මුලින්ම_කරන_දේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුලින්ම_කරන_දේ

    මුලින්ම කරන දේ


    කළුතන්තිරි මහතා වසර ගණනාවක් තිස්සේ මන්ත්‍ර ගුරුකම් ආදිය පිළිබඳ ගවේෂණ කළ අයෙකි. පරණ පුස්කොළ පොතක් අධ්‍යයනය කොට මහා බලගතු තෙල් වර්ගයක් හිඳගත් හේ එය අත්හදා බලන්නට සිතා නගරය මැද පිහිටි වීර සෙබළාගේ ප්‍රතිමාවට ඉන් බිංදු 3 ක් ඉස්සේය. ඔහු සිතූ පරිදිම ප්‍රතිමාව පණ ආවේය.
    ”ඕන් මං තමුසෙට ආයෙත් ජීවිතේ ලබා දුන්නා. දැන් මොකද්ද තමුසෙ මුලින්ම කරන්ඩ අදහස් කරන්නෙ?”
    ”මම ඉස්සෙල්,ම මේ අවට ඉන්න සේරම කපුටො මරලා දානවා.”
    තම අත රැඳි තුවක්කුව පිරික්සමින් සෙබළා කීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අය කරන්නෙ කොහොමද?

    අය කරන්නෙ කොහොමද?


    අජිත් පුවත්පත් කන්තෝරුවේ දැන්වීම් කවුන්ටරය වෙත ගියේ තම මවගේ මරණ දැන්වීමක් ඊට පසුදින පුවත්පතේ පළකර ගැනීමේ අදහසිනි.
    ”නෝනා, මරණ දැන්වීමකට කීයක් අයකරනවද?”
    කවුන්ටරයේ සිටි තරුණ කාන්තාවගෙන් හේ විමසීය.
    ”අඟලකට රුපියල් 20 ක් ගන්නවා.” ඈ පිළිතුරු දුන්නාය.
    ”මළා... අපේ අම්මා අඩි පහයි අඟල් හයක් උසයිනෙ.” අජිත් ඔළුවේ අත ගසා ගනිමින් කීවේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං මොනවා කරන්නද?

    මං මොනවා කරන්නද?


    හොර සුරා පෙරීමේ වරදට තමා හමුවට පමුණවනු ලැබූ විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළූ විනිශ්චයකරු ගැඹුරු හඬකින් මෙසේ කීය.
    ”එක අවුරුද්දක් ඇතුළත තමා එකම වරදට මේ උසාවියෙදි මා ඉදිරියට ආ 5 වැනි වතාව මේක. ඇත්තටම තමාට මේ ගැන ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?”
    ”තමුන්නාන්සෙ වෙන උසාවියකට මාරුවෙලා යන්නෙ නැතුව මෙහෙම ඉන්නවට ඉතින් මං මොනවා කරන්ඩද?” විත්තිකරු, නඩුකාරවරයා දෙස බලා හිස කසමින් කීවේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජුලියස් සීසර්

    ජුලියස් සීසර්


    ”දයාදේවයා හිතාගෙන ඉන්නෙ ඌ හරියට ජුලියස් සීසර් වගෙ කියල.”
    සොයිසා ලකී මල්ලි සමඟ කීවේ නාට්‍යයේ විවේක කාලයේදීය.
    ”ඒක හරි බං, ඕකාත් කවදා හරි මැරෙන්නෙ පිහි ඇනුමකින්.”
    ලකී කීවේ දෑසින් සිනාසෙමිනි.

     
    • Like
    Reactions: bhai4uanu

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳ වෙලාවට

    හොඳ වෙලාවට


    ”ඊයෙ මම තනියම අර පාළු පාර දිගේ එනකොට එකපාරටම හොරෙක් ඇවිත් මගෙ ඔරලෝසුවයි, පර්ස් එකයි උදුර ගත්තනෙ.” නෙවිල් තම මිතුරු මනෝජ් සමඟ කීවේය.
    ”ඇයි තමුසෙ ගාව පිස්තෝලයක් තිබුණා නේද?” මනෝජ් ඇසුවේ පුදුමයෙනි.
    ”තිබුණා තමයි. හොඳ වෙලාවට හොරාට ඒක අහුවුණෙ නැහැ.” නෙවිල් පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.

     
    • Like
    Reactions: Maheshs

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පනහ ද හැට ද?

    පනහ ද හැට ද?


    ඡායාරූප ශාලාවේ කවුන්ටරය වෙත ගොස්, රිසිට්පත ඉදිරිපත් කොට ඡායාරූප ඇතුළත් කවරය ලබාගත් පියතිස්ස එතැනම හිඳ ඡායාරූප එකින් එක නරඹන්නට විය.
    ”මොකද්ද ඕයි. මේ තමුසෙලා ගත්ත ෆොටෝවල හැටි. මම හරියට අවුරුදු පනහ පැන්න මිනිහෙක් වගේනෙ මේවයෙ වැටිලා තියෙන්නෙ.” කළමනාකරු වෙත ගිය පියතිස්ස කීවේ කෝපයෙනි.
    ”මේවා නරක නෑ සර්. මූණ දිහා බැලුවාම සර්ට හැටකටත් වඩා වැඩියි වගේනෙ පේන්නෙ.” කළමනාකරු කීවේ පියතිස්සගේ මුහුණ දෙස සුපරික්‍ෂාකාරී ලෙස බලමිනි.

     
    • Like
    Reactions: Randir

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං ඇවිත් මොකටද?

    මං ඇවිත් මොකටද?


    අසනීපයෙන් පසු වූ නිහාල් ගේ උණ බලා වැරදි ලෙස උණ කටුව කියැවූ අනෝමා බියට පත්ව වහාම තම පවුලේ වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නාය.
    ”අනේ ඩොක්ටර් ඉක්මන් කරලා එනවද?
    මගෙ මහත්තයගෙ උණ අංශක එකසිය විස්සට නැඟලා.”
    ”එහෙනං මිසිස් අනෝමා මට ඇවිත් වැඩක් නැහැ.
    ගිනි නිවන හමුදාවට කෝල් කරන්න.” වෛද්‍යවරයා වහා පිළිතුරු දුන්නේය.




    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි..........යාලුවා.:) හරිම විනෝදයි....:yes: :yes:
    You must spread some Reputation around before giving it to coollifestyle4u again...:no: :no: