මුල්ම බෞද්ධ විදුහල!
තුන් සිංහලයේ උසස්ම බෞද්ධ විද්‍යාලය ලෙස අවිවාදයෙන් පිළිගන්නා ආනන්ද විද්‍යාලය ආරම්භවී වසර 123 පිරෙන අනුස්මරණ දිනය නොවැම්බර් 1 දිනට යෙදී තිබේ. බෞද්ධ අධ්‍යාපනයේ නාමයෙන් කිසිදු බෞද්ධ පාසලක් නොවූ අ»රු යුගයක පහළ වූ වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරාවාදයෙන් ගලා ගිය ආලෝකධාරාව ඔස්සේ මෙරටට උපගත වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා හා මෙරට බෞද්ධ ජනනායකයින්ගේ අනුග්‍රහයෙන් ඇරඹුණු ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි පාඨමාලාවේ 1886 නොවැම්බර් 1 දා පිටකොටුවේ මාළිගාවත්ත වීදියේ අංක 61 දරන ස්ථානයේ බිහි විය. 37 දෙනෙකුට සීමා වූ ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිතව සී. සහිතව සී. ඩබ්ලිව්. ලෙඩ්බිටර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙම පාසල 1889 ජනවාරි 19 දින කර්නල් ඕල්කොට්තුමාගෙන් ප්‍රථම ත්‍යාග ප්රදානෝත්සවය සිදුවිය.
විරෝධය
බෞද්ධ ඉංගී්රසි පාඨමාලාවක් ලෙස ලියාපදිංචි වූ මෙම පාසල එම වර්ෂයේ අගෝස්තු මාසයේදී කුමාර වීදියේ අංක 61 දරන වඩාත් ඉකඩ ඇති තැනකට ගෙන ගියේය. එම වර්ෂයේ ඇතිවූ ප්‍රථම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව රජයෙන් ලද ආධාර මුදල රු. 359 ක් විය. මාළිගාවත්ත වීදියෙන් කුමාර වීදියට ගෙන ගිය මෙම පාසල වැඩිකල් නොගොස් නැවත මාළිගාවත්ත වීදියේ අංක 57 දරන ස්ථානයට ගෙන යැමට පාලක පක්ෂයට සිදු විය. මෙයට හේතු වූයේ අසල්වැසි කතෝලික පාසල් ප්‍රධානියාගේ අධ්‍යාපන ව්‍යවස්ථාවට අදාළ විරෝධතා මතු කළ නිසාය.
1886 නොවැම්බර් 15 වැනි දින පළවූ "ලක්මිණි පහන" පුවත්පතේ ආනන්ද විද්‍යාලය ගැන මෙසේ සඳහන් වී ඇත. "මෙම පාඨමාලාව කලින් ප්‍රකාශ කළ පරිද්දෙන් ගිය සඳුදා ආරම්භ කළෝය. මෙහි ඉගෙනීමට ළමයි බොහෝ දෙනෙක් ආරම්භයේදී පැමිණියෝය. දවසක් පාසා ළමයින් වැඩිවන බව පෙනේ. දැනට ශිෂ්‍යයන් හැට ගණනක් සිටී. ශාස්ත්‍රශාලාව ආරම්භයේදී බොහෝ බෞද්ධයෝ මෙයට ආදාරය ප්‍රකාශ කළෝය. සමහරු ශාස්ත්‍ර ශාලාවේ පාලනයට සතුටු පඬුරු දෙන ලෙස ගිවිසියෝය. බොහෝ අය තම තමන්ගේ දරුවන් එවන බව ප්‍රකාශ කළෝය. තවත් සමහරු පාඨමාලාවට යමක් ඕනෑ වූ විට දන්වන්නට ආරාධනා කළෝය. මෙසේ නොයෙක් ආකාරයෙන් ශාස්ත්‍ර ශාලාවට ඇති ආදරය ප්‍රකාශ කළ බෞද්ධ ජනතාවට ස්තුති කරමි. මෙහි දැනට ඉංග්‍රීසි පමණක් නොව සිංහල අක්ෂර විද්‍යාවද සිංහල ව්‍යාකරණද උගන්වනු ලැබේ. දැනට ගුරුවරුන් තුන් දෙනෙක් සිටිති. ක්‍රිස්තියානි පාසල්වලට දරුවන් යෑවීමෙන් වන විපත් බෞද්ධ පාඨශාලා පිහිටුවා ඒ විපත නිරාකරණය කළ යුතු බවත් අපි නොයෙක් විට සඳහන් කර ඇත්තෙමු. ශාස්ත්‍ර ශාලාව පාලනය කරගෙන මෙසේ බෞද්ධ දරුවනට ඉගැන්වීම දෙලොවටම වැඩදායකය. වර්ධනයට මේ කාලයෙහි කළ යුතු වැඩක් ලෙස අවබෝධ කර ගත යුතුය.
