මුරලි

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මුරලිගේ අළුත්ම ව්‍යාපෘතිය මෙන්න
    ලොව එදා මෙදා තුර බිහිවූ සුපිරිතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් යුද්ධයෙන් අවතැන්වූ සහෝදර ජනතාව වෙනුවෙන් ක්‍රීඩා සංකීර්ණයක් ගොඩනැගීම උදෙසා විදේශීය රට වලින් අරමුදල් රැස්කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කරන්නේ යුද්ධයෙන් අවතැන්වූ දහසකුත් දරුවන් සඳහා අළුත් ජීවිතයක් උදාකිරීමේ අරමුණෙන් මෙම ක්‍රීඩා සංකීර්ණය උතුරු පළාතේ ඉදිකිරීමට මුරලි අදහස් කරගෙන සිටින බවයි.

    මෙම ක්‍රීඩා සංකීර්ණය ගොඩ නැගීම සඳහා පිටරට වලින් මුදල් රැස්කිරීමට තමා අදහස් කරගෙන සිටින බවත් යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට උදව් කිරීම වැදගත් බවත් මුරලි ප්‍රංශ පුවත් සේවයට අවධාරණය කර තිබේ.

    38 හැවිරිදි මුරලි ටෙස්ට් කඩුළු 800 ක් හා එක්දින කඩුළු 538 ක් දවා ගනිමින් ලෝක වාර්තාවට හිමිකම් කියයි.
     

    Similar threads