මුස්ලිම් ජනතාවට හරියට සැලකුවේ අපි විතරයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මුස්ලිම් ජනතාවට හරියට සැලකුවේ අපි විතරයි

    මුස්ලිම් ජනතාවට හරියට සැලකුවේ අපි විතරයි-මහින්ද රාජපක්ෂ​


    මූතූර් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව තම ප්‍රදේශවල පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ඊයේ (23) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    මෙහිදී අදහස් පලකළ එම ජනතාව නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද පැවසීය.

    එම ප්‍රදේශවල ජනතාවට ත්‍රස්තවාදී කටයුතු නිසා හානියට පත්ව තිබූ පාසල්, රෝහල්, මාර්ග පද්ධතිය සාදා දී සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය පහසුකම්

    සලසාදීමට එවකට පැවති රජය කටයුතු කළ බවද සඳහන් කළේය.

    මෙම රජය පත්වීමත් සමඟ එම ප්‍රදේශවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන්ද නැවතී ඇති බවද වැඩිදුරටත් ඔවුන් පවසා තිබුණි.

    මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ , මුස්ලිම් ප්‍රජාවට සෑමවිටම සැලකුවේ තම රජයක් යටතේ බවත් එම ප්‍රදේශවල ජනතාවට සේවය කිරීම සඳහා එම ප්‍රදේශවලින් පත්වූ මහජන නියෝජිතයින්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයූවේද තම රජය යටතේ බවයි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්විය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කළගුණ සැලකුවා මතකද අප්‍රේල් 21