මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත
    =====================

    ලෝකය පුරා සිටින මුස්ලිම් භක්තිකයන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් ෂියා සහ සුන්නි ලෙසයි. ලංකාවේ ඉස්ලාම් භක්තිකයන්ගෙන් 96% පමණ ම සුන්නි භක්තිකයන් වන අතර, ෂියා නිකායිකයන් (උදා: බෝරා ජාතිකයින්) සිටින්නේ 2% වැනි සුළු ප්‍රමාණයකි. සුන්නිවාදීන් සාමාන්‍යයෙන් දැඩි මතධාරීන් ලෙස පිළිගැනෙන අතර, ෂියා නිකායිකයින් මධ්‍යස්ථ මතධාරීන් වේ. ලංකාවේ ෂියා නිකායිකයින් හිජාබය හෝ හිස වසන සාලුවවත් පළඳින්නේ කලාතුරකින් වන අතර, ඔවුන් ඉස්ලාමිකයින් බවට හඳුනාගත නොහැකි තරමට බටහිරකරණය වී ඇති බවට සාම්ප්‍රදායික ඉස්ලාමිකයෝ චෝදනා කරති.

    මෙහිදී ඉස්ලාම් විවාහ නීතිය යටතේ සලකා බැලෙන්නේ සුන්නිවාදීන්ගේ විවාහ නීතිය වේ.

    ලංකාවේ මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වෙන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි. මෙම පනතේ ඇති කරන ලද විශේෂතම ලක්ෂණය වුවේ, මුස්ලිම් විවාහය හෝ දික්කසාද සම්බන්ධ කරුණු වලදී පාර්ශවයන්ගේ තත්වය, අනොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් යන ආදිය ඔවුන් අයත් නිකායේ මුස්ලිම් නිතිය අනුව තීරණය කල යුතු බව දැක්වීමයි. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කාරණයක් වන්නේ යම් පුද්ගලයෙකු සාමාන්‍ය නීතියෙන් පාලනය වුවත් තේසවලාමේ නීතියෙන් පාලනය වුවත් එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නේ නම් ඒ දිනයේ සිට එසේ වැළඳගත් කෙනා මුස්ලිම් නීතියෙන් පාලනය වීමයි. සරලව දක්වන්නේ නම් යමෙක් මුස්ලිම් නීතියෙන් පාලනය වන්නේද යන්න රදා පවතින්නේ එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය ඇදහීම මගිනි.

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී. පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය. මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි. එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය). මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ දැක්වෙන ආකාරයට පුරුෂයෙකුට විවාහ 4ක් කර ගත හැකි අතර, ඒ සදහා කාතිවරයාගේ අවසරය අවශ්‍ය වේ. මුස්ලිම් කාන්තාවකට මෙවැනි අවස්ථාවක් නොලැබෙන අතර දික්කසාද වුවහොත් නැවත විවාහ විය නොහැක. නමුත් යම් පුරුෂයෙකු දික්කසාද වී නැවත විවාහයක් කර ගැනීමට පෙර දික්කසාදය දුන් තැනැත්තියට මාස 4 කුත් දින 10ක් දිය යුතුය. මෙය ඉද්ධා කාලය ලෙස හදුන්වන අතර එසේ කිරීමේ අරමුණ වන්නේ ඇය ගැබ්ගෙන ඇද්දයි බැලීමටයි.

    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යට‍තේ විවාහ ලේකම්වරුන් නොවේ. ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති. පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීමෙන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි. ඒ සඳහා අත්සන් කරන පාර්ශව කව්ද යන්න පනතේ 17(2)වන වගන්තිය දක්වයි. මුස්ලිම් නිතිය අනුව මනමාලියට සිය විවාහයට අත්සන් කිරීමේ අවස්ථාව උදා නොවන අතර, එය සිදු කරනු ලබන්නේ ඇයගේ භාරකරු වේ. එනම් වාලිවරයා වේ. බොහෝ විට වාලිවරයා වන්නේ පියා හෝ වැඩිමහල් සහෝදරයාය. මුස්ලිම් විවාහ නීතිය යට‍තේ ශාෆි නිකායට අයත් විවාහ සිදුකිරීමේ දී වාලිවරයා අදාල ස්ථානයේ පෙනීසිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය (පනතේ 25 (අ) වගන්තිය). නමුත් විශේෂ අවස්ථා වල ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය වීමේ අවශ්‍යතාවය මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේම ඉල්ලා සිටිති. ඔවුන්ගේ ඉල්ලීම මත පදනම්ව එම නීතියට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් මීට වසර නමයකට පමණ ඉහතදී කමිටුවක්ද පත්කෙරුණු නමුත් ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් වැනි සංවිධානවලින් මතුවන විරෝධය හමුවේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව මෙතෙක් සමත් වී නැත.

    මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විමසීමක් කර තිබිණි. කමිටුව එම ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ සැසිවාරයට පෙරාතුව ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරන ලද සැසිවාරයේ න්‍යාය පත්‍රයේය. මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් "ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම" සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් මතු කරන තවත් ප්‍රශ්නයකි.

    FB එකෙන් ඉස්සුවෙ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕක අහෝසි කරන්න යනකොට තමයි ගොඨාභය පඩි ගෙවපු තෞෆීක් ජමාත් අහෝසි කරනවාට විරුද්ධව උද්ගෝෂනය කරේ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,තමන් යටතේ වැඩකරන සේවකයන් වහල්ලු ගානට දාලා බල්ලන්ට වගේ සලකන ,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.:growl:මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ :yes:

    උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? :lol::lol::lol::lol::lol:දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...:lol:

    මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:


    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg


    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )


    මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්යන්තර සම්ප්‍රදාය ..:yes:පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ :shocked:( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..:yes::yes::yes:

    පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න .:P.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..

    Anagarika_Dharmapal_in_1926.jpg


    Words_Dharmapala_5.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    ගෝටා ඔය පනත ගේන්න ඔන්න මෙන්න හිටියෙ. වැඩි පරිස්සමට පනත රෝල් කරල පුකේ ගහගෙන හිටියෙ