මුස්‌ලිම්_කොංග්‍රසය_නැගෙනහිරට_වෙනම_පරිප&
සිරිමන්ත රත්නසේකර
ජාතික ප්‍රශ්නයට දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට ඔබ්බට ගිය දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීමේදී නැගෙනහිර මුස්‌ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක් ස්‌ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පවසයි.
පොලිස් හා ඉඩම් බලතල සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන්වැනි සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම පක්‍ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ටී. එම්. හසන්
අලි මහතා ඊයේ (02 වැනිදා) "දිවයින"ට සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ මුස්‌ලිම් කොංග්‍රසය යටතේ ඇති ප්‍රදේශ වන ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හා කල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්‌ලිම් ජනතාව වෙසෙන අනෙකුත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ ඒකාබද්ධ කර එම නව පරිපාලන ඒකකය ස්‌ථාපිත කළ යුතු බව හෙතෙම පැවැසීය.
අනතුරුව ඊට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා ගිය පොලිස් හා ඉඩම් බලතල සහිත පරිපාලන ව්‍යqහයක් ස්‌ථාපිත කළ යුතු බවත් මහ ලේකම් හසන් අලි මහතා කීවේය.
මේ පිළිබඳව ඉදිරියේදී රජය සමග සාකච්ඡා කිරීමට සිය කොංග්‍රසය තීරණය කර ඇති බවත් පැවැසු මහ ලේකම් හසන් අලි මහතා රජය දෙමළ ජාතික සන්ධානය සමග පමණක් පවත්වන සාකච්ඡාවලින් සියලු ජන කොටස්‌වලට සාධාරණය හිමි නොවන බවත් සඳහන් කළේය.
නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක් ස්‌ථාපිත කර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ඊට ලබාදීම මගින් මහජනතාවට ප්‍රතිලාභ හිමිවන බවද හෙතෙම කීවේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්‍ෂික සමුළුව සඳහා තම පක්‍ෂය ඕනෑම අවස්‌ථාවකදී එකතුවීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.