මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා

    Alamul_islam.jpg



    මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා



    මුහම්මද් නබිතුමාණෝ කිසිවකු මුණගැසීමට ගිය කළ, පිටත සිටම ‘සලාම්’ කියමින් නිවසට පිවිසීමට අවසර පැතූහ. එය රාත්‍රී කාලයක් වූ කලෙක, නිවැසියා අවදිව සිටීනම් ඔහුට ඇසෙන පරිදි ද ඔහු නින්දෙහි පසුවූවා නම් ඔහුට බාධාවක් නොවන පරිදි ද පිටත සිටම සලාම් කීහ. ඊට ප්‍රතිචාරයක් නොබුණේ නම් නිවැසියන්ට කිසිදු බාධාවක් නොකොට එතුමාණෝ ආපසු ගියහ.


    යම්කිසිවෙකු එතුමාගේ් ඇඳුම් මත රැඳුණු දුහුවිල්ලක් හෝ පරඬැලක් ඉවත් කළේ නම් එතුමාණෝ ඔහුට ස්තුති කොට “ඔබ නොරිසි සියල්ලන්ගෙන්ම ඔබව ඉවත්කර තැබීමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා” යි ප්‍රාර්ථනා කළහ.


    එතුමාණෝ තෑගිබෝග භාර ගත්හ. පෙරළා ඔවුනට ද තෑගි බෝග දුන්හ. තමන් නිසා අන් කිසිවකුට යම්කිසි හිරිහැරයක්, කරදරයක් වූවා නම් ඒ සඳහා තමන්ට දඬුවම් පමුණුවීමට, කරදරයට පත් අයට අවස්ථාව සලසා දුන්හ. නො එසේනම් අදාල අයට ත්‍යාගයක්, පඬුරක් යැවූහ.


    කිසිවකු අළුත් ඇඳුමක් හැඳ තමන් හමුවට පැමිණියේ නම් “කදිමය කදිමය මෙය ගෙවනතුරුම පළඳින්නැ”යි උපදෙස් දුන්හ.


    අනුන් තමන්ට කළ අතවරයක් වෙනුවෙන් පළිනොගත්හ. ඒ වෙනුවට අතවර කළවුන්ට සමාව දුන්හ.


    ගිලනුන් බැලීමට යාමට එතුමාණෝ විශේෂයෙන් ප්‍රිය කළහ. රෝගියා අසළටම වී හිඳගෙන, තොරතුරු විමසමින්, ඔහු ඉල්ලා සිටින යම් ආහාරයක් වේ නම් එය ලබාදීමට කටයුතු කළහ. එතුමාණෝ රෝගියාගේ පිටට අත තබා “ඉන්ෂාහ් අල්ලාහ්, ඔබට ඉක්මනින් සනීප වේවි” යි අස්වැසූහ.


    මළගම්වලට නොවරදවාම සහභාගි වීම එතුමාණෝගේ සිරිත විය. මළගමට සහභාගි වෙමින් ශෝකයට පත් නෑ හිතවතුන් අස්වැසීමට එතුමාගේ යුහුසුළු වූහ. එහෙත් සෙසු අයට විලාප නැගීමට ඉඩ නුදුන්හ. මෘතදේහවලට පිරිසිදු සුදු පැහැති ඇඳුම් අන්ඳවන ලෙස එතුමාණෝ බල කර සිටියහ. තමන් අසළින් අවමඟුල් පෙරහැරක් ගමන් කරන කළ, මළගිය අය ඉස්ලාම් භක්තිකයන් නොවූවත් නැගිට ගෞරව දැක්වීම එතුමාගේ සිරිත විය.




    මුහම්මද් නබිතුමාණෝ විශේෂයෙන් දරුවන්ට ප්‍රිය කළහ. “දරුවන් අල්ලාහ් ගේ උද්‍යානයේ පුෂ්පයන්ය” යි හැඳින් වූහ. ඔවුන් ඉස්ලාමීය ව්‍යාපාරයේ අනාගත නායකයන් යැයි ද පැවසූහ.




    කිසිවකු බිළිඳකු ගෙනෙනු ලැබූ කල එතුමාණෝ බිළිඳා වඩා උකුලෙහි තබාගත්හ. පළතුරු වාරයේදී මුල්ම පළතුරු නෙලාගත් විට එය දරුවන්ට පිළිගැන්වීම එතුමාගේ සිරිතය. බොහෝවිට එතුමාණෝ දරුවන් සමඟ ක්‍රීඩා කළහ.
    සෙස්සන්ට එතුමාණෝ සැළකූ අන්දම හසරත් අනස් තුමන් විසින් මෙසේ විස්තර කරනු ලැබුවේය.


    මම රසුලුල්ලාහ් (සල්) තුමා සමඟ වසර දහයක්ම ගත කළෙමි. එතුමා කිසිවිටෙක මා පහත් කොට තැකුවේ නැත. මා කