පානදුර පොලිසිය විසින් වෛද්‍යවරියක් හා ඉංජිනේරුවෙකුට අදාල සිදුවීමක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙනවා. බොහො දෙනක් අතර එය සංසරණය වී තිබුණා..
මේ වෛද්‍යවරිය හා ඉංජිනේරුවා පොලිසියට ගේන්නේ ඔවුන් කල අපරාධයකට නෙවෙයි. වීඩියෝව සඳහන් වන පරිදිත් දැනගන්න ලැබී ඇති කරුණු අනුවත් පොලිස් නිලධාරීන් විසින් අල්ලස් ඉල්ලීමක් මෙයට සම්බන්ධ වෙලා තියෙනවා..
මගේ අදහස නම් පොලිසිය තමන්ට චෝදනා කළ අයගෙන් පළිගැනීමක් තමයි මේ කරන්නේ. ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න අයිතියක් තියෙනවා. පොලිසිය කරන්නේ අන්න ඒ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අයිතිය අහිමි කිරීම. වීඩියෝවට අනුව වෛද්‍යවරියගෙන් හා ඉංජිනේරුවගෙන් ප්‍රශ්න කිරීම වීඩියෝ කරනවා. ඒ අතරෙම තවත් පොලිස් නිළධාරියෙක් ඉංජිනේරුවාගේ කතාව හා වෛද්‍යවරියෙගෙ කතාව වීඩියො කරනවා. සමහරවිට මේ වීඩියෝවට හසුනොවුනු තවත් පටිගත කිරීම් ඇති. මේ වෛද්‍යවරිය හා ඉංජිනේරුවා වටා පොලිස් නිලධාරීන් සමූහයක් සිටින බව පැහැදිලියි..
මේ විමර්ශනය අපරාධ විමර්ශනයකට අදාල වෙන්නෙ නෑ. ඔවුන්ගෙ අරමුණ පැහැදිලි වෙනවා වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමඟ..
පොලිසිය වෙත චෝදනාවක් එල්ල වුණා. ඒකට පළිගන්න වීඩියෝ කරල තමන්ට ඕනි කොටස සමාජ මාධ්‍යයට මුදා හැරියා. පෞද්ගලිකත්වය නැති කරල සමාජය ඉදිරියේ නිරුවත් කිරීමක් කලේ..
ඒ වීඩියෝවේ වෛද්‍යවරිය දිහා බලන්න ඇය ඉන්නෙ කෙතරම් අපහසුවෙන්ද ? ඇය මානසික පීඩාවට ලක්ව ඇති බව ඒ හැසිරීමෙන් කියන්න පුලුවන්. මේක වදහිංසාවක්. මානසික වදහිංසාවක්. මේ දෙදෙනාම පොලිසිය තුළදී අවමන් සහගත සැලකිල්ලට භාජනය වෙනවා..
වෛද්‍යවරියගේ SLMC එකෙන් දීපු සේවා හැඳුනුම්පත පොලිස් නිලධාරීයෙක් ඔහුගේ බාරයට අරන්. ඇය ඒක ඉල්ලනවා. දෙන්නෙ නෑ..
වෛද්‍යවරිය හා ඉංජිනේරුවාව වීඩියෝ කිරීමෙන් ඔබ්බට ගොස් ඒ වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැරියෙ ඇයි ? පැහැදිලිවම වෘත්තිකයන් කෙරෙහි පවතින වෛරයෙන් ඒක කලේ. පංති වෛරය වෙනයි වෘත්තිකයන් කෙරෙහි පවතින සමාජ වෛරය වෙනයි. " අඥේ එහෙම එකෙක් නෑ අපිට , එයාල හදාගත්ත එකක් ඔය " කියල කියන අඤ්ඤකොරස් පිරිමින්ගෙනුයි ලොන්තපූස් ගෑනුයි පුලුවන්නම් කියන්නකො ඇයි එහෙම කරේ කියල..
මේ සිද්ධියෙන් ජන මතය කියවගන්නත් පුළුවන්. ගල්කිස්ස සිදුවීමේ පොලිස් පොඩ්ඩා වින්දිතයා ලෙස සලකලා ඔහු වෙනුවෙන් පෙනී සිටි , කවි ගී , නිසැදැස් , කතන්දර ලියූ , දවසට පෝස්ට් 20- 30 දාපු , අසාධාරණය , ආයුක්තියට එරෙහිව පෙනී ඉන්නවා කියපු ඔක්කොම උන් ගොලුවෙලා. ඒ එකෙක්වත් වෛද්‍ය හා ඉංජිනේරුවා වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. හඬක් නගන්නෙ නෑ. ඇයි ඔවුන් ගැන කතා නොකරන්නෙ ? හේතුව සරලයි. ඔවුන් වෘත්තිකයන් වීම. ඔවුන් පොලිස් නිලධාරීන් අතින් හිංසනයට පත්වුනාට අවුලක් නෑ කියල ඔවුන් හිතනවා. ඔන්න ඔය සිදුවීම කිසිම දෙයක් කරගන්න බැරි රැකියාවක් නැති හෝ සමාජ තත්වයක් නැති අහිංසක යුවළකට වුනා කියල හිතන්න. එහෙනම් අප්පුහාමිලා මේ වෙනකොට අසාධාරණයට එරෙහිව කවි ගී පුරවල. ඇත්තටම සමාජ මාධ්‍යයේ සමාජ සාධාරණත්වය ගැන කියවන ගොඩක් උන්ට තියෙන්නෙ ඔන්න ඔය හිඟන මානසිකත්වය..
අසාධාරණයට , අයුක්තියට එරෙහිව ඇත්තටම හඬ නගනවනම් ඒකට අසාධාරණයට , අයුක්තියට , හිංසනයට පත්වුන කෙනාගෙ රැකියාව , සමාජ තත්වය , ආර්ථික ශක්‍යතාවය අදාල කරගත යුතු නෑ..
තමන්ට , තමන්ගෙ මවට , සහෝදරියකට , දියණියට , බිරිඳට , පෙම්වතියට , සහෝදරයෙකුට , මිතුරෙකුට , මිතුරියකට මේ ආකාරයේ හිංසනයක් , පෞද්ගලිකත්වය අහිමි කිරීමක් වෙනවට ඔබ කැමතිද ??
මේ වෘත්තිකයන් දෙදෙනා ගැනත් යමක් කිව යුතුයි. වීඩියෝවට අනුව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් වත් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට , වීඩියෝ කිරීමට එරෙහිව කිසිම විරෝධයක් පාන්නෙ නෑ. මේ වීඩියෝවේ මුල් කොටස නැහැ. සමහරවිට ඔවුන් මේ වීඩියෝ ගත කිරීමට එරෙහිව ප්‍රතිරෝධය දක්වන්න ඇති. ඒ විරෝධය නොතකා පොලිසිය වීඩියෝ කරන්න ඇති කියලා විශ්වාස කරන්නත් පුළුවන්. ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් තියෙනවා..
වෘත්තිකයන්ට එරෙහි සමාජ වෛරය ගැන කිව්වම භූමිතෙල් ගහපු ගැරඬි වගෙ දඟලන අයට කියන්නෙ. අතේ ෆෝන් එක තියෙනවනම් The Sociological Aspects of public hatred and towards Professional කියල google සර්ච් කරල බලන්න. ඥෑ කිව්වට එහෙම එකක් තියෙනවා කියල එතකොට පෙනෙයි. සමාජ විද්‍යාව ගැන දැනුමක් තියෙන අයනම් දැනටමත් දන්නවා ඇති..
අන්තිමට කියන්න තියෙන්නෙ අර ඉංජිනේරුවා වගෙ පෙම්වතුන් නම් තෝරගන්න එපා. පිරිමිකම කියන්නෙ ශරීරකාය නෙවෙයි. Manliness Doesn't Defend on Someones Appearance. පිරිමිකම කියන්නෙ සිතුවිලි හා ක්‍රියාවේ එකතුවක්. මම දන්න පෙම්වතුන්නම් තමන්ට මොනව වුනත් තමන් ආදරය කරන කෙනාගෙ පෞද්ගලිකත්වය , ඇගේ ආත්ම ගරුත්වය බේරගන්නවා. නැත්නම් උත්සහ කරනවා. වීඩියෝ එකට අනුව ඉංජිනේරුවට එහෙම උවමනාවක් නෑ. ගටක් නෑ. ගිරවෙක් වගෙ කියවනවා. එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ. තමන්ගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න බැරිවුන එකෙක් තව කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය , ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්නෙ කොහොමද ?
මේ වෛද්‍ය, ඉංජිනේරු යුවළ මේතරම් අපකීර්තියට , අවමානයකට , හිංසනයට පත් කිරීම මා පුරවැසියෙක් ලෙස හෙළා දකිනවා. ඇත්තටම මටනම් ඒ ගැන තියෙන්නෙ කේන්තියක්. කොන්දේසි විරහිතව ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා..
Credit - Chathuranga Amarathunga