පිටියේ 'පරදින ක්‍රිකට්
පිටියේ 'පරදින ක්‍රිකට්' සහ ඇතුළේ 'නොපරදින ක්‍රිකට්'..!
ලෝක කුසලාන තරඟාවලියේ ඇත්ත ජවනිකා LeN ස්පෝර්ට්මන් එංගලන්තයේ සිට ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.12, පෙ.ව.8.20) තවත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශ්‍රී ලංකා ගමන නිමාවට පත් වූයේ සුවහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කණගාටුව දනවමින් ය. තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ කැපී පෙනුණු එකම දස්කම වූයේ එංගලන්තයට එරෙහිව ලැබූ ජයයි. අනෙක් තරඟ වලදී ඒක පාර්ශවික ලෙස නවසීලන්තය, ඔ්ස්ට්‍රේලියාව, හා ඉන්දියාව හමුවේ ලැබූ පරාජයන් දෙස බලන විට එකම ජයද කනා පල්ලමකින් ගැසූවක් විය හැකි බවට තර්ක කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරඟාවලියට පිටත්ව යද්දී ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා ව්‍යුහය හා කණ්ඩායමේ සංයුතිය නොදැන සිටි බොහෝ දෙනෙකු මෙවරද ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ලෙස ලෝක කුසලාන තරඟාවලියේ පෙරළියක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු තැබූවද හරි හැටි දන්නෝ මෙම ප්‍රතිඵලය කළින්ම දුටුවෝ ය.
අපට වඩා ලකුණු සටහනේ පසුපසින් සිටි බංග්ලා දේශයද මෙවර තරඟාවලියේ අවසන් පූර්ව වටයේ සිටිය යුතු කණ්ඩායමක ලෙස දස්කම් දක්වා සිටියේ කලක් ඔවුන්ගේ පුහුණුකරු වූ වත්මන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහට කොචෝක් කරමින් ය.
ඇඩ්වර්ටයිසින් භාණ්ඩයක් වූ ලසිත් මාලිංග..
තරඟාවලිය පුරාවටම ඇඩ්වර්ටයිසින් භාණ්ඩයක් බවට පත් වූ ලසිත් මාලිංග දිගින් දිගටම තේරීම් කමිටුවේ හා ක්‍රිකට් පරිපාලනයේ කලිසම් ගැලවූයේ ය. ක්‍රිකට් පරිපාලනයේ අනුග්‍රහයෙන්ම එංගලන්තය බලා ගිය මාධ්‍යවේදියෝ මයික්‍රෆෝන දිගු කරමින් ලසිත් මාලිංගට උල් පන්දම් දුන්නෝ ය. 15 කට ආසන්න මාධ්‍යවේදීන් පිරිසක් ලෝක කුසලානයට ගියේ ක්‍රිකට් ආයතනයෙන් රු. ලක්ෂ 4 බැගින් ලබාගෙන ය. වසා දමන ලද තිලංගගේ ලක්බිමේ මාධ්‍යවේදියෙකු ද ඒ අතර වීම අරුම පුදුම විහිළුවක් විය.
රිපෝට් එක පිටුවයි, වසරකට දෙකයි, ගෙවීම ඩොලර් ලක්ෂ 120 යි...
මෙවර ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම ගියේද එක් දින ශ්‍රේණිගත කිරීම් වල 8 වැනි ස්ථානයේ සිටිමින් ය. ඒ මෙතෙක් ලෝක කුසලානයකට ශ්‍රී ලංකා කණ්ඩායමක් ගිය දුර්වලතම ශ්‍රේණිගත කිරීම විය.
ඒ දක්වා පැවැති තරඟ වැඩි හරියක ජයට වඩා ලැබී තිබුණේ පරාජයන් ය. තිලංග සුමතිපාල පරිපාලනය විසින් ලොව තුන්වැනියට වැඩිම වැටුපක් ගෙවමින් බංග්ලාදේශයේ සිට මෙහි ගෙන්වා ගත් චන්දික හතුරුසිංහගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 75 කි. වසරකට දෙවරක් එක් පිටුවකින් ලබාදෙන ප්‍රගති වාර්තාවක් සඳහා පමණක් වැටුපට අමතරව ඩොලර් ලක්ෂ 120 ක් ගෙවන්නටත් තේරීම් කමිටුවේ සාමාජිකත්වයක් ලබා දීමටත් පුදුම සහගත කොන්ත්‍රාත්තුවක් ඔහුට ලබා දීමටත් තිලංග ප්‍රමුඛ නඩය කටයුතු කෙළෝ ය. මෙතරම් මුදලක් නාස්ති කර වූයේ ගඟට ඉණි කැපීමක් සඳහා ය. හතුරුසිංහගේ වාර්ෂික ප්‍රගති වාර්තා දීමනාව තවත් කාටදෝ යන බවද දැන ගන්නට තිබේ.
