මුස්ලමානුවෙක් ඔබ අමතයි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මුස්ලමානුවෙක් ඔබ අමතයි

    තෙල්දෙණිය බාසිත් ගිනි තබන ලද සිය නිවස තුළම පිළිස්සී මිය ගිය පසු....

    හැම මුස්ලිම් මිනිහම මධ්‍යස්ථ නැති බවත් සෑහෙන පිරිසක් අන්තවාදීව මත ප්‍රකාශ කරන්නන් බවත් ඊයේ ලැබුණු වට්සප්, ෆේස්බුක් පණිවුඩවලින් දැනගතිමි. ඒවගේම සිහලුන්ගෙන් වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වය ප්‍රය නොකරන අසාධාරණයට සහ වර්ගවාදයට ඒරෙහි පිරිසක් බව නැවතත් තහවුරු වූයේ හෑදෙණිය සහ අලදෙණිය ප්‍රදේශවල මුසල්මානුවන්ට පහර දීමට පැමිණි ප්‍රකෝපකාරීව හැසිරුණු තරුණයන් පලවා හැරීමට ප්‍රදේශවාසී සිහලුන් කටයුතු කිරීමෙන් පසුවය.

    කෙසේ නමුත් මුස්ලිම් ඔබ සිතිය යුතු විශාල පාඩමක් මේ හැම ක්‍රියාවලියක් තුළම ගැබ්ව තිබේ. මුස්ලිම්කාරයෙකු වරදක් කළ වහාම විශාල පිරිසක් කඩා පැන පහර දීමටත් ව්‍යාපාරික ස්ථාන දේවස්ථාන නිවාස විනාශ කිරීමටත් පෙළඹෙන්නේ නම් මුස්ලිම් ඔබ කෙරෙහි වෙෙරයක් ක්‍රෝධයක් ඔවුන්ගේ සිත තුළ තිබෙන බව වටහා ගන්න. මෙලෙස ඔවුන් වෙෙර කිරීමට හේතුව කුමක් ද! ඔවුන් වෙෙර කරන්නේ ඔබේ කිනම් හෝ වරදක් නිසා ද? මුලා කිරීමක් නිසා ද? නොදැනුවත්කම නිසා ද? මගේ පුද්ගලික මතය මේ කාරණා තුනම අඩු වැඩි වශයෙන් බලපෑවේ ය. ඒහෙමනම් මේවා නිවැරදි කරන්නෙ කෙසේ දැයි සිතන්න තවත් අලුත්ගමක් බිහිවන තුරු ප්‍රමාද කරන්නේ නම් ඊයේ මුලුගමක්ම ගිනි ගත්තා සේ තවත් ගම් ගණනාවක් නුදුරේම ගිනි ගනු අැති.

    මේ රටේ බහුතරය සිහලුන් ය. බෞද්ධ සිහලුන් මෙන්ම කිතු සිහලුන් ද සිටිති. ඒහෙත් මුස්ලිම් සිහලුන් නැත. අැත්තටම මුසල්මානුවා දමිලයාද අරාබිකාරයා නැතිනම් සිංහලයෙක් ද? මගේ විශ්වාසය පියවරු ඔබලාගේ අරාබිකාරයෙක් හෝ දමිල තැනැත්තෙකු විය හැකිය. ඒත් මව සිංහලය. ඒ නිසා සිංහලකම මුස්ලිම් ඔබටත් අයිතියි. ඔබත් සිංහලයෙකු සේ සිංහල සංස්කෘතියට, භාෂාවට ගරුකරමින් ඒ අනුව ජීවත් වීමට පුරුදු වෙනවා නම් ප්‍රශ්න මෙතරම් සංකීර්ණ වන්නේ නැත.

    ඔබ අැදහිය යුත්තේ ඉස්ලාම් දහම මිසක අරාබි සංස්කෘතිය නොවන බව සිහියේ තබා ගන්න. ජුබ්බාව බුර්කාව අාදිය අරාබි සංස්කෘතික අැදුම් ය. ඒවා අාගමික අැදුම් නොවන බව මතකයේ තබා ගන්න. මේ රටට සුදුසු අැදුම් ක්‍රමයක් අපට තිබිය යුතුය. නවීනත්වය සමග අැදුම් පැලදුම් අාදිය වෙනස් වුණාට අරාබි කලු හබායාවට හුරු වනවාට වඩා මැලේසියානු පන්නයේ අාසියාතික මෝස්තරවලට හැඩ ගැසීම කාලෝචිතය.

    වක්තෘ නබිනායකතුමාණන් දේශනා කෙරුවේ මන්දිර මෙන් විශාල දේවස්ථාන තැනීමට නොවේ. නගරය මැද විශාල දේවස්ථාන තනා ලව්ඩ්ස්පීකරයේ දේව මෙහෙසයන් සිදුකරන විට ඒවා සහෝදර අාගමිකයන්ට බාධාවක් බව ඔබට තාමත් වැටහුණේ නැද්ද? අහසට උසට මස්ජිද් නිර්මාණය කිරීමට වැය කරන මුදල් පුස්තකාලයක් නිර්මාණය කිරීමට වැය කරනවා නම් මිනිසුන්ට වඩාත් ප්‍රයෝජනයක් අත්වනවා වගේම සහෝදර අාගමිකයන්ගේ වෙෙරයට පාත්‍ර වන්නේ ද නැත. ඒවගේම දේවස්ථානය මුස්ලිම් ඔබට පමණක් අයත් රහසිගත ස්ථානයක් නොවන බව ද නැවත මතක් කර දිය යුතුය. නබිනායකතුමාගේ ඉතිහාසය පෙරළා බලන්න මුස්ලිම් දේවස්ථාන මුස්ලිම් නොවන සහෝදර ජනතාවට ද විවෘත ස්ථානයක් විය. ඔවුහුද ඒහි අා ගිය බව ඉතිහාසය කියයි. අද ඔබේ නොදැනුවත්කම නිසාත් මුස්ලිම් දේවස්ථාන විනිවිදභාවයකින් තොරව පවත්වාගෙන යන නිසාත් මුස්ලිම් දේවස්ථාන පිළිබද සැකයක් සහ බියක් සිංහල ජනයා තුළ නිර්මාණය වී අැත.

    අතීත මුස්ලිම් පරම්පරාව ව්‍යාපාරිකයන් ය. අදත් සෑහෙන පිරිසක් ව්‍යාපාරිකයන් ය (වැඩිම පිරි පේමන් වෙළෙන්දු). ඒත් ව්‍යාපාරිකයන් වුණාට වත්මන් පරපුර පොහොසතුන් නම් නොවේ. ඒත් ධනවතෙකු මෙන් ඔබ ගෙවන අාඩම්බරකාරී ජීවන රටාව සෙසු සහෝදර අාගමිකයන් තුළ ඊර්ෂියාව තරගය නිර්මාණය කර අැත. ඒයද ඔවුන් සමාජයට වෙෙර කිරීමට සැලැස්සුවේය. මේ හේතුවන් දුක් විදීමට සිදුව තිබෙන්නෙ ගම්වල ජීවත්වන අහිංසක මුස්ලිම් ජනයාටය.

    සිංහල ජනයා සිතා සිටින්නේ ඔබලා මාර ඒකමුතුවකින් සිටින බවය. ඒත් මෙවන් පහර කෑමකදී ඒකතුවන ඔබලා සති දෙකක් ගෙවී ගිය පසු සුපුරුදු ගුරුකුලවාදය අාරම්භකර තර්ක විතර්ක කරමින් අාගමික කරුණු වෙනුවෙන් මරාගන්නෝය. ඒ සදහා කාලය කැප කරමින් කණ්ඩායම් වශයෙන් බෙදී සිටින ඔබ සමාජයට වන ව්‍යසනයන්ට පිළියම් යෙදීමක් වශයෙන් අතීතයේ තිබූ සිංහල මුස්ලිම් මිත්‍රත්වය ගොඩනැගීමට වෙලාව වෙන් නොකරන්නේ මන්ද!!! කොහොම නමුත් දිගන සිදුවීමෙන් පසු ජමියතුල් උලෙමා සභාවේ නායකත්වයට අභියෝගයක් ඒල්ල වී අැත. ජමියතුල් උලෙමා සභාව මේ සියලු ප්‍රශ්න උත්සන්නවීමට හේතු වූවා යැයි සාමාන්‍ය මුස්ලිම් ජනයා විවේචනය කරන්නට පටන් ගෙන අැත. ඒනිසා වහාම ජමියතුල් උලෙමා සභාව ප්‍රතිසංවිධානය විය යුතුය. ඔවුන් මීටත් වඩා සමාජ කාරණා සදහා මැදිහත් විය යුතුය.

    ඔබලාට අලුත්ගම ගිංතොට අම්පාර දිගන වගේම සිරියාවත් ප්‍රශ්නයකි. ඒත් ඔබලාට රතුපස්වල ප්‍රශ්නයක් නොවීය. මීතොටමුල්ලත් ඒසේය. පොදු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත. ඔබලාට ප්‍රශ්නයක් අා පසු කලබල වන්නෝය. නමුත් පසුගිය කාලය තුළ අැන්ගලික් කිතුනු දේවස්ථාන පහරදීම්වලට ලක්වූ අවස්ථාවල මුනිවත් රැක්කේ අැයි... දමිල ජනයාට අසාධාරණ සිදුවන විට කිසිවක් නොකීවේ අැයි... අැතැම් විටෙක සිංහල ජනයාට අසාධාරණයක් සිදු වුණත් ඔබ නිහඩව සිටියි යන්නෙහි සැකයක් නැත. ඔබ කාට අසාධාරණයක් සිදු වුණත් ඊට ඒරෙහි වීමට පුරුදු වන්න. ඔබට අසාධාරණයක් වන විට හැමෝම ඔබ සමග පෙළ ගැසෙනු අැත.

    පහුගිය වසර පහතුළ දේශපාලන න්‍යාපත්‍රයේ අංගයක් ලෙස ප්‍රචණ්ඩ මානසිකත්ව අැති කිරීමේ පණිවුඩ සමාජ ජාලා තුළින් බෙදා හැරුණු බව ඔබ හොදින් දන්නේය. නමුත් ඒවා සමනය කිරීමට තවම පිළියම් යොදා නැත. විනාශවූ දේපල සදහා වන්දි ඉල්ලා සටන් කළ ඔබ තුවාල කර තිබෙන මිනිස් මනසට ප්‍රතිකාර කිරීමටත් සටන් කළ යුතු බව මතකයේ තබා ගන්න.

    අප හැමදාම සටන් කළේ වාර්ගික දේශපාලන පක්ෂවලින් ඔබ මුදවා ගන්නටය. ඒත් ඔබ තාමත් රැවටී සිටින්නේ ඔවුන්ටමය. ඔබේ ගමේ ප්‍රශ්නයක් අැති වූ විට රිෂාඩ්ට හෝ හකීම්ට කළ හැකි කිසිවක් නැත. ඒත් ඔබ කුමන වර්ගයකට හෝ අයත් ඔබේම ගමේ නායකයා සමග සිටියේ නම් සිද්ධිය මෙතරම් දුර දිග යෑමට ඔවුන් ඉඩ නොතබනු අැත.

    දැන් ඔබ අාරක්ෂක අංශ අපට සහයෝගය දෙන්නෙ නැතැයි කියමින් සිටිය. ඒත් ඔබ අාරක්ෂක අංශ වෙත ඔබ දරුවාට යෑමට ඉඩ නොදුන් අැයිදැයි සිතා බලන්න. කවුරු කීවත් ඔබ ඔබේ අාරක්ෂාවට යැයි කියමින් කඩු කිනිසි ලෑස්ති නොකරන්න. ඒය තවත් තුරුම්පුවක් කරමින් ඔබ සන්නද්ධ වී අැතැයි නැවත ප්‍රහාර ඒල්ල කිරීමට පවා අවස්ථාව අැත.

    මෙයද හොදින් මතකයේ තබා ගන්න. ඔබෙ ගමේ සිටින ගම්වාසි සිංහල සහෝදරයා ඔබ අාරක්ෂා කිරීමට වෑයම් දරන්නට අැත. ඒහෙත් පිටතින් පැමිණි පිරිස පාලනය කිරීමට ඔවුනට නොහැකි වුණා විය හැකිය. ඒනිසා ඔවුන්ගේ අෑත් නොවී ඔවුන් සමග තිබෙන සම්බන්ධතාවය ඉදිරියේ දී තවත් ශක්තිමත් කරගන්න.

    ඒවගේම තම්යි මේ පිටිපස්සේ ලොකු ව්‍යාපාරික උවමණාවක් හෝ අාර්තික උවමණාවක් වුවද තිබිය හැකිය. අාණ්ඩුව ඒරෙහිව ඒල්ලවන විරෝධය යටපත් කරන්න මෙවැනි සිදුවීම් සිදුවීමට පොලිස් අැමති අගමැතිත් ත්‍රිවිද හමුදාවෙ අණදෙන ජනාධිපතිත් බලා සිටිනවා විය හැකිය. නැත්තම් තම්බියා ඔ්නෑවට වඩා නටනවා, තම්බියා මට්ටු කිරීමට ඝෝඨා අවශ්‍යයි කීමට අනෙක් පාර්ශවයට අවශ්‍ය වෙනවා විය හැකිය. නැත්තම් ඩයස්පෝරාවේ අවශ්‍යතාවයක් වන්නට ද පුලුවන. ජෙනීවාවේ පැවැත්වෙන සමුලුවේ සිංහලයා තාම සුලු ජාතීන්ට ඉන්න දෙන්නෙ නැතැයි තහවුරු කිරීමට සාධක නිර්මාණය කරනවා විය හැකිය. කොහොම වුණත් මේ සියල්ල තේරුම් ගෙන සිංහල සිත් තුළ ඔබ කෙරේ තිබෙන වෙෙරය කුමක්දැයි සොයා බලා ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන්න.

    සකීෆ් සාම්.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    252
    63
    සිංහල උවත්,මුස්ලිම් උවත්,දෙමළ උවත් අන්තවාදය නිසා නැති වන්නේ මිනිස් ජීවිතය.ගලන්නේ එකම වර්ණයේ රුධිරයයි,ගලන්නේ එකම කඳුළුයි,විනාශ වන්නේ අපේ සුන්දර මාතෘභූමියයි .අවස්ථාවාදී,බලලෝභී දේශපාලකයාට ඉන් පලක් නැත.මන්ද ඔවුනට අවශ්‍යවන්නේ මීනී කඳු මතින් හෝ තමන්ගේ බලලෝභී පැවැත්ම ආරක්ෂාකර ගැනීමටයි.ජාතීන් සමගිවන තරමට අවස්ථාවාදීන්ට පැවැත්මක් නැත......ඔය කෑගහන කවුරුත් අවංකවම තමුන්ගෙ ජාතියට,ආගමට,රටට ආදරේනම් කූඹියෝ type එකේ දේශපාලන ගේම්වලට මාට්ටු වෙන්නේ නැහැ.ඇත්තටම මේක ගේම් එකක්.උඹල මරා ගන්නවා,අවස්ථාවාදීන් ඒක දිහා බලාගෙන ආතල් ගන්නවා...සිංහයෝ ඌ තියනවා...නරි ගොරවනවා....අපි ශ්‍රී ලංකා මාතාවගෙ ශෝචනීය ඉරණම දෙස බලාගෙන හූල්ලනව...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka