මුරුංගා පැල කරගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මුරුංගා පැල කරගන්න

    මචංල මට මුරුංගා ගහක් අපේ වත්තෙ හදාගන්න ඕන.මුරුංගා පැල තියෙනවද ගන්න මම දන්න කෙනෙක් කිව්ව මුරුංගා අතු පැලවෙන්නෙ කියල ඒක අැත්තද.වේලුන මුරුංගා කරල් වල අැට පැලවෙනවද?මුරුංගා පට්ට ගුණ කෑමක් බං.උඹලත් කාපල්ලා.පුළුවන් අය ගෙදර වත්තෙ ගහක් හදාගන්න.මුරුංගා කරල් වගේම කොලත් පට්ට ගුණයි.සුද්දෝ මුරුංගා කොල කුඩු කරලා තේ කොල වගේ වගේ උණු වතුර දාගෙන බොනවා.ඉන්දියන් උන් නම් මුරුංගා බත් ඵක්ක මරනවා.:D.ඒකනේ උන්ට ලෙඩ අඩු...:)


    KjjojjS.jpg


    Lsgq3RW.jpg
     
    Last edited:

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මචංල මට මුරුංගා ගහක් අපේ වත්තෙ හදාගන්න ඕන.මුරුංගා පැල තියෙනවද ගන්න මම දන්න කෙනෙක් කිව්ව මුරුංගා අතු පැලවෙන්නෙ කියල ඒක අැත්තද.වේලුන මුරුංගා කරල් වල අැට පැලවෙනවද?මුරුංගා පට්ට ගුණ කෑමක් බං.උඹලත් කාපල්ලා.පුළුවන් අය ගෙදර වත්තෙ ගහක් හදාගන්න.මුරුංගා කරල් වගේම කොලත් පට්ට ගුණයි.සුද්දෝ මුරුංගා කොල කුඩු කරලා තේ කොල වගේ වගේ උණු වතුර දාගෙන බොනවා.ඉන්දියන් උන් නම් මුරුංගා බත් ඵක්ක මරනවා.:D.ඒකනේ උන්ට ලෙඩ අඩු...:)


    KjjojjS.jpg


    Lsgq3RW.jpg


    ඇට හොයා හොයා ඉන්න දෙයක් නැ. ලොකු අතු කෑල්ලක් බිමට ගහලා තිබ්බත් නිකන්ම පැල වෙනවා
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඇට හොයා හොයා ඉන්න දෙයක් නැ. ලොකු අතු කෑල්ලක් බිමට ගහලා තිබ්බත් නිකන්ම පැල වෙනවා

    :cool:මරුනේ,තෑන්ක්ස් මචං.:)+10
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඇට හොයා හොයා ඉන්න දෙයක් නැ. ලොකු අතු කෑල්ලක් බිමට ගහලා තිබ්බත් නිකන්ම පැල වෙනවා
    athu15 withara gahuwa. eka eka widihata kala. pala wela aye marenawa. palayake genath haduwa . hodata thibba. me dawas wela pawillata kola okkoma haluna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Mama internet eke article ekak dakala murunga kola tikak aragena wathura dala blender karala bonna haduwa. Bonna ba ban. Wamaneta enawa
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Murunga wala protein thiyenwa sahena. aththatama bonna puluwan nam hodai. machan Murunga gas warga dekak thiyeda? Kathuru murunga kiyanne wena gahakda?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Murunga wala protein thiyenwa sahena. aththatama bonna puluwan nam hodai. machan Murunga gas warga dekak thiyeda? Kathuru murunga kiyanne wena gahakda?
    Warga dekak. Kathuru murungath gunai. Eth murunga tharam na kiyala thama kiyanne. Kathuru murunga wala kole digati. Murunga wala kole digati na.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    දෙවියන් මිනිසාට තිළිණ කළ
    බහු කාර්ය ශාකය
    මුරුංගා - (Moringa oleifera)

    උපතෙහි සිට මරණය දක්වා නිරෝගී වූත් සාර්ථක වූත් ජීවිතයක් ගතකිරීමට මිනිසාට මග පෙන්වීමට දෙවියන් දුන් තිළිණයක් සේ මුරුංගා හැඳින්වෙනවා.
    එය කිසිදු රසායනික පොහොරක් පලිබෝධ නාශකයක් නැතිවම නිසරු පෙදෙසකවුවත් නියංකාලයක වුවත් පහසුවෙන් වැවෙන්නක් .
    ඉන්දියාව මුරුංගාවල නිජබිම යි. ශ්‍රීලංකාව බුරුමය පිලපීනය වැනි ආසියානු රටවල මෙන්ම අමෙරිකානු අප්‍රිකානු රටවල ද වගා කෙරෙනවා.

