මුස්ලිම්_ජනයාට
මුස්ලිම් ජනයාට අනතුරු අඟවා නැහැ -බොදු බල සේනා
මුස්ලිම් ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වුව හොත් ආගම්වාදී කෝලාහල ඇති විය හැකි බවක් බොදු බල සේනා සංවිධානය කිසි විටෙක පවසා නැතැයි එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාර දක්වමින්.
නිසාම් කාරියප්පර් කියා තිබුණේ මුස්ලිම් ඡන්ද දායකයන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය පාවිච්චි කළ හොත් 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය වැනි ලේ වැගිරීමක් යළි සිදු විය හැකි බව, බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි.
"විශේෂයෙන් බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා." යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් ඉරිදා බීබීසී සංදේශයට පැවසීය.
'ඔප්පු කරන්න'
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ
ඊට ප්‍රතිචාර දක්වමින් බොදු බල සේනා සංවිධානයේ ඩිලන්ත විතානගේ තවදුරටත් කියා සිටියේ මෙවැනි ප්‍රකාශයක් බොදු බල සේනාව කර ඇති බවට හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස මුස්ලිම් කොන්ග්‍රසයට අභියෝග කරන බවයි.
‘අපිට තියෙන ප්‍රශ්නෙ තමයි මේ රටේ තිබෙන ජාතිවාදී දේශපාලන පක්ෂ විසින් මැතිවරණ ආශ්‍රිතව තමන්ගේ ඡන්ද ගොඩ වැඩි දියුණු කර ගැනීම සඳහා හෝ වෙනත් ලාබ අපේක්ෂාවෙන් ජාතිවාදය පැතිරවීම සඳහා බොදු බල සේනාව හෝ බෞද්ධයන් ඉලක්ක කර ගැනීම... අපි යම් අවස්ථාවල මුස්ලිම් අන්තවාදය ගැන කතා කළා. ඉදිරියටත් කතා කරනවා. ඒවා පවා තරමක් දුරට නවත්වාගෙන ඉන්නවා මැතිවරණය තුළ දී යම්කිසි හෝ ගැටුමක් ඇති වීමට තිබෙන අවස්ථාවකදී ඒකෙ නරක නාමය අපිට එන්න පුළුවන් නිසා.’ ඩිලන්ත විතානගේ පැවසීය.
'කුමන්ත්‍රණයක්’
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් බීබීසීයට කළ ප්‍රකාශය ‘එවැනි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ඇති කර ගැනීමට කෙරෙන කුමන්ත්‍රණයක්’ විය හැකි බවට තමන්ට සැකයක් ඇති බව බොදු බල සේනා සංවිධානයේ ඩිලන්ත විතානගේ තවදුරටත් කියා සිටියේය.
මේ අතරතුර, මුස්ලිම් ඡන්ද අහිමි විය හැකි නිසා ජනාධිපතිවරණයේ දී බොදු බල සේනාවේ සහාය ලබා ගැනීම ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කළ බවට පවතින රාවයේ සත්‍යතාවක් නොමැති බවද ඩිලන්ත විතානගේ පවසයි.
‘අපි කිසිම වෙලාවක රජයට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලත් නැහැ. අපි ඒ ගැන රජයත් සමඟ සාකච්ඡා කලෙත් නැහැ... අපෙන් සහයෝගය එපා කියල කවුරුවත් කිව්වෙත් නැහැ.’ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ කියා සිටියි.