පෙත්සම් ගසා උඩ පන්දු අත ඇරිය ‘වන් ටීම් වන් නේෂන්’..
දින 52 මහින්ද රාජපක්ෂ රජයට පිං සිදුවන්නට හතුරුසිංහ තරම්ම නාහෙට නාහන ගිනි පුක් කාරයෙකු වන අසන්ත ද මැල් තේරීම් කමිටු මුල් පුටුවට පත් විය. ඔහු හා හතුරුසිංහ අතර හටගත් ගැටුම් නිසා කණ්ඩායම තුළද ගැටුම් උත්සන්න විය. ඇතැම් ක්‍රීඩකයන් හතුරුසිංහට කඩේ යද්දී ඇන්ජලෝ වැනි ක්‍රීඩකයන් ඔහුගේ මුහුණවත් නොබන තත්ත්වයක් නිර්මාණය වූ අතර තමන්ට කළ කෙනෙහිළිකම් වලට එරෙහිව ලසිත් මාලිංග ප්‍රසිද්ධියේම සටනට බැස්සේ ය. ලෝක කුසලානය පුරාම පැසෙන්ජර් කෙනෙකු වූ තිසර පෙරේරා ලසිත් මාලිංගට විරුද්ධව පාලක මණ්ඩලයට පෙත්සම් ලිව්වා පමණක් නොව ලසිත් ගේ පන්දු වලට ලබා දුන් උඩ පන්දු අත හැරියේ ය.
කණ්ඩායම මෙසේ තිබිය දී තේමාව ‘වන් ටීම් වන් නේෂන්’ නම් විය.
ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ ද තිලංග පිළ, ෂම්මි පිළ හා මොහාන් පිළ යනුවෙන් කොටස් තුනක බෙදීමක් තිබියදී ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වැනි කණ්ඩායමක් දිමුත් කරුණාරත්න යටතේ එංගලන්තයට ගියෝ ය.
මිලින්ද සිරිවර්ධන, ජෙෆ්රි වැන්ඩසේ, ජීවන් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් කණ්ඩායමට තෝරා ගැනීමේ දී අක්‍රමිකතා සිදු වී ඇතැයි වාර්තා වූ අතර එය සනාථ කරමින් ඔවුන්ගෙන් මේ තරඟාවලියේ දී කිසිදු සේවයක් සිදු නොවීය.
උඩ පන්දු අත හරිමින් බිංදු වලට දැවී යන 'හතුරුසිංහගේ පුතා'...
'හතුරුසිංහගේ පුතා' යනුවෙන් විරුදාවලි ලත් කුසල් මෙන්ඩිස් උඩ පන්දු අත හරිමින් බිංදු වලට දැවී යද්දීත් සියළු තරඟ වලට යොදවන ලදී. අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට යෙදැවූයේ තරඟ 5 කට පසුව ය. මේ සියල්ල සිදුවන්නේ තේරීම් කමිටු සභාපති වරයා කළමනාකරු ලෙස කණ්ඩායමේ සිටිය දී ය. හොඳම දඟ පන්දු යවන්නා ලෙස රැගෙන ගිය වැන්ඩසේ ක්‍රීඩා කෙළේ 8 වැනි තරඟයේ දී ය.
කරුණු මෙසේ තිබිය දී ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් තිලංග විසින් නටවන ක්‍රිකට් පාලක මණ්ඩලයට ද ලෝක කුසලානය රජ මඟුලක් මෙන් විය. ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වීම සඳහා ‘සෙන්ඩ් ඔ්ෆ්’ උත්සවයකට කෝටි ගණනක් වෙන් කර තිබුණු නමුත් අවස් මොහොතේ එය අත් හැර දමනු ලැබුවේ ය.
ක්‍රීඩා අමාත්‍යවරයාද ගොනාට අන්දවා...
එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාද ගොනාට අන්දවා ලක්ෂ 60 ක් වියදම් කර ලෝක කුසලාන අඬන ගීයක් ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ම එළි දක්වන්නට ක්‍රිකට් පාලක මණ්ඩලය සමත් විය. එය ජයග්‍රාහී හැඟීමක් ඇති නොකරන ඇඬිල්ලක් බඳු ගීතයක් විය.
පෙබරවාරි මාසයේ පවත්වන ලද නිලවරණයේ දී තමන්ට ඡන්ය දුන් කුජීත ක්‍රීඩා සමාජ හා සංගම් නිලධාරීන් 40 කට ලෝක කුසලාන තරඟ නැරඹීමේ වාසනාව හිමිකර දුන් ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීහු ඒ සඳහා ක්‍රිකට් අරමුදලින් කෝටි ගණනක් වෙන් කරන ලදහ. මොවුන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර, තරඟ ප්‍රවේශ පත්‍ර, වීසා ගාස්තු හා නවාතැන් ගාස්තු ද ගෙවන්නට කටයුතු යොදා තිබිණ.
මෙසේ ගිය පිරිස අතර හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාගේ බදුල්ල සම්බන්ධීකරණ ලේකම්වරයෙකු, බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ලේකම් හා පෞද්ගලික ලේකම් වරිය ද වූහ. ක්‍රීඩා අමාත්‍යවරයා ද සියළු වැඩ පසෙක ලා දෙවරක්ම එංගලන්තයට ගිය නමුත් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ලබාගෙන නොතිබිණ. ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම් වරයාද එංගලන්ත සංචාරයට එක්වූයේ ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙනි. මොවුන් මෙසේ ප්‍රතිලාභ ලබද්දී අරවින්දත් සනතුත් සාමාන්‍ය ප්‍රේක්ෂකාගාර වල හිඳ තරඟ නැරඹූහ.
අයිසීසීය ඇතුළු කාගෙ කාගෙත් 'හඬ' දැන් නිහඬයි...
ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරමාර්ථයෙන් ක්‍රීඩා සමාජ නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් තේරී පත්වූ වත්මන් ක්‍රිකට් පරිපාලනයේ මේ මුදල් නාස්තිය පිළිබඳ රනිල්ගේ ආණ්ඩුවද මුනිවත රකී. තිලංග නිසා ජනාධිපතිවරයාගේද රැකවරණය ලැබේ. වෙන දා පාර්ලිමේන්තුවේ කොයි දේටත් කෑ ගහන ජවිපෙ ද නිහඬ ය. මුදල් කාබාසිනියාවත් සමග අපේ ක්‍රිකට් දිනෙන් දින වළපල්ලට යමින් තිබේ. ක්‍රීඩා ඇමැතිවරයාගේ ද මුල් කාලයේ තිබූ ‘හඬ’ දැන් නැත.
මාධ්‍යයට ද හොඳින් සලකන බැවින් ඔවුන් ද නිහඬ ය. ලක්ෂයක වැටුපක් ගෙවමින් පසුගියදා මාධ්‍යවේදීන් දෙදෙනෙකු මාධ්‍ය අංශයට බඳවාගෙන ඇත්තේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට ය.
බර්මින්හැම් නිවසකට වී රූපවාහිනියෙන් තරඟ නරඹමින් ගුවන් විදුලි විස්තර විචාරය ගෙන ආ බන්ධුල සමන් වතුරේගම හොර දෙටුවා ප්‍රමුඛ සගයන්ට කෝටි එක හමාරක් ලබා දී තිබුණි.
වෙනකක් තබා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටම ලෙඩ දමන අයිසීසීය ද මොවුන්‌ගේ මෙම මුදල් නාස්ති කිරීමත්, තිලංගට නීත්‍යාණුකූලව ක්‍රිකට් විධායක සභාවේ රැඳී සිටිය නොහැකි බවත් නොදකින්නේ පුදුම අන්දමට ය.
පසුගිය වකවානුවේ සිදුවූ අක්‍රමිකතා, මුදල් නාස්ති, විදෙස් හොර ගිණුම් වලට කෝටි ගණන් මුදල් සංසරණය වීම සොයා බැලීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද වෝහාරික විගණනය ද මාස ගණනක් තිස්සේ හිර වී තිබේ. පාර්ලිමේන්තුවට ලබා දීමට පෙර එහිද කොළ ගැලවී යාමට ඉඩ ඇත.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අබ සරණයි.
-LeN ස්පෝර්ට්මන් එංගලන්තයේ සිට-