    ඇස් රෝග සුවකිරීමේ සුවිශේෂ හැකියාව නිසා අක්ෂිව නම්න් හඳුන්වනුලබනවා.
    පාරම්පරික ඇස් වෙදකමේ වම්පයෙහි මාපටැඟිල්ලට බෙහෙත් බැඳ දකුණු ඇසට වෙදකම් කරන විස්මිත පිළියම් ක්‍රමයෙහි ප්‍රධාන ඖෂධයක් ලෙස .මුරුංගා යොදාගන්නා බව සඳහන්.
    මුරුංගාවල ඇති ආශ්චර්යවත් ගුණ නිසා බටහිර වැසියන් එය miracle plant ලෙස හඳුන්වනවා.
    ඊටම සරිලන විශේෂ ගුණවලින් යුතු අතර මස් මාංශවල අඩංගු සිරුරට අත්‍යවශ්‍ය සියලු ඇමයිනෝ අම්ල ඇති එක ම එළවළුව ලෙස සඳහන් වෙනවා. එනිසා එය නිර්මාංශිකයන්ට
    මාංශ ආහාර වෙනුවට ගත හැකි වටි නා ආදේශකයක්.

    විටමින් A B C යකඩ, කැල්සියම්, පොස්පරස් ප්‍රෝටීන්, මැග්නීසියම්, තඹ කොපර් ඛනිජ ලවණ පෝෂක ගණාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් යුක්තයි . ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
    ආහාර රුච් ය වඩවනවා . දිරවීම පහසු කරනවා,රුධිරගත සීනි පාලනය කරනවා. ලේ පිරිසිදු කරනවා. සම පැහැපත් කරනවා.

    විෂනාශක ශක්තියෙන් යුතු මුරුංගා අතීතයේ ජලය පිරිසිදුකිරීම සඳහා යොදාගත් බව ද සඳහන්.
    එය අසාත්මික තා දුරුකරන හා සත්ත්ව විෂ පළවා හරින ගුණයෙන් යුක්තයි.

    ආයුර්වේදයේ රෝග අවස්ථා 300කට පමණ මුරුංගා යොදාගන්නා බවට සටහන් වෙනවා. එහි මල් කොළ කරල් පොතු, මුල්, ලාටු යන සියලු කොටස් ඖෂධ සඳහා යොදාගන්නවා.
    මුරුංගා නිතර ආහාරයට ගැනීමෙන් ම බොහෝ රෝගවලින් වැළකීමට හැකියි.
    මල් කොළ හා කරල්, වෑංජන මැල්ලුම් බැදුම් හොදි සුප් කොළ කැඳ , කොළ කුඩු තේ, ආදි විවිධ ක්‍රමවලින් ආහාරයට සකසා ගත හැකියි .
    වඩා ගුණ දායක කොටස මුරුංගා කොළයි. කොළ යුෂ කෝප්පයක කිරිකෝප්ප 80 ක, දොඩම් ගෙඩි6 ක කෙසෙල් ගෙඩි 8 ක ගුණ පවතින බව කියවෙනවා.කොළ යුෂ කිරි සමග මිශ්‍ර කරගත් විට එය රසවත් පානයක්.
    කොළ කුඩු තේ, ව්‍යායාම කිරීමෙන් පසු සිරුර ප්‍රකෘති තත්ත්වයට පත්කර දෙන්නක්.

    .මුරුංගාවල ඇති අස්ථී වර්ධන හැකියාව නිසා කුඩාකාලයේ සිටම ආහාරයට ගැන්මෙන් වියපත්වන විට ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් රෝගයෙන් වැළකිය හැකියි, A විටමින් ඌණතාවෙන් ඇතිවන රෝගවලින් ද වැළකිය හැකි බව පර්‍යේෂණවලින් තහවුරුව තිබෙනවා.
    නිතර ආහාරයට ගැන්මෙන් හදවත් රෝග හා මුත්‍රා රෝගද වළකිනවා.
    මුරුංගා පොතු වියළා දිනපතා වෑංජනවලට කුළුබඩුවක් ලෙස එක්කිරීමෙන් එය ඇදුම කැස්ස පණු රෝග අස්ථි රෝග ශ්‍රවණාබාධ වලට එරෙහිව ක්‍රියාකරන බව සඳහන්.
    පොතු . තැම්බුම් හොදි, අච්චාරු සඳහාත් යොදා ගන්නවා. කොළ ඉස්සන් දැල්ලන් මය්යොක්කා ආහාරයට සැකසීමේදී සැර අඩුකිරීමට යොදාගන්නවා.

    පිළිකා ප්‍රතිකාරවලට අවශ්‍ය ම ඖෂධයක් සේ සැළකෙන අතර ඒ සඳහා මුල් හා පොතු යොදාගනු ලබනවා.
    ඉදිමුම් ගෙඩි ආදියට .මුල් කොළ හා පොතු යොදා ගන්නවා. මුත්‍රාගල් ඉවත් කිරීමට මල් ( සුදු වර්ගය) කෂාය සකසා දෙනවා.
    ඇට වලින් තෙල් සිඳ වේදනා නාශකයක් සේ ප්‍රයෝජනයට ගන්නවා.
    සමෙහි ගෙඩි, තුවාල, ඉදිමුම් , සඳහා මෙන්ම අජීර්ණ, අම්ල පිත්ත, කාන්තා රෝග, වකුගඩු සෙම් වාත රෝග ආදියටද පිළියම් කිරීමට මුරුංගා උපකාරි වනවා.

    ගැබිණි මවුවරුන්ට බෙහෙවින් හිතකරයි. නීරක්තිය දුරුකරමින් සිරුර ශක්තිමත් කරනවා. දරු උපත පහසුකර දෙනවා.
    මාස හයේදී ළදරුවන්ට ඝන ආහාර දෙන්නට පටන් ගත්විට අස්ථිවර්ධනය හා වෙනත් පෝෂක ලබාදීම සඳහා මුරුංගා කොළ එක්කිරීම ඉතා පලදායකයි .

    වැඩුණු අය සඳහා ස්වාභාවික වාජීකරණයක් සේ ක්‍රියාකරමින් ලිංගික ශක්තිය වර්ධනය කර දෙනවා.
    මුරුංගාවල ඇති සැපොනින් රසායනය ලිංගික උද්දීපනය ඇතිකරන ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහල නංවන බව නූතන පර් යේෂණවලින් තහවුරුවී තිබෙනවා.

    මුරුංගාවලින් අත් බෙහෙත්

    * සුනඛයන් සපා කෑවිට
    .මුරුංගා දලු කොටා හුණු සමග මිශ්‍රකර කෑ මුඛයෙහි ගෑම

    *ගෝනුසු බමර දෙබර මීමැසි විසට
    මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගෑම
    .
    *කුරුලෑ ලප කැළැල් හා අව පැහැවීම් වලට
    මුරුංගා කොළ යුෂ දෙහියුෂ සමග ඇල්දියට දමා මුහුණ සේදීම

    *මුත්‍රා දැවිල්ලට
    කැකිරි හෝ පුහුල් යුෂ සමග කොළ යුෂ තේ හැඳි දෙකක් දමා පානය කිරීම

    *අම්ල පිත්ත රෝගයට
    කොළ මිටක් අඹරා මුදවපු කිරි මේස හැඳි පහක් මිශ්‍රකර උදේ හිස්බඩ ආහාරයට ගැනීම

    *ඇදුම ට කැස්සට
    මද උණුසුමේ වියළා කුඩුකර තේ මෙන් සකසා බීම

    *සැරව ගලන තුවාල වලට
    තල තෙල් හා එළඟිතෙල් සමග කොළ අඹරා ගෑම (දින කීපයක්)

    ලිපි සැකසුම -2018.06.01

    (මූලාශ්‍ර - මුහුණු පොත )
     
    Last edited:
    • Like
    Reactions: Recovery

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    murunga athu nikanma pala wenawa machan.
    Murunga kola welala habai thada auwe newe mada pawane welala kudu karala gattama diwa osuwak. kudu 50g Rs 1000katath wadi lankawen export karanawa.

    Suddo kiyanna "Moringa the magical tree" kiyala bang.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    murunga athu nikanma pala wenawa machan.
    Murunga kola welala habai thada auwe newe mada pawane welala kudu karala gattama diwa osuwak. kudu 50g Rs 1000katath wadi lankawen export karanawa.

    Suddo kiyanna "Moringa the magical tree" kiyala bang.

    අපේ උන්ට අගයක් නැහැ..සුද්ද ඕක ඵහෙ වගා කරනවා පුළුවන්කමක් තිබ්බනම්.මුරුංගා ගස් winter ඵකට මැරෙන නිසා තමා අනිත් රටවල් වලින්‍ කුඩු කරන ඒවා ගන්නේ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    මට මුරුංගා ඇලජික්. අඩු ගානේ හොදි ටිකක් හරි කැවුනත් ඇති පලු දාන්න ගන්නවා