මුරලිගේ අළුත්ම ව්‍යාපෘතිය මෙන්න
ලොව එදා මෙදා තුර බිහිවූ සුපිරිතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් යුද්ධයෙන් අවතැන්වූ සහෝදර ජනතාව වෙනුවෙන් ක්‍රීඩා සංකීර්ණයක් ගොඩනැගීම උදෙසා විදේශීය රට වලින් අරමුදල් රැස්කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කරන්නේ යුද්ධයෙන් අවතැන්වූ දහසකුත් දරුවන් සඳහා අළුත් ජීවිතයක් උදාකිරීමේ අරමුණෙන් මෙම ක්‍රීඩා සංකීර්ණය උතුරු පළාතේ ඉදිකිරීමට මුරලි අදහස් කරගෙන සිටින බවයි.
මෙම ක්‍රීඩා සංකීර්ණය ගොඩ නැගීම සඳහා පිටරට වලින් මුදල් රැස්කිරීමට තමා අදහස් කරගෙන සිටින බවත් යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට උදව් කිරීම වැදගත් බවත් මුරලි ප්‍රංශ පුවත් සේවයට අවධාරණය කර තිබේ.
38 හැවිරිදි මුරලි ටෙස්ට් කඩුළු 800 ක් හා එක්දින කඩුළු 538 ක් දවා ගනිමින් ලෝක වාර්තාවට හිමිකම් කියයි.