රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා - තවුහිද් ජමාද් මතවාදය සම්බන්ධ වන්නේ තුමන මතවාදයට ද?
ඥානසාර හිමි - තවුහිද් ජමාද් හි නිර්මාතෘ ‘‘අබ්දුල් වහාබ්’’ ඒක සවුදියේ නිර්මාණය වුණේ. එයින් නිර්මාණය වූ ත්‍රස්ත සංවිධානය අල් කයිඩා ‘‘ අල්ලා මුළු මහත් සමාජයේම මුලින් සිටිය යුතුයි’’
අල්ලා හැර අන් කිසිවකු නැමදුම් නොලැබිය යුතුය.
මේ තවුහිද් ජමාද් කියන එකේ තේරුමයි.
ලංකාවේ තවුහිද් ජමාද් සංවිධානය කොච්චර රැඩිකල්ද කියලා කියනවා නම් මේ අය නබී තුමාටවත් ගෞරව කරන්නේ නෑ. එකම දෙවි අල්ලාහ් පමණයි. මේ තමයි තවුහිද් ජමාද් කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ‘‘ඒක දේව වාදය’’ යනු තවුහිද් ජමාද් තේමාවයි.
මේ අන්තවාදයට එරෙහිවන අයට කරන්නේ දින තුනක් දීලා ඔහුට පාපොච්ඡාරණය කරන්න කියනවා.
නැවත ආගමට ආවේ නැත්තම් ‘‘ඔහු මරා දැමිය’’
යුතුය මෙහෙම කියලා තියෙන්නේ උසස් පෙළ (අ.පො.ස) සැමට ඉස්ලාම් කියන ග්‍රන්ථයේ, තවුහිද් හඳුන්වා තියෙන්නේ එහෙමයි. (මවුලවියා එම් සුහාරා යන අය ලියා තිබෙන එම ග්‍රන්ථය කොමිසම වෙත ඉදිරිපත් කරයි
‘‘හදීස්’’ හදාරා යහගුණ ඇත්තෝ වෙමු’’
කියලා ඉස්ලාම් ධර්මය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ 2011 පෙළපොත 7 ශ්‍රේණියේ පොතේ තියෙනවා. හදීස් කියන්නේ ගහපන්, මරපන්, කොටපන්, පිළිම විනාශ කරපන් කියලා, එතකොට කොහොමද ‘‘හදීස්’’ හදාරා යහගුණ ඇත්තෝ වෙන්නේ? 2016 නොවැම්බර් 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ සාකච්ඡාවක් දාලා තියෙනවා. එකේදි කියනවා ශාඛා 90 ක් ඉන්නවා. ලියාපදිංචි අය දහදාහක් ලියාපදිංචි නොවන සාමාජිකයන් 50,000 ක් විතර ඉන්නවා කියලා කියනවා.
ඔහු තමයි ප්‍රසිද්ධියේ එහෙම ප්‍රකාශ කළේ. ඔහු තමයි සහ්රාන් එක්ක කාත්තංකුඩියට ගිහින් තවුහිද් ජමාත් පිහිටෙව්වේ. අදටත් මේ අබ්දුල් රාසික් නිදැල්ලේ ඉන්නවා.
පුලස්තති මහේන්ද්‍රන් එයා “මොහොමදු හස්තුන් සාරු” නමින් ආගමට ගත්තා. එයාගේ අම්මා පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා පොලිසිවලට. කටුවාපිටිය මරාගෙන මැරුණු හස්තූන් එක්ක ‘‘සාරා’’ විවාහ කරලා දුන්නේ අබ්දුල් රසික් කියන තැනැත්තා.
‘‘මුස්ලිම් විවාහ නීතිය’’ සංශෝධනය කළා. ඒකට මේ අය විතරක් විරුද්ධ වුණා. රට පුරා උද්ඝෝෂණ තිබ්බා. අඩුවයස් ගැහැනු දරුවන් විවාහ කර ගැනීමේ නීතිය විශේෂයෙන්ම විශ්ව දේව නීතිය ප්‍රචලිත කිරීමෙන්ම අයිතිය ඉල්ලමින්. (ශ්‍රී ලංකා තවුහිද් ජමාද් කියන ටීෂර්ට් හැඳි මාලිගාවත්ත ප්‍රදේශයේදී 2016 වර්ෂයේ පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳ වීඩියෝවක් කොමිසම හමුවේ ඉදිරිපත් කරයි.)
ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් තමයි මේ වීඩියෝවේ ඉන්නේ. දැන් සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ඔවුන් කියන්නෙ පවතින නීති වැඩක් නෑ. අවුරුදු හතකින් හරි ගැහැනු දරුවෙක් මල්වර වුණාද එයා විවාහයට සුදුසුයි කියලා. ඒ අය ඉල්ලන්නේ ‘ශරියා නීතිය’
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ - වහාබ් මතවාදය ඇතුළත් සිවිල් සංවිධාන ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?
ජේ.ඒ.එස්.එම්. පරගහදෙණිය, R.A.S. JASM IIRO, A, MUS, වාමි NIJ, JSN, SLTJ, UTJ, CTJ, IRO, මුස්ලිම් ඒඩ් ආදී විශාල සංවිධාන ගොඩක් තියෙනවා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – මෙහි JASM සංවිධානය ගැන ඔබ වහන්සේට කියන්න පුළුවන්ද?
ඥානසාර හිමි - මුළු ලංකාවෙන්ම ගත්තොත් ‘‘පල්ලිය ඉදිරියේ නිශ්ශබ්ද වෙනු’’ මෙය නියෝගයක්, මාවතගම, පරගහදෙණිය තියෙන පල්ලියේ විශාල පුවරුවක් සවිකරලා තියෙනවා.
කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ සිංහල ගම්මානයක් මුස්ලිම් කරලා තියෙනවා. 1947 සුෆී මුස්ලිම් අභිබවලා ‘‘වහාබ් වාදය’’ ඉස්මතු වුණා කියලා ‘‘සරාන්ඩිබ්’’ කියන පොතේ සටහන් වෙලා තියෙනවා. මෙය ඇසිෆ්හුසේන් නැමැත්තකු විසින් 2011 වර්ෂයේදී රචනා කරලා තියෙනවා. ජමාද් අන්සාරියා සුන්නත් මොහමදියා කියන සංවිධානය තමයි මේ JASM කියන්නේ. සහ්රාන් හෂීම් ගේ පාස්කු ප්‍රහාරය අහඹුවක් නොවෙයි. මේක ටික ටික ව්‍යාප්ත වුණ දෙයක්.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ වහන්සේ හැඳුන්වනවා ටී.ජේ. කියලා සංවිධාන 16ක් ගැන. ඒ මොනවාද?
ඥානසාර හිමියෝ - ටී.ජේ. කියන්නේ තවුහිද් ජමාද් කියලා එස්එල්ටීජේ එක හදාගත්තේ අබ්දුල් රාසික් සහ සහ්රාන් හෂීම් එන්ටීජේ එක හඳාගත්තේ සහ්රාන් සීටීජේ කියලා දැන් අබ්දුල් රාසික් හදාගෙන ඉන්නවා.
අයිඅයිආර්ඕ කියන්නේ ජාත්‍යන්තර ඉස්ලාමීය සහනාධාර සංවිධානය. මෙය නො. 658/91 මහවිලැදහනය කොළඹ 09 පිහිටුවා තිබෙන්නේ. මෙරට ඒක බාරව ඉන්නේ නවුෆර් මවුලවි. 1994 අප්‍රේල් 20වැනිදා මෙය ලියාපදිංචි කරලා තියෙන්නේ 21431 අංකය යටතේ. ඔහු ජෛමතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මෙහි ප්‍රධාන කාර්යාලය සවුදි අරාබියේ ජෙදාවල පිහිටා තිබෙනව. මෙම සංවිධානයේ නිකාය තවුහිද් ජමාද්. මෙහි ශාඛාවක් තමයි මෙරට තියෙන්නෙ.
ඒඑම්වයිඑෆ් කියන්නේ අල්සබාබ් කියන සංවිධානයක්. එය මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ. මේ නමින් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් තියෙනවා සෝමාලියාවේ. මෙහි මෙරට නායකයා වන්නේ තාසිම් මවුලවි. ඔහුද ජමෙතුල් උලමා සභාවේ ප්‍රබල සාමාජිකයෙක්. මම, මේ තැනැත්තා සමග කතා කරලා තියෙනවා. හලාල් සිද්ධිය සම්බන්ධයෙන් රැස්වීමකට මේ අයත් ආවා. අපිත් ගියා. එතැනදි මම කතා කරලා තියෙනවා. ඒත් හඳුනාගන්න අමාරුයි. ඒ අය එකම විදිහටනේ අඳින්නේ.
වාමි කියන සංවිධානය එනම් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ මෙරට ශාඛාව. අංක 658/3/1 මහවිල උද්‍යානය කොළඹ 09 ලියාපදිංචි කරලා තියෙන්නේ අංක ඒඑන් 143 යටතේ ඉකුත් 1997 දෙසැම්බර් 12 වැනිදා එය ලියාපදිංචි කරලා තියෙන්නේ. මෙහි සභාපති සුඩාන ජාතික ඕමාන් එදිරි සද්දාද්. මොහු ජමාතේ ඉස්ලාම් මතවාද දරන කෙනෙක්.
සවුදි හි රියාද් නගරයේ තමයි මෙහි මූලස්ථානය. විකිලීස් එකට අනුව ඕමාන් එදිරි සල්දාද් නැමැත්තා ත්‍රස්තවාදියෙක්.
‘වාමි’ එකේ ඉගෙන ගත්තු ළමයින් තමයි අපිට ඇවිල්ල කීවේ හාමුදුරුවනේ මේක හොඳ දෙයක් නොවේ කියලා. වහාම මේක නතර කරන්න කියලා. මෙම ‘වාමි’ නැමැති සංවිධානයේ ‘ඉෂාක්’ කියලා කියන තැනැත්තකු තමයි. එහි ‘අධ්‍යාපයන අංශය’ භාරව හිටියේ එයා. අයි. එස් එකේ අධ්‍යාපන අංශය බාරව ඉන්නේ එයා. ඔහු අයි.එස්. එකට තරුණයන් යොමු කිරීම සඳහා මෙරට කඳවුරු ලංකාව වටෙ පවත්වලා තියෙනවා. ඇතැම් පාසල් දරුවන්ද මේකට ගොදුරු වුණා.
ඉෂාක්ගේ අයියා ‘නිලාම්’ ඔහු සිරියාවේදී ‘අවුල්කි’ සේනාංකයට බැඳිලා මිය යනවා. ඔහු තමයි සිරියාවේදී මියගිය අසි.එස්.අයි.එස්. සංවිධානයේ පළමු ශ්‍රී ලාංකිකයා. ඔහු ගලේවෙල ප්‍රදේශයේ කරාටේ ගුරුවරයකු ලෙසයි සිටියේ.
‘නිලාම්’ගේ මස්සිනාලා දෙන්නෙක් ඉන්වා තවුෆික් සහ තාකීර් කියලා. මොවුන් දෙදෙනාද සිරියාවේදී මියගියා කියලා තොරතුරු මාධ්‍යවලින් දැක්කා. මේ ‘තවුෆික්’ නමැත්තා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දුරකතන පාලක ලෙසින් එම අංශයට අනියුක්තවත් තාකීර් කියන පුද්ගලයා එම සංවිධානයේ භෞතචිකිත්සකවරයා ලෙසත් කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මේ ‘නිලාම්’ නමැත්තා අයි.එස්. සංවිධානය හඳුන්වා තිබුණේ අබු හුරෙයියා සෛලානි නමින්.
අපට ලැබෙන හැම තොරතුරක්ම වගේ අපි බුද්ධි අංශ වෙත ලබාදුන්නා. 2014/07/14 දින ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ රැස්වීමට මම ගියා. එවකට රටේ බෞද්ධ සංවිධානවලට මතු කරමින් තිබෙන ගැටලු ගැන සාකච්ඡා කළා. එයින් පළමු එක තමයි තවුහිද් ජමාත් සංවිධානය මුල් කරගෙන මෙරටට පැමිණෙන විදේශිකයන් පිටුවහල් කිරීම ආදි දේවල් අපි කිව්වා අපි ජමෙතුල් උලමා සංවිධානයෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. මේ කාල වකවානුවේ ආරක්ෂක ලේකම් වශයෙන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා. රැස්වීම් පහකට පමණ එතුමා සහභාගි වූණා. හෙන්දෙවිතාරණ මහතා පවා එම රැස්වීම්වල හිටියා.
2014 ජූලි මාසේ වනවිට මා රැස්කර ගෙන තිබු සියලු තොරතුරු එනම් ‘ඉස්ලාම් ආන්තවාදය’ ගැන මා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති රැස්වීමේදී කිව්වා.
ජමාත් ඉස්ලාමික් කියන සංවිධානයේ මුලාරම්භය පකිස්ථානයේ ආරම්භ වනේනේ. එහි නායකයා මවුලදි කියලා සඳහන් වෙන්නේ. 1954 වර්ෂයේදී ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාකිස්තානයේ දේශපාලන සංවිධානයක මුලාශ්‍ර කරගෙන. පාකිස්ථානය තමයි මරාගෙන මැරෙන පුද්ගලයෝ ඇති කරලා රට රටවලට යවන්නේ. 1994 වර්ෂයේ ජනරල් සර්වේෂ් මුෂාරෆ් මහතා ඇවිල්ලා මද්රසා 20,000ක් වැහුවා. මේ රටටත් පාකිස්තානයෙන් ආපු අය තමයි වඳ පෙති, අවි ජාවාරම්, මත්කුඩු ව්‍යාපාර ආදි දේ ගෙනැත් තියෙන්නේ. ආහාර රස කාරක ගෙනල්ලා මිගමුවේදිත් අහුවුණා. එම්.එෆ්.සී.ඩී. කියලා පදනමක් මේ අය පිහිටුවා තිබෙනවා. බණ්ඩාරනායක මාවත කොළඹ 12 ලිපිනය එහි ඇතුළත්. මෙය විදේශාධාර ලබන සංවිධානක්. සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීම කියලා තමයි මේ පදනම යොදාගෙන තියෙන්නේ. මේක නිසා හරිම පහසුයි. රට රටවලට වීසා ලබා ගන්න.
ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය සංවිධානය කියලා එකේ තියෙනවා. එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් තමයි පිලිමතලාව ප්‍රදේශයේ බුදු පිළිම කඩන්නේ. එම සංවිධානය සහ්රාන් හෂිම්ගේ සංවිධානය සමග බද්ධ වෙලා කටයුතු කළා. හිරා පදනම කියන්නෙත් මෙහි එක් සංවිධානයක්.