4-124. යමකු විශ්වාස කරමින් යහකම් කරන්නේද ඔහු පුරුෂයකු වේවා ස්ති‍්‍රයක හෝ වේවා ඔවුහු ස්වර්ගයට ඇතුළත් වෙති. ඔවුහු තිතක ප්රමාණයකවත් අපරාධ නොකරනු ලබති.
9-72. මුඃමීන් පුරුෂයින්ට ද මුඃමීන් ස්ත්රීන්ට ද ගලා බස්නා දිය ඇලි එහි යටි්න් පිහිටි ජන්නාහ්වන් (ස්වර්ගයන්) දීමට අල්ලාහ් පොරොන්දු වී ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරති. තවද” (ඔවුනට) අද්න් යන ජන්නාහ්වන්හි පිරිසිදු වාසස්ථානයන් ද (අල්ලාහ් පොරොන්දු වී ඇත.) එසේම සියල්ලටම වඩා ඔවුන් අල්ලාහ්ගේ ප්‍රසාදය භුක්ති විඳිනු ඇත. විශිෂ්ඨතම ජයග්‍රහණය එය වේ.
85-10. නියත වශයෙන්ම කවරෙකු විශ්වාසවන්ත පිරිමීන්ට සහ වි්ශ්වාසවන්ත ස්ත්රීන්ට වදහිංසා කළේ ද, පසුව (ඒ ගැන) පශ්චාත්තාප නොකළේ ද ඔවුනට නිරයේ වේදනාව ද, තවද ඔවුනට පිළිස්සෙන (ගින්නෙහි) වේදනාව ද හිමි වේ.
85-11. නියත වශයෙන්ම විශ්වාස කොට යහපත් ක්‍රියාවන් කළවුන්, (කවරෙක්ද) එයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ග උයන් ඔවුනට හිමිවෙයි. එය ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක්ය.
85-12. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති)ගේ ග්‍රහණය ඉතා දැඩිය.
85-14. තවද ඔහු ක්ෂමාශීලීය, දයාලූය.