මුලූ රටම පාතාලයක් වෙලා

Mahaawansha

Member
Aug 25, 2011
529
64
0
Kelaniya
මුලූ රටම පාතාලයක් වෙලා

වසර 30 ට පසුව සාමය උදා වුවත්, පැවතුණ බෝම්බ වලට වඩා භයානක පරමාණු බෝම්බ නිර්මාණය වෙමින් පවතින බවත්, මුලූ රටම පාතාලයක් වී ඇති බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පැවසුහ.

ඒ පාතාලය යට ඉන්නේ මුස්ලිම් ජාවාරම්කරුවන් හා අන්තවාදීන් බවත්, එය සෑම ක්ෂේත්‍රයකම අඩු පඩු විහිදූ බූවල්ලෙක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෑත කාලයේ පැන නැගී ඇති බරපතල ප්‍රශ්න කිහිපයක් ගැන ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම සදහා අද (07) පෙරවරුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවෙදී සෝභිත හිමියන් එම කාරණය අවධාරණය කළහ.

දිනෙන් දින රටේ අලූත් ප්‍රශ්න පැන නගින බවත්, අලූත් ප්‍රශ්න පැන නැගුනාම පරණ ප්‍රශ්න යටපත් වන බවත්, පරණ ප්‍රශ්න විසදනවා වෙනුවට අලූත් ප්‍රශ්න ගැන සාකච්ඡා කරන බවත් එහිදී සඳහන් කල උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසිය.

'' ඒකෙන් වෙන්නෙ පරණ ප්‍රශ්න යට යන එකයි. ඊට ඉඩ දෙන්න හොද නැහැ. ප්‍රශ්නය පරණ වූවාට සක්‍රිය බවට එය බාධාවක් නොවේ. අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා.

ඉන් එක සිදුවීමක් තමයි. පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාන්තාවන් ඔවුන්ට හිමි නිල ඇදුම බැහැරකර ඔවුන්ගේ අනන්‍යතාව පෙන්නුම් කරන වෙනත් ඇදුමකින් සේවයට වාර්තා කිරීම. මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑම් මත එය සිදුවන බවයි එම කාන්තාවන් පවසන්නේ. රෝහල් භාර වෛද්‍යවරුනුත් බයවෙලා.

මේ ගැන දැනගත් වහාම ජාතික හෙළ උරුමය විදිහට අපි සෞඛ්‍ය අංශයේ බලධාරීන් දැනුවත් කරා. මේ දක්වා කිසිදු පියවරක් අරගෙන නෑ. නැවතත් අපේ විරෝධතාවය අපි පල කරනවා. අපි ප්‍රශ්න කරන්නේ මෙච්චරයි. රටේ නීති රීති රෙගුලාසි, චක්‍රලේඛ ප්‍රතික්ෂේප කරලා මේ ආකාරයට කටයුතු කරනවා නම් රටේ නීතියට මොකද වෙන්නෙ?

මෙහෙම ගියොත් මේක පිළිකාවක් වගේ පැතිරිලා යනවා. දැන් මේක පාසැල් වලටත් පැතිරිලා තියනවා. පැසැල්වල පොදු නිල ඇදුමට පිටින් තමන්ගේ වාර්ගික අනන්‍යතාවය පෙන්වන ඇදුම් අදිනවා. ඊට පස්සෙ චක්‍රලේඛ හදලා ඒවා නීතිගත වෙනවා. මුස්ලිම් ළමුන් දැන් පාසැල් යන්නේ පර්දාව/තොප්පිය පැළදගෙන.

සිංහල ළමයි ජාතික ඇදුම ළමා සාරිය ඇදල ආවොත් මොකක්ද ඇතිවෙන තත්වය. හින්දු ළමයි ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වන ඇදුම් ඇගෙන ආවොත් මෙකක්ද වෙන්නෙ? පොදු සංස්කෘතියක් ඇතිවෙයිද? අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හීන දීන කොන්ද පණ නැති නිලධාරීන් මේ බලහත්කාරයට ඉඩ දුන්නා. ඊට පස්සේ චක්‍රලේඛ මගින් ඒවා නීතිගත කළා. මේකම තමයි ඉදිරියේදී රෝහලවලටත් වෙන්නේ, ඊළගට රජයේ ආයතන වලටත් මේක රිංගනවා.

