මුලාව
ඇතැමුන් සිතනුයේ සිදුහත් කුමාරයා, තමාගෙ විමුක්තිය උදෙසා, යශෝධරා දේවියත්, තම රාහුල කුමාරයාත් අත් හැර දමා,ඔවුන් දුකට, අසරණ භාවයට පත් කොට පළා ගියා කියාය. ඒසේ සිතන අය බුදු කෙනකුන් කියන්නේ කවුද කියාවත් හරියට නොදන්නා පිරිසකි. යශෝධරා දේවියට අනුකම්පා කරන ඔවුන්, එවැනි උත්තම චරිත පවා හීන භාවයට පත් කරන්නෝය..

බුදු කෙනකුන් යනු, තමාගේ ස්ව සිද්ධිය, තමාගේ විමුක්තිය උදෙසා ක්‍රියා කරන්නකු නොවේ. අසංඛ්‍ය අසංඛ්‍ය කල්ප ගණන් ,තම ඇස්, ඉස් ,මස්, ලේ දන් දෙමින්, මහ මුහුද පරයන තරම් ජිවිතය පවා පූජා කරමින්, භාර්යාවන් දරුවන් දන් දෙමින් පාරමී, උපපාරමී,පරමත්ථ පාරමී පූරණය කරමින් බෝධිසත්වයන් වහන්සේ කෙනකු ලොවට පහළ වන්නේ තමාගේ විමුක්තිය සොයා යාමට නොවේ.
බෝධිසත්වයන් වහන්සේ කෙනකු, බුදුවරයකුගෙන් නියත විවරණය ලබනවා යනු, නියත වශයෙන්ම මේ කාලයේදී මේ නමින් බුද්ධත්වයට පත්වනවා යැයි ,මේ මේ අය අග්‍ර ශ්‍රාවකයන් වනවා යැයිද, මේ මේ අය භාර්යාව, දරුවන් වනවා යැයිද, සියළු අනාගතය නිසි පරිදි බුදු ඇසින් බලා නියත වශයෙන්ම ප්‍රතිඥා දීමකි. එසේ නියත විවරණ ලබාගන්නා විට, ඒ මොහොතේදීම අභිඥා සහිතව රහත් වී සංසාර දුක්ඛය නිමා කිරීමේ පුණ්‍ය ශක්තිය ඒ බෝධිසත්වයන් වහන්සේ කෙනකුට තිබේ. නියත විවරණය ලබා දෙන බුදුවරයාණන් වහන්සේ විසින්, තවත් ඉදිරියට කල්ප ගණන් බුද්ධත්වය උදෙසා පූරණය කළ යුතු පාරමිතා පිළිබඳව එම අවස්ථාවේදි වඳාරණු ලැබේ. මේ මොහොතේදීම නිවන් ලබා සියල්ලන්ම අත හැර සසරින් එතෙර වීමට හැකියාව තිබියදීත් උතුම් බුද්ධත්වයම ප්‍රාර්ථනා කරන්නේ, තමන් වහන්සේට ඉදිරියට විඳීමට සිදුවන අඟ පසඟ දන්දීම්, ඇස්, හිස් දන්දීම්, ජීවිත පරිත්‍යාග නොදැන නම් නොවේ.. ඒ සියල්ල විඳ හෝ මේ භයානක සසරින් සත්වයන් මුදවමි යන උතුම් අධිෂ්ඨානයෙන් යුක්තවම බෝධිසත්වයන් වහන්සේ කෙනකු මේ සංසාරයට නැවත බසින්නේ සසර ගැන දැන දැනමය... එවැනි උත්තම පරාර්ථකාමී ගුණ දරාගත නොහැකිව මේ මහා පෘතුවිය එහිදි කම්පා වන්නේය..බුදු කෙනකුන් යනු එවැනි උත්තම පුරුෂයකුය..
යශෝධරාව යනු, මේ අද සමාජයේ සිටිනා ළඳ බොළඳ ආත්මාර්ථකාමි කාන්තාවක් මෙන් නොවේ. බෝධිසත්වයන් නියත විවරණය ගන්නා මොහොතේදීම, මෙවැනි උතුම් පුරුෂයකුට, මොහුගේ උත්තම ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරදීමට අත්වැල සපයමියි ,යුග යුග ගණන් මොහුත් සමඟම ඒ දුක විඳිමින් ඔහුගේ පාරමිතා පූරණයට කැපවෙමි යන උතුම් චේතනාව සිත්හි දරා සසරට බට උත්තම අති ශ්‍රේෂට කාන්තා රත්නයකි.. අද මෙන් වචනය වැරදෙද්දී පැන දුවන කාන්තාවක් නම් නොවේ. බෝධිසත්වයාණන් වහන්සේ කෙනකුට, බුදුවන ආත්මයේ පාද පරිචාරිකාව වෙමින් ඔහුට අත්වැල සපයන්නට කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් පාරමී පෙරූ උත්තමාවියකි..
බුදුවරයකු යනු එසේ මෙසේ කෙනකු නොවේ. දැන හෝ නොදැන බුදුවරයකු පිළිබඳ වැරදි සිතිවිල්ලක් හෝ ඇතිකරගත්තා නම්, එහි විපාකය කියා නිමකර නොහැකි අපායගාමි දුක් පමුණුවයි..කර්ම ශක්තිය එතරම් ප්‍රබලය.. අහස,පොළොවට පවා දරාගත නොහැකි අපමණ ගුණස්කන්ධයක් උන්වහන්සේ සතුය..
අප අපගේ ප්‍රංඥාවේ පමණට බුදු කෙනකුගේ ගුණ දකියි. නමුත් ප්‍රංඥවෙන් අග තැන්පත් සැරියුත් ස්වාමින් වහන්සේටවත් ඒ ගුණ අවබෝධ කරගත නොහැකිය..
බුදු කෙනකුන්ගේ අපමණ බුදු ගුණ දත හැකි වන්නේ, තවත් බුදුවරයකුට පමණි.. බුදුවරයකු මෙලොවට පහළවන්නේ සත්වයා සසරින් එතෙර කරවාලීමටය..එක බුදුවරයකු කෝටි ගණන් සත්වයන් සඳහටම සංසාර දුකින් එතෙර කරවයි.. උන් වහන්සේ පිරිනිවන් පා වසර ගණන් ගතවී ඇතිමුත් ඒ ස්වාක්ඛාත වූත්, අකාලික වූත් ධර්මය අදටද සත්වයාට නිවන් ලබා සසර දුක් නිමකරලීමට මඟ සලසයි..
බුදුවරයකු යනු එවැනි කෙනෙකි.. උන්වහන්සේගේ ශාසනයේ පහළ වන යශෝධරා, රාහුල, සැරියුත්, මුගලන් ආදී අනෙකුත් චරිතද එක රැයින් බිහිවු චරිත නොවේ. අහම්බෙන් සිදුවූ ඒවාද නොවේ.. උන් වහන්සේලාද කල්ප ගණන් සසරේ පාරමී පුරමින්, බුද්ධ ශාසනයට බිහිවුණ අයය..
මේ සත්‍යයන් නොදත් අය නිකරුණේ කල්ප ගණනකට තම සංසර දුක්ඛය සකස් කර ගනිති..
නමුත් මේවා දන්නා අය, බුද්ධ, ධම්ම, සංඝ ත්විධ රත්නයේ සැදැහි සිතින් පැහැදී තම දෙලොව යහපත උදා කර ගනිති..
එතැනින් නොනවතිණ අතලොස්සක් වූ ප්‍රඥාවන්තයෝ බුදුන් වඳාළ ධර්ම මාර්ගයේ ගමන් කොට, ධර්මයේ නියම ඵල නෙලා ගනිමින්, සංසාර දුක සදහටම නිම කරමින්, උතුම් නිර්වාණයෙන් සැනහී, බුදු රජාණන් වහන්සේට උත්තම ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරති..

බුදු කෙනකුන් කියන්නේ කවුද කියාවත්, බුදු කෙනකුන් වීමට කළ යුතු දෑ පිළිබඳවත්, බුදුන් වඳාළ ධර්මයවත් නොදන්නා මිනිසුන් , තමනුත් මුලාවී, අනුන්වද මුලා කරති.. තමනුත් අකුසල් පුරවාගනිමින්, අනුන්ටද එසේ කරවති..
"අසම සම" වූ බුදුවරයකුට සමවිය හැක්කේ තවත් බුදුවරයකුට පමණි..
උන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන්,මාරයන් සහිත සියලු ලෝවැසියන්ට අසමය..තවත් බුදු කෙනකුන්ට පමණක් සමය.
උන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන්,මාරයන් සහිත සියලු ලෝවැසියන්ට අසමය..තවත් බුදු කෙනකුන්ට පමණක් සමය.
මේවා අල්ප මාත්‍රයක් හෝ දන්නවා නම්, හතු පිපෙන්නාක් මෙන් අවටින් බුදුවරු බිහිවෙන්නේ නැත. ඔවුන් පසුපස මුලාවී දුවන ශ්‍රාවකයන් බිහිවන්නේද නැත...
නොදන්නා කම කාටත් පොදු දෙයකි.
නමුත් අනාගතයේ බිහිවන යම්කිසි හෝ පාරමී ශක්තියක් ඇති, සසර දුක නිමකිරීමට උතුම් ප්‍රාර්ථනාවක් ඇති අතලොස්සක් වූ පිරිසට වුවද දායාද කිරීමට අප මේ ධර්මය සුරැකිය යුතුය..
නමුත් අනාගතයේ බිහිවන යම්කිසි හෝ පාරමී ශක්තියක් ඇති, සසර දුක නිමකිරීමට උතුම් ප්‍රාර්ථනාවක් ඇති අතලොස්සක් වූ පිරිසට වුවද දායාද කිරීමට අප මේ ධර්මය සුරැකිය යුතුය..
සියළු ලෝ සතුන්ගේ සංසාර දුක්ඛය නිවාලමින් සිහිල් දිය දහරක් වන් වූ ධර්මය තව චිරාත් කාලයක් නොසිඳී ඉදිරියට ගලා යා යුතුමය...
එය එසේම වේවා....!!!