පිටකොටුවේ ඉඩකඩ වලින් අවහිරව ඉදිරියට ආ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවට 1894 ජනවාරි මාසයේදී ස්වර්ණමය යුගයක් උදාවිය. මරදානේ පරණවාඩිය පාරේ අක්කර 3 1/2 ක් වූ භූමි භාගයක් පාසල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට මහා දානපතියෙක් ඉදිරිපත් විය. මෙම දානපතියා පරම්පරා ගණනක් තුළ බෞද්ධ ආගමික හා පොදු සාමාජයීය කටයුතුවලට නොමසුරුව ආධාර දුන් මහා දානපති පරපුරක අන්තිම මුදලිවරයා වූ වැලිතර මහාකවිමිණ වලව්වේ ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමාය. එතුමා පරිත්‍යාග කළ එම භූමිභාගයේ ඉදිවුණු එම ගොඩනැගිල්ලට මුල්ගල තැබීමෙන් පසු එය විවෘත කිරීමත් එතුමා අතින් සිදුවිය.
ලක්මිණි පහන
1885 මාර්තු පස් වැනි දින පමළ වූ "ලක්මිණි පහන" පුවත්පත මුල්ගල තැබීමේ උත්සවය මෙසේ වාර්තා කොට ඇත. ලක්දිව ප්ර්රථම බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලය පැවැත්වීමට යෝග්‍ය භූමියක් නැතිව සිටියදී කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා පරිත්‍යාග කළ භූමි භාගයේ මුල්ගල තැබීමේ උත්සවය පසුගිය සිකුරාදා පස්වරු 5 ට පැවැත්විණි. ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා ශුභ මොහොතින් මුල්ගල තැබූ මෙම උත්සවයට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, හෙයියන්තුඩුවේ දේවමිත්ත නාහිමි, මුල්ලේරියාවේ ගුණරතන නාහිමි, මහාගොඩ ඥනිස්සර නාහිමි ඇතුළු වාසල මුදලිඳු ගුණරත්න, මුණසිංහ මෙන්ඩිස්, පේද්‍රිස්,ඇලෙක්සැන්ඩර් ද සිල්වා යන ආර්. ඒ. මිරන්ඩු මහතාද වූහ.
මෙතෙක බෞද්ධ ඉංග්‍රීසි පාසල නමින්වූ මෙම විද්‍යාලය වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ යෝජනාවක් අනුව "ආනන්ද විද්‍යාලය" ලෙසට නම් විය.
ප්‍රතිකාල් යුගයේ සිට ඉංග්‍රීසි පාලනයේ මුල් යුගය දක්වා පහත රට කුරුඳු ඒකාධිකාරිය පිළිබඳ රජයේ ප්ර්රධාන විධායක නිලය වූ මහබද්දේ මුදලි ධුරය දැරූ වැලිතර රාජපක්ෂ මුදලි පරපුරේ අන්තිම මුදලිවරයා වූ අදිරියන්ද ආබ්‍රෙව් විජය ගුණරත්න, රාජපක්ෂ වාසල මුදලිතුමාගේ විය. ප්ර්රතිකාල් යුගයේ සිය රාජකාරි අවංකව ඉටුකිරමෙන් ප්‍රසාදයට පත් මෙම පරපුරේ ආදි මුදලිවරුන් ලබා සිටි ප්‍රසාද දීමනා අතර වූ බිම් ප්‍රමාණය අක්කර දහස් ගණන් ඉක්මවා ගොස් තිබිණි. ඕලන්ද පාලනය අවසන් යුගයේදී ස්වදේශකයන් ලද ආගමික නිදහස අනුව පහත රට ප්‍රභූන් සිය වැළලී ගිය බෞද්ධ ආගමික ප්රබෝධය වඩාත් දියුණු කරවමින් විහාරාරාම ඉටුකිරීමේ උත්සුක විය.
මෙම ව්‍යාපාරයේ මුල්තැන ගත් අදියරියනද ආබ්‍රෙව් රාජපක්ෂ මුදලි සිය ජන්ම භූමිය වූ වැලිතර වෙහෙර විහාර දේවල කෝවිල් ගණනක් ඉදිකරන ලදී.
එතුමාගේ අභාවයෙන් පසු එකම පුත්‍රයා වූ සැම්සන්a රාජපක්ෂ වාසල මුදලිතුමාද සිය පියාණන්ගේa ආගමික හා සමාජීය සද් ව්‍යාපාරයන් වඩාත් දියුණු කරමින් එම යුගයේදී ශ්‍රී ලංකාවේ විසූ අග්‍රගන්‍ය දානපතියා විය.
එතුමාගේ අභාවයෙන් පසු එකම පුත්‍රයා වූ ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමාද සිය මතු පරපුරේ දානපති භාවය වඩාත් ඔප කරමින් සමාජ සේවයේ නිරත විය.
1868 දෙසැම්බර් 31 දින ජන්ම ලාභය ලද ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා ළමා කල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගැටවර වියේදී සිය පියාගේ සමාජ සේවා ව්‍යාපාරයන්හි යෙදුණේය. 1890 මුදලි ධූරයෙන් සම්මාන ලද එතුමා ඊළඟ වර්ෂයේ වාසල මුදලි ධුරයෙන්ද සම්මාන ලැබීය.
ආනන්ද විද්‍යාලයට මෙම පරිත්‍යාගය කෙරෙන විට එතුමා 26 වියේ සිටි ගැටවර තරුණයෙක් විය. සිය පරපුරේ ආගමික හා සමාජසේවා පිළිවෙත් නොපිරිහෙලා ඉටුකළ එතුමා සිය මුත්තණුවන්ගේ යුගයේදී ඉදිකළ සියලු ආගමික ස්ථානයන්හි පූර්ණ දායකත්වය දැරීය. සිය පාරම්පරික නිවාස වූ මහාකප්පින වලව්ව පියාණන්ගේ යුගයේදී ඇරඹුණු අමරපුර සද්ධම්මවංශ නිකායේ උපසම්පදාව වසරක් පාසා පැවත්වාගෙන යැමට අවශ්‍ය පහසුකම් සපයන ලදී. ජීවිතයේ අවසාන භාගයේදී වළව්ව සඟ සතු කොට පූජා කළ එතුමා නිකායේ අනාගත සුරක්ෂිතභාවය පතා අවශ්‍ය මුදල් ද වෙන්කොට ඇත.
එකම ලාංකිකයා
චිත්‍ර කලාව පිළිබඳ මනා නිපුණතාවක් තිබූ මෙතුමා විසිවන සියවසේ මුල් භාගයේදී යුරෝපීයයන්ගේ ඒකාධිකාරයක්ව තිබූ ලංකා කලා සංවිධානයට බැඳී ඔවුන් හා එක්ව චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ එකම ලාංකිකයාද විය.
පස්වැනි ජෝර්ඡ් මහ රජතුමාගේ මෞලි මංගල්‍ය වෙනුවෙන් පහත රට සිංහලයන් නියෝජනය කරමින් එම උත්සවයට සහභාගිවී පෙරළා සියරට පැමිණි මෙතුමා පිළිගැනීම සඳහා 1911 නොවැම්බර් 2 දින වැලිතර මහ කප්පින වලව්වේ පැවැත්වූ උපහාර රැස්වීමේ මුලසුන ගත් අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන මැතිතුමා මෙසේ සඳහන් කොට ඇත. මෙතුමා හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පියාය.
ටියුඩර් රාජපක්ෂ වාසලමුදලිතුමා ලාංකික නියෝජිතයකු ලෙස ගරුතර ආණ්ඩුකාරතුමා විසින් තෝරාගනු ලැබීම අපේ ආඩම්බරයට හා ප්රමෝදයට හේතුවේ. මක්නිසාද යත් එතුමා මෙම යටතේ විජිතයේදී සෑම දෙසින්ම ගෞරව ප්‍රශංසා ලබන පවුලක කෙනෙකු බැවිනි.
ආනන්ද විද්‍යාලයට මෙම උසස්තම පරිත්‍යාගය කළ අග්‍රගණ්‍ය දානපතියා වෙනුවෙන් එම විද්‍යාලය තුළ කිසිදු අනුස්මරණ සටහනක් හෝ නාම පුවරුවක් හෝ ඡායාරූපයක් හෝ මේ වනතුරුත් දකින්නට නොලැබීම 123 වැනි අනුස්මරණ දිනයේදී කනගාටුවෙන් සඳහන් කළ යුතුව තිබේ.
සිය මතු පරපුරෙන් උරුම වූ අප්‍රමාණ ධනය බුදුසසුනේ හා පොදු සමාජයේ චිරස්ථිතිය උදෙසා නොමසුරුව පරිත්‍යාග කළ මෙම අසහාය දානපතියා 90 වසරක් ආයු වළ¹ 1959 පෙබරවාරි 6 දින ආනන්ද විද්‍යාලය අසල වූ කින්සි පාරේ "ගෙදරම්" නිවසේදී පරලෝ සැපත් විය.
වැලිතර ඒ. රණසිංහ
http://www.divaina.com/2009/10/25/feature24.html
මුල්ම බෞද්ධ විදුහල හදන්න
මරදානෙන් ඉඩමක් දුන් රාජපක්ෂ සිටුවරයා