මේක පිළිලයක්, සමාජ ඛෙදුම්වාදයක්, කන බොන එකේ සිට අදින පළදින එකෙත් ආයතනවල සේවය කිරීමේදී වෙන්වෙලා කටයුතු කරන්න උත්සහ කරනවා. මේ සමාජ ඛෙදුම්වාදයේ අවසානය දේශපාලන ඛෙදුම්වාදය කරා ගමන්කරාවි. ඒක දැන්ම නතර කරන්න බලධාරීන් කටයුතු කළේ නැත්නම් එය රටම වෙළාගන්න පිළිලයක් බවට පත්වේවි.''

මෙම මාධ්‍ය හමුවේදී උපත් පාලන එන්නත් කුප්පි රට තුළට ගෙන්වීම පිළිබද අදහස් දැක්වූ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, අද ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙනුවට සියළු දුරාචාරයන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත්, මත් කුඩු, මත්පෙති, හොර ජාවාරම් සිදුවන තිප්පොලක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, අල, ළුණු , පරිප්පු කන්ටේනර් අස්සේ රට තුළට එන මත්පෙති, මත්කුඩු, හොර සිගරට්, උපත් පාලන එන්නත් එන්නේ කවර රටකින්දැයි සොයා බැලිය යුතු බවත් සඳහන් කළේය.

අත් අඩංගුවට පත් එවන් නීති විරෝධී බඩු රට තුළට ගෙන්වා ඇත්තේ කවර පුද්ගලයින්ද යන්න විමසා බැලීමේදී පකිස්ථානය හරහා ශ්‍රී ලංකාවට එන මෙම නීති විරෝධී දෑ පිළිබදව ගෙවී ගිය වසර 05 තුළ විමර්ශනය කර බැලූවහොත් මුස්ලිම් පාතාලය මෙය පිටුපස සිටින බව 100%ක්ම විශ්වාසයැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙහි මැඩලීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තාන්, පකිස්තාන් අක්ෂය හරහා ක්‍රියාවට නැගෙන ජාවාරම්වල කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ නේවාසික වීසාගෙන සිටින ඇෆ්ගන් හා පකිස්තාන් ජාතිකයන් රට තුළ ඔවුන් කරමින් සිටින ව්‍යාපාර මොනවාදැයි සොය බැලිය යුතු බවද පැවසූ ඒ මහතා, ජාතික ඒකාබද්ධතා විෂයභාර අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා මේ ප්‍රශ්න ජාතික ඒකාබද්ධතාවයට හානිකර නිල ඇදුම් බැහැර කිරීමේ මුස්ලිම් අන්තවාදය නොපෙනෙන්නේ උපන්ගෙයි සිංහල - බෞද්ධ විරෝධය නිසාදැයි විමසා සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙක් ආචර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් අසාද්සාලි මන්ත්‍රීවරයා අත්ඩංගුවට ගැනීම පිළිබදව ජාතික හෙළ උරුමයේ මතය විමසා සිටියේය.

එහිදී ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ රටේ නීතියට පටහැනිව කවරෙක් හෝ කටයුතු කර ඇත්නම් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය අනුව කටයුතු කිරීම වරදක් නොවන බවයි.

නීතිය ක්‍රියාත්මක වීමට කිසිවෙක් බාධා නොකළ යුතු බවත් සාලි මහතාට ඇති චෝදනා විමර්ශනය කිරීම ආරක්ෂක අංශවල කටයුත්තක් බවත්, ඔහුගේ නිරවද්‍යතාවය තහවුරු කිරීම ඔහුගේ කාර්යයක් බවද ප්‍රකාශ කළ පූජ්‍ය සෝභිත හිමියන්, රටේ නීතියට සියලූ දෙනා යටත් විය යුතු බවත්, ඊට අපද යටත් වන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියහ.



link http://www.srilankamirror.com/sinhala/news/8258-all-country-hela-urumaya
 
  • Like
Reactions: ~ Horizon ~

Similar threads