මුස්ලිම් ජනගහන වර්ධන වේගය වැඩි ඇයි?
මුස්ලිම් ජනගහන වර්ධන වේගය වැඩි ඇයි?
ලංකාවෙ මුස්ලිම් ජනගහන වර්ධන වේගය සිංහල, දෙමළ ජනයාගේ වර්ධන වේගයට වඩා වැඩියි. ඒ ගැන සිංහල ජාතිවාදීන්ට ලොකු කැක්කුමක් තියෙනවා. හැබැයි මෙතන තිබෙන මූලික ම ප්‍රශ්නය සිංහලයන් එතරම් දරුවන් නො හැදීමයි. එයට හේතු මොනවා ද?
මේ ඒ පිළිබඳ මුස්ලිම් ආචාර්යවරයකු පළ කරන අදහසක්.
“……..ඊළඟ කාරණය තමයි මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වීම. වයස 18-25 ඒ කාල සීමාව. ඉස්ලාම් අයට වෙනම නීතියක් තිබෙනවා. මේ වයස විවාහ වීමට හොඳම කාලය. දරුවන් කීපදෙනෙකු හදන්න පුළුවන්. වයස 35, 40 වෙනකල් දරුවන් හැදීමේ සාඵල්‍යතාව තිබෙනවා.
“විවාහය කියන සාධකයේදී මුස්ලිම් අයට වඩා වෙනස් පිළිවෙතක් සිංහල මැද පන්තියේ තිබෙනවා. හේතුව මංගල උත්සවය ගන්න විශාල මුදලක් අවශ්‍ය වීම. එය ලක්ෂ 20ට එහා ගිය උපරිමයක් වෙන්නත් පුළුවන්.
“මුස්ලිම් විවාහයකදී මෙපමණ මුල්‍යමය පිරිවැයක් යන්නේ නැහැ. රු. 50,000ක් ඇති. විවාහ උත්සවයක් ගන්න. කෑම ටිකක් හැදුවා. කට්ටිය එකතු වුණා. බැන්දා, හනිමූන් නෑ. ෆොටෝ ගහන්නෙ නෑ. වියදම් ගොඩක් අඩුයි. අවමඟුල් උත්සයක් ගත්තත් එහෙමයි.
“මේ වාතාවරණය තුළ මුස්ලිම් කාන්තාවන් අඩු වයසින් විවාහ වෙලා වැඩිපුර දරුවන් හදනවා. ඒත්, සිංහල මැද පන්තියේ අය විවාහ සැලසුම් කරලා පරක්කු වෙලා වෙිවාහ වෙලා අඩුවෙන් දරුවන් හදනවා. මේ පසුබිම තුළ සිංහල සමාජයේ ජනගහන වේගය අඩු වෙනවා. මුස්ලිම් අයගෙ ජනගහන වර්ධන වේගය සාමාන්‍ය ලෙස සිදු වෙනවා. මෙහිදී ජනගහන වර්ධන වේගය අතර පරතරයන් ඇති වෙනවා. එය මුස්ලි ජනගහනය වැඩි වෙනවා, සිංහල ජනගහනය අඩු වෙනවා ලෙසින් පෙනෙන්වා. මෙහි වැරැද්ද කාගෙද?”
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොහොමඩ් මහීස්
– ලංකාදීප 2018 මාර්තු 18
මුස්ලිම් විවාහ නීතිය ඉදිරි කාලයේදී සංශෝධනය කළ යුතුයි. ඒ අනුව මුස්ලිම් කාන්තාවන් විවාහ වීමේ අවම වයස ඉහළ නැංවීමට නියමිතයි. වර්තමානයේදී මුස්ලිම් විවාහ නීතිය යටතේ සැබෑ අවම වයසක් නැහැ. විස්තර මෙතැනින්
මෙම ආචාර්යවරයා අවුරුදු 18, 19 වියේ කාන්තාවන් දරුවන් වැදීමට සුදුසු බව කීවත්, නවීන වෛද්‍ය විද්‍යාව අනුව ඒ වයසේ ගැබ් ගැනීම් සැලකෙන්නේ දහ වියේ ගැබ් ගැනීම් හෙවත් teenage pregnancy ලෙසයි.
http://www.w3lanka.com/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B7%80%E0%B7%9A%E0%B6%9C/