මුරලි අපේ වීරයා ය!

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මුරලි අපේ වීරයා ය!

    2132murali800wicketj.jpg


    මුරලි අපේ වීරයා ය. ඒ ටෙස්ට් කඩුලු 800 ක් ගැනීම නිසා නොවේ.
    තව දුරටත් ක්‍රීඩාකිරීමට හැකියාව තිබියදීත් තරුණ ක්‍රීඩකයින්ට ඉඩ දෙමින් කණ්ඩායමෙන් සිය ක්‍රිකට් දිවියේ සැදෑ සමය එළඹෙන්නටත් පෙර ඉවත්වීම නිසා ය.
    සනත් ජයසූරිය නම් පසුව පරාජිකා වූ අපගේ අතීත විරයා ගිය අඩිපාරේ නොගොහින් තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය පමණක් නොව ක්‍රීඩාශිලිත්වය ද ඔහු විසින් ඒ හරහා විදහා දැක්වූ නිසා ය.
    සනත්ට මෙන්ම තවත් බොහෝ ජනප්‍රිය තරුවලට සිදුවුනාක් මෙන් ජනාධිපතිගේ ආරාධනාවෙන් දේශපාලන දිවියක් අරඹා තම ක්‍රීඩා දිවියේ කලු ලපයක් තබා නොගන්නට සක්‍රීය තීරණයක් ගත් නිසා ය.
    ලංකාව වෙනුවෙන් ලෝකයක් දිනූ නිසා ය.
    බොරු චණ්ඩිපාට් දමා ලෝකයාට අභියෝග නොකර ක්‍රියාවෙන් ලෝකයට අභියෝග කරමින් අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට ද කළ යුත්තේ මේ යැයි කියා සිටි නිසා ය.
    තමන්ට ක්‍රිකට් ලෝකයේ එල්ල වූ අභියෝග කටින් හෝ ගණන් කාර කමින් නොව පන්දුවෙන් ජය ගත් නිසා ය.
    නුඹගේ පාරේ යන අප රටේ දරු දැරියන් සැබෑ ලෙස ලොව දිනනු දැක්ම අපේ අපේක්ෂාව ය.


    මුරලි, අපි ඔබට සුභ පතමු.