මුස්ලිම් සපතේරු උන්නැහේ
මට අපූරු මනුස්සයෙක් හමු වුණා.මුස්ලිම් ජාතික සපතේරුවෙක් වූ ඔහු හිටියෙ ගාල්ලෙ, කරාපිටියෙ බස්නැවතුම් පොළේ.
"මහත්තයගෙ වැඩේ ටිකක් ලොකුයි!
ඒ හින්ද චුට්ටක් ඉන්න!''
කැඩුණු සපත්තුව මහගන්න, මෙයාවහොයා ගන්න මට සෑහෙන දුරක් ඇවිදින්න සිදු වුණා. කොහොම හරි ඔහු කිව්වෙ ඇත්තක්! මටත් ඕන වුනෙ නිවීහැනහිල්ලෙ,මගේ වැඩේ හොඳට කරගන්න. කොහොම හරි විනාඩි තිහකින් විතර පුංචිපුංචි වැඩ කීපයක් නිම කළ සපතේරු සහෝදරයා, මගේ වැඩේට අත ගැහුවා.පරණ සපත්තු ගොඩක් අවුස්සා,එයින් කැඩී ගිය ලෙදර් සපත්තුවක් හොයාගත් අපගේ මුස්ලිම් මිත්රයා,එයින් කෑල්ලක් ගෙන, මගේ ලෙදර් සපත්තුව විශිෂ්ට ලෙස අලුත්වැඩියා කළා.මගේ නොකැඩී තිබූ අනෙක් සපත්තුව ද පරීක්ෂා කළ යාලුවා,එයට ද මැහුම් කීපයක් දැම්මා. ඒ සියල්ල සඳහා, ඔහුට පැයක් පමණ ගත වුණා. මේ වගේ වැඩ හයක් හතක් කරන කොටඇත්තට ම ඔහුගෙ දවස හරි!"අපේ ගාණ කීයද?''මම ඔහුගෙ ගාස්තුව ගැන ඇහුවෙ ඔහුගේ කාර්ය ය අගය කිරීමෙන් පසු ව.මදක් නිහඬ ව, යළිත් ඔහු කළ කාර්යය පරීක්ෂා කළ සපතේරුවා, ඔහුගේ කටහඬ අවදි කළා.
"සර්! මට රුපියල් හැත්ත පහක් දෙන්න!''
"හැත්ත පහක්! එහෙම බෑ! හරියට ගාණකියන්න!''ඔහු මගේ මූණ දිහා බලාගෙන හිටියෙ බයාදු ලෙස!
"හරි! එහෙනම් හැටක් දෙන්න සර්!''
ඔහුගෙ දෑස්වල තිබ්බෙ බැගෑපත් ඉල්ලීමක්!"එහෙම බෑ! හරියට ගාණ කියන්න!''මම යළිත් ඔහුගෙන් ඉල්ලා සිටියා.එවර සපතේරු සහෝදරයා මගේ මූණ දිහා බැලුවෙ කලකිරීම මුසු හැඟීමකින්!
"අද කාලෙ අඩුවට වැඩ කරන්න බෑ සර්!
සර්ට ගාණ වැඩියි කියල හිතෙනව නං
රුපියල් පණහක්වත් දෙන්න!''
මම ඔහුට රුපියල් එකසිය පණහක් ම දුන්න!ඇත්තට ම ඔහු කළ වැඩේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි. ඔහු සපත්තුව අලුත්වැඩියා කළේ ,එහෙන්මෙහෙන් අටවල සල්ලි කීයක් හරි අරගන්න
චේතනාවෙන් නෙවෙයි.කොහොම හරි සල්ලි අතට ගත්ත සපතේරු සහෝදරය පිබිදුනෙ, වන්නියට
නිකිණි පාළුව කඩං වැටුනම වගේ!"මේ සපත්තු හරි වටින ඒව.ඒ හින්ද අඩුගණන්වලට වැඩ කරන්න එපා!''
" ඔව් මම ඒක දන්නව!ඒ වුනාට අද එහෙම ගණං කියන්න බෑ මහත්තය.අද මිනිස්සු ගාව සල්ලි නෑ.මං ගාවට වැඩියෙන් ම එන්නෙ ස්කෝලෙ යන ළමයි. මම කොහොමද සර් ඒ ළමයින්ගෙන් වැඩිය සල්ලි ගන්නෙ?''

උපුටා ගැනීම
Lional Athukorala

කෝ අර උඹත් එක්ක හිටිය gaza, srilankan1, hirangeff එහෙම? දැන් යහපාලන වාහන එහෙමත් ලැබිල ඇතිනේ, මොකද දැන් රට එහෙමත් සෑහෙන්න සංවර්ධනය වෙලානේ. 