මුස්ලිම් තානාපතිවරුන් සමඟ
විදේශ ඇමති මුස්ලිම් තානාපතිවරුන් සමඟ සාකච්ඡාවක්
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙරට සිටින මුස්ලිම් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡා පැවති බව වාර්තා වෙයි.
එහිදි පසුගියදා අලුත්ගම සහ බේරුවල ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ජි.එල්.පීරිස් අමාත්‍යවරයා විසින් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කර තිබේ.
ජාතික සමගිය ඇති කරලීමට ශ්‍රී ලංකා රජය කැපවීමෙන් සිටින බවත්, ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාව දුර්වල කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදි ඔවුන් වෙත අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රි ලංකාව සහ මුස්ලිම් රටවල් අතර පවතින සබඳතාවලට හානී කිරීමේ අරමුණින් දුෂ්ඨ ව්‍යාපාරයක් රට තුළ ක්‍රියාත්මක වන බව විදේශ කටුයතු අමාත්‍යවරයා පවසයි.
මුස්ලිම් ජනතාව රජයෙන් හුදකලා කිරීම ඔවුන්ගේ මෙම ව්‍යාපාරයේ අරමුණ බව ද ජී.එල්.පීරිස් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
(අදදෙරන)

wEZA bALLO