මුසාවාදා හා ගැහැණු දැරිවිය

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ධර්මය අවුරුදු ගාණක් කටින් කට ආව එකනෙ බං. කොච්චර දේවල් වෙනස් වෙන්න හැලෙන්න ඇතිද. එක එක අය තමන්ගෙ වාසියට කොච්චර දේවල් එකතු කරන්න ඇතිද. ඔය කතායි, හාමුදුරුවො විවේචනය කලොත් පවු සිද්ද වෙන කතායි එහෙම ඒවා. බලය රැකගන්න ගහපු ගැට.
    මෙහෙමයි මචන් අරිය මාර්ගයේ හරියට යන ශ්‍රාවකයෙක්ට අපහාස කරොත් බැන්නොත් අරිය උපවාද සිදු වෙනවා. ඒක නිසා තමයි කිසිම චීවරධාරියෙකුට අපහාස කරන්න එපා කියන්නේ. බෝධි සත්වයෝ පවා පසේ බුදු කෙනෙක්ට අපහාස කරා කියලා අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කලා කියලා තමයි පොත්වල තියෙන්නේ.
    බය කරන කතාව ඕනෙම ආගමක තියෙන එකක්. උඹ P.K කියන හින්දි ෆිල්ම් එක බලපන් ඒකේ තියෙනවා ගොඩක් ආගම් කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. ප්‍රධානම සාධකයක් තමයි බොරුවට බය කිරීම.
    උඹට මතකද අපිට උනත් පොඩි කාලේ කියනවා බොරු කියන්න එපා අපා ගත වෙනවා කියලා. (මේකේ සත්‍ය තාවයක් තිබේ)
    හැබැයි කවුරුහරි වැරදි ධර්ම කාරණා කියලා අනික් පුද්ගලයන් නොමග යවනවා නම් බය කරනවා නම් ඒ අයටත් නිරයේ දොරටු විවුර්තයි.
    අනික් කාරණය තමයි ධර්මය සහ බෞද්ධ සාහිත්‍ය සෑහෙන්න වෙනස් . උඹ කිව්වා වගේ අතින් දාපු දේවල් තියෙනවා.
    දැන් බලපන් සත් සතියේ මුචලින්ද නාග ධරණය කියලා එකක් තියෙනවා. මට බය නැතුව කියන්න පුළුවන් තනිකර බුදුන්ගේ ගමන විකුර්ති කරපු තැනක්. අද විද්‍යාවට වසර මිලියන ගණන් ඉස්සර ජීවත් වෙච්ච සත්තුන්ගේ සාක්ෂි , ඇට කටු තියෙනවා. හැබැයි පෙන හයේ නයෙක් හිටපු තැනක් තියෙනවද ? අර ප්‍රේම දඩයම කියන නාට්ටියේ නම් බොරුව දාලා පෙන්නුවා .
    ගොඩක් දුරට වෙන්න ඇත්තේ මුචලින්ද කියන මනුස්සයා පොඩි කුටියක් හදලා දෙන්න ඇති. ඒ මනුස්සයා නාග ගෝත්‍ර වගේ නයි සලකුණු සම්බන්දයක් තියෙන කෙනෙක් වෙන්න ඇති.
    ඕවා තෝරලා බේරලා ගන්න ඕනේ. ධර්මය උනත් වැරදි තැනින් අල්ල ගත්තොත් විනාසයි.
     
    • Like
    Reactions: sami_boy

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami

    ඉතින් මචං අපි කොහොමද ඔය පොත් වල තියෙන දේවල් පරම සත්ය කියල පිළිගන්නෙ. ඔය කතා ඔක්කොම පොත් වල තියෙන කතන්දර නේ. ඇත්තටම කුසල් අකුසල් කියල දෙයක් තියෙනවද කියලවත් අපිට ඔප්පු කරන්න බෑනේ. අන්න ඒ නිසා සාධාරණ සැකයක් මතු වෙනවා ඕවා ඔක්කොම තමන්ගෙ බලය රැකගන්න කියපුවද කියලා. අදටත් වඩා රජ කාලෙ සංඝයට බලයක් තිබ්බනේ. කවුද දන්නෙ මයිනා වගේ බලලෝභී හාමුදුරුගොල්ලො හිටියද කියලා
     
    • Like
    Reactions: Hankook

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඕනේම දෙයක් ඕනවට වඩා අදහන්න එපා බන්... විහිළුවක් වෙනවා :yes:
     
    hpalpola

    Well-known member
  • ඉතින් මචං අපි කොහොමද ඔය පොත් වල තියෙන දේවල් පරම සත්ය කියල පිළිගන්නෙ. ඔය කතා ඔක්කොම පොත් වල තියෙන කතන්දර නේ. ඇත්තටම කුසල් අකුසල් කියල දෙයක් තියෙනවද කියලවත් අපිට ඔප්පු කරන්න බෑනේ. අන්න ඒ නිසා සාධාරණ සැකයක් මතු වෙනවා ඕවා ඔක්කොම තමන්ගෙ බලය රැකගන්න කියපුවද කියලා. අදටත් වඩා රජ කාලෙ සංඝයට බලයක් තිබ්බනේ. කවුද දන්නෙ මයිනා වගේ බලලෝභී හාමුදුරුගොල්ලො හිටියද කියලා

    පළමුවෙන් ම මෙම කුඩා ලිපිය සම්බන්ධයෙන් ඔබ සැම විසින් ඉදිරිපත් කර ඇති අදහස් ඉතා අගනේ ය. කීමට බොහෝ දේ ඇත. එහෙත් ඒ නොකියා සිටීම පහසු වේ. මෙහි දක්වා ඇති අදහස් සියල්ල ම එක්ව ගත් කළ බුදු දහම සහ සාහිත්‍යය අතර සම්මුතිය පිළිබඳව පාඨක ඔබගේ අදහස් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය යනු දෙකකි. බෞද්ධ සාහිත්‍යය බුදු දහම හැදෑරීම සඳහා මාධ්‍යයකි. එමඟින් ශ්‍රද්ධාව ඇති කරයි. සාහිත්‍යය යොදා ගන්නා ආකාරය ද ශ්‍රද්ධාව වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ. මේ ලිපියට අදාළ බණ යැයි කියන්නා වූ දේශනයේ අවසන් කොටස අසා සිටියා නම් ඒ මහණගේ වාග් ස්වරය තුළින් ඔබට එය පැහැදිලි කර ගත හැක. බුදු දහම හඳුනා ගැනීම සඳහා ත්‍රිපිටකයට පමණක් යොමු වීම ප්‍රමාණවත් වේ. නමුත් ත්‍රිපිටකය අර්ථ ගැන්වීම අද දවසේ අපට මදක් අපහසු විය හැක. මෙනිසාවෙනි අටුවාවට අපි යොමු වන්නේ. අටුවාවත් නොතේරෙන විට ටීකා, ටිප්පණි සඳහා යොමු වෙයි. ඒවාත් නොතේරෙන විට සාහිත්‍යයට යොමු වෙයි. සිහි තබා ගන්න අද සිටින සිහලුන්ට කුමාරතුංග මුණිදාසගේ භාෂාව නොවැටහෙන බව. සාහිත්‍යයට සිදු ව ඇත්තේ ද එයයි. මෙනිසා බුදු දහම සහ බෞද්ධ සාහිත්‍යය අප විසින් හඳුනා ගත යුතු වේ.

    ත්‍රිපිටකය තුළදී ද බුදුරජාණන්වහන්සේගේ මුල් කාලයේ සූත්‍ර සහ පසුකාලීන සූත්‍ර හඳුනා ගත හැක. නිදසුනකට ‘සිඟාලෝවාද සූත්‍ර‘ ය බලන්න. මෙහි පුද්ගලයකුගේ විනාශයට හේතු වන කර්ම ක්ලේශ 4 ක් දක්වා ඇත. ඒ පණීවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන ක්ලේශ 4 යි. මේ පංචශීලයට අදාළ ධර්ම කරුණු බව දකිනා ඕනාම කෙනෙකුට පැහැදිලි වේ. දෙවනුව මෙහිම අපායමුඛ සයෙහි දී පළමු වැන්න ‘මධ්‍යපානය‘ වෙයි. පසු කාලීන සූත්‍රවලදී පංචශීලය දක්වද්දී පෙර කී සතර ක්ලේශ සහ අපායමුඛ 6 න් එකක් වන මධ්‍යපානය එක් කොට දක්වයි. එය බුද්ධ දේශනාවද වෙයි. නිවැරදිව බුදු දහම හදාරද්දී මේ කාලානුරූප වෙනස්කම් දක්නට ලැබේ. එසේම මුල් කාලයේ අභිධර්මය කියා දෙයක් දේශනාවේ නැත. ශක සහ කුෂාන යුගවලදී බුදු දහමට එකතු වූ දේ සහ ඊට පෙර බුදු දහම පිළිබඳව සිහලුන් නොදැනීම මහා අපරාධයක් යැයි සිතෙන්නේ මෙනිසාවෙනි.

    එසේම සිහලුන්ට බුදු දහම තුළ ඇති අනෙක් ගුරුකුල ගැන ද දැනුමක් ඇත්තේ නැත. එනිසා මෙවැනි මහණුන්ට නොයෙක් දේ බුදු දහම කියා කීමට නිදහස තිබේ. ඔවුන්වත් ඒ දැනගෙන කියන්නේ ද යන්න පිළිබඳව මා හට සැකයක් පවතී. ඒ ඒ කාලයට ජනප්‍රිය මාතෘකා ඔවුන්ගේ දේශනාවලට එකතු කරගෙන බුදුරජාණන්වහන්සේ කී ලෙසින් කියයි. නිදසුනකට අර්හත් යැයි කියනා මහණකු විසින් තමුන් මස් කෑම සාධාරණය කරමින් කරන දේශනා ගැන අසා බලන්න. මෙය ත්‍රිපිටකයට පටහැණි ය. නමුත් අටුවාවට සහ බෞද්ධ සාහිත්‍යයට සමාන ය. දැන් ඒ මහණා පසුපස යන අන්ධයින් අනුගමනය කරන්නේ අටුවා වද නැත්නම් බුදු දහම ද? එසේ කියා අපට ඒ මහණා සමඟ ආරවුල් ඇති කර ගත හැකි ද? නැත. ධර්මයේ ගුණයක් ම වන්නේ ධර්මයට පැමිණ අනුගමනය කිරීමේ නිදහස තිබීමයි. එය ධර්මයේ ස්වභාවයයි. නමුත් ආගම්වල එසේ නොවේ. ඔබ ආගමේ මූලධර්මවලට පිටින් යන්නේ නම් බෙල්ල කපා දැමීමට වුවත් පිළිවන. මේ වෙනස අප වටහා ගත යුතු ය. ප්‍රාණගාතය ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනාවකින් කොටසක් මෙහිදී පාඨක ඔබගේ දැනුම සඳහා මෙහිදී සඳහන් කරමි.

    “අම්බට්ඨය, මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ, බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.“ - අම්බට්ඨ සූත්‍රය

    මෙය අටුවාවෙ ප්‍රාණඝාතය සමඟ නැත්නම් රේරුකානේ හාමුදුරුවන්ගේ ප්‍රාණඝාතය සමඟ ගැලපෙන්නේ නැත. මෙවැනි තැන් ඔබට බුදු දහම ගැන සහ බෞද්ධ සාහිත්‍යය හදාරණ විට පැහැදිලි වනු ඇත.

    බුදු දහම සහ සාහිත්‍යය ගැලපෙන තැන්, නොගැලපෙන තැන් තේරුම් ගෙන කටයුතු කිරීම පෙර කී මහණ වැනි මහණුන්, ගිහියන් ඔබ දන්නා බුදු දහමට නොගැලපෙන දේ කීමේ දී ද්වේශය නූපදවා ගෙන ජීවත්වීමට උපකාර වනු ඇත. එසේම ඔබ ඉඩක් ඇත්නම් රූපවතී බිසවගේ කථාවද කියවන්න. ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ රූපවතී බිසව ලෙසින් ඉපැදුන අවස්ථාවට වඩා අප දන්නේ ඉටි කුමාරියගේ කථාවයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    283304907_4997404257021815_2354637161308610443_n.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉතින් මචං අපි කොහොමද ඔය පොත් වල තියෙන දේවල් පරම සත්ය කියල පිළිගන්නෙ. ඔය කතා ඔක්කොම පොත් වල තියෙන කතන්දර නේ. ඇත්තටම කුසල් අකුසල් කියල දෙයක් තියෙනවද කියලවත් අපිට ඔප්පු කරන්න බෑනේ. අන්න ඒ නිසා සාධාරණ සැකයක් මතු වෙනවා ඕවා ඔක්කොම තමන්ගෙ බලය රැකගන්න කියපුවද කියලා. අදටත් වඩා රජ කාලෙ සංඝයට බලයක් තිබ්බනේ. කවුද දන්නෙ මයිනා වගේ බලලෝභී හාමුදුරුගොල්ලො හිටියද කියලා
    වෙනස් කරපු දේවල් තියෙනවා . සත්‍ය තියෙනවා. අපි අවාසනාවන්තයි හරිම ධර්මය අඩංගු ඒකාලේ තිබ්බ පොත් නැතුව ගිය එක. උදාහරණයක් විදියට බුද්ධගෝෂ හාමුදුරුවෝ හෙළ අටුවා ගිණි තිබ්බා. තව ගොඩක් පොත් එංගලන්තේ කෞතුකාගාරයේ තියෙනවා. අපිට දෙන්නේ නෑ.
    හැබැයි එහෙමයි කියලා හැමදේම අසත්‍යයි කියලා ගන්න බෑ. තෝරලා බේරලා මුලාශ්‍ර දැනුම ආශ්‍රයෙන් දේවල් ගන්න ඕනේ.

    ඔව් උඹ කියනවා වගේ එදත් හාමුදුරුවන්ට ගොඩක් ලොකු බලයක් තිබ්බා. කුරුණෑගල රාජධානියේ හිටපු වත්හිමි කුමාරයාගේ අම්මා මුස්ලිම් කෙනෙක් නිසා ඒ කුමාරයට මුස්ලිම් සම්බවයක් තිබ්බා. හාමුදුරුවරු අනුදැනුමෙන් ගල් පර්වතයක් උඩ කුමාරයට කෙහෙල් කොට වලින් හදපු පුටුවක ඉන්දවලා ආශිර්වාද දේශනා කරන්න ඕනේ කිව්වා. කුමාරයව ගලෙන් පහලට වැට්ටුව.
    ජනප්‍රවාදයේ තියෙනවා එවෙලේම ඒ කුමාරයා බලගතු යක්ෂ ආත්මයක ඉපදිලා අර හාමුදුරුවරුන්ගේ බෙලි කැඩුවා කියලා.
    නමුත් කරපු හොඳ දේවල් නිසා අදටත් ගලේ බණ්ඩාර දෙවියෝ කියලා අදහනවා.

    අර කාගම හාමුදුරුවෝ කියනවා වගේ ලංකාව කෑවේ පාලකයොයි, පූජකයොයි වැඩිපුරම.