවෙලා ගිහින් තිබුනෙ
    කෙලින්ම කාපු තැනම එහෙමම වැටිලා මැරිලා තියෙන්නෙ දඟලපු පාරක්වත් නැහැ

    හරක් එහෙමත් ඕක කනවා උන් නං දුක් විඳල මැරෙනවා අලි වගේ තමයි

    හක්ක පටස් තියන එවුන් කියන්නෙ ඕක පොල්කටුවකින් වහලා ගලක් බරතිබ්බම ඌරා විතරයි ඒ ගල පෙරලලා කන්නෙ කියලා, බල්ලොන්ට පෙරලන්න බැරි ගලකින් වහන්නෙ

    අලින්ට හක්කපටස් අලි ටාගට් කරලමයි තියන්නෙ, ඌරට තියනවා නං හක්කපටස් එක වටේ කරවල බඩ කෑලි ඔතනවා අලින්ට තියනවා නං වට්ටක්ක ගෙඩියක් ඇතුලෙ දාල තියෙන්නෙ. කරවල කෑල්ලක ඔතලා දැම්මම අලි ඕක කන්නෙ නැහැනේ
    ගොඩක් වෙලාවට අලින්ට කෙලින්ම ටාගට් කරලාම තියන්නෙ
    ඌරට ටාගට් කරන එකට බල්ලො අහු වෙනවා

    මම ඌරන්ට තියන එක ගැන මොනවත් කියන්නෙ නැහැ හැබැයි අනෙක් සත්තු විඳවලා මැරෙන එක සහ මනුස්සයෙක්ට උනත් ඕවයින් හානි වෙන්න පුලුවන් ඒක නිසා ඕක කොහොම හරි නතර කරන්න ඕන
     
    • Like
    Reactions: BadBlueGenius