මුන්ට පිස්සුද බන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මුන්ට පිස්සුද බන්

    වයඹ පළාත් සභාවට ආණ්‌ඩු පක්‍ෂයෙන් තරග වදින කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබලයන් දෙදෙනකු සංගීත සංදර්ශන පවත්වා මනාප ගොඩ වැඩිකර ගැනීමේ අලුත්ම මැතිවරණ ප්‍රචාරක ක්‍රමයක්‌ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ඇති වී තිබේ.

    නියමිත සංගීත සංදර්ශනය පැවැත්වෙන දිනය සඳහන් එමෙන්ම ඡන්ද අපේක්‍ෂකයාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක්‌ සහිතව "කටවුට්‌" කුරුණෑගල නගරයේ සහ වෙනත් ප්‍රසිද්ධ ස්‌ථානවල ප්‍රදර්ශනය කර ඇත.

    මෙම අපේක්‍ෂකයන් දෙදෙනාම දිවයිනේ සුප්‍රසිද්ධ ගායක කණ්‌ඩායම් කැඳවා සංගීත සංදර්ශන පැවැත්වන අතර මෙම අපේක්‍ෂකයන් දෙදෙනාගේ සංගීත සංදර්ශන පැවැත්වෙනුයේ මෙම මස 30 සහ 31 දිනයන්හිය.

    රටේ මිනිස්සු මුන්ටත් චන්දෙ දෙනවනේ.මුන් දේශපාලකයොද කියලා වෙලාවකට හිතෙනවා.:dull:අවුරුදු 18,20 කොල්ලො වගේ වාහන අරගෙන හැම තැනම කරකවන්න තියන ආසාවයි,සංගීතෙකට ගිහින් ෆන් ගන්න තියන ආසවයිනෙ මුන්ට තියෙන්නෙ,:baffled:අර ජොනා පුතා නාම යෝජනා බාර දුන්නු දවසේ පැය 3ක් විතර යනකල් කුරුණෑගල හලාවත පාරවල් බ්ලොක් වෙලා.:angry:හැමර්සිරියා හෙට්ටිපොල සයිඩ් එකම වාහන වලින් බ්ලොක් කරගෙන.:growl:කුරුණෑගලින් දවල් 2ට ආපු බස් එක හලාවතට යද්දින් වෙලාව හවස 7යි.:sorry:කොහෙන් ගියත් මිනිස්සු තැලෙනවා.මුන් සැප ගන්නවා.:nerd:ඒත් මිනිස්සුම මුන්ට චන්දෙත් දෙනවා.:oo:

    http://www.divaina.com/2013/08/29/news22.html
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපන් ලංකාවේ දේශපාලුවෝ මිනිස්සුන්ට මොනතරම් ආදරේද කියලා..මේ වගේ මිනිස්සු ගැන හිතන දේශපාලුවෝ ලෝකේ වෙන රටවල නැහැ..ආශ්චර්ය..:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බලපන් ලංකාවේ දේශපාලුවෝ මිනිස්සුන්ට මොනතරම් ආදරේද කියලා..මේ වගේ මිනිස්සු ගැන හිතන දේශපාලුවෝ ලෝකේ වෙන රටවල නැහැ..ආශ්චර්ය..:D
    උන් හිතන්නෙ සංගීතයක් ගහලා උන්ගෙ කටවුට් එකක් ලොකුවට දාගත්තම මිනිස්සු අතරට යන්න පුළුවන් කියලා බන්.ගොන් වේ- පුතාලා යු.ඇන්.පී එකේම හිටිය නම් එකක්.ආන්ඩුවට ආවත් කරන්නෙ එකම දේනේ.ගොන් පාට් දාන එක උප්පත්තියෙන්ම ගෙනල්ලද කොහෙද
    හැමර්සිරියා කිව්වේ කවුද බන්??
    දයාසිරි ජයසේකර :dull:.දැන් ඔකා ගහන සංගීතෙත් ඒක පුද්ගල සංගීත රාත්‍රියක් වෙයි.:lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මේ එකෙක්ටවත් ඡන්දේ ඉල්ලන්න සුදුසුකමක් නෑ. ලංකාව පිරිහෙන්න ප්‍රධානම හේතුව තමා කිසිම සුදුසුකමක් නැති කෙනෙක් වුනත් ඡන්දේ ඉල්ලන්න සුදුසුකම් ලැබීම කියන හේතුව. දේශපාලනය කියන දේ ගැන දන්නේ නැති ගොං බිජ්ජෝ ටිකක් අද රට කරන්නේ. ඉතින් පුළුවන්ද රටක් කරන්න?? අහෝ අපේ ලංකාව :(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මතක ඇතුව මේපාරත් පාන්දරින්ම නැගිටලා චන්ද පොලට ගිහිල්ලා
    රට බේරාගත් සංවේදී නායකතුමාගේ දෑත් ශක්තිමත් කරලා වරෙල්ලා ...:yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ එකෙක්ටවත් ඡන්දේ ඉල්ලන්න සුදුසුකමක් නෑ. ලංකාව පිරිහෙන්න ප්‍රධානම හේතුව තමා කිසිම සුදුසුකමක් නැති කෙනෙක් වුනත් ඡන්දේ ඉල්ලන්න සුදුසුකම් ලැබීම කියන හේතුව. දේශපාලනය කියන දේ ගැන දන්නේ නැති ගොං බිජ්ජෝ ටිකක් අද රට කරන්නේ. ඉතින් පුළුවන්ද රටක් කරන්න?? අහෝ අපේ ලංකාව :(:(
    :(
    මතක ඇතුව මේපාරත් පාන්දරින්ම නැගිටලා චන්ද පොලට ගිහිල්ලා
    රට බේරාගත් සංවේදී නායකතුමාගේ දෑත් ශක්තිමත් කරලා වරෙල්ලා ...:yes:
    ජාතියේ පියා,:rofl:හරියට නිකන් අර ඇඩ් එකක දාන්නෙ ජාතියේ කිරි මව කියලා.ඒ වගේ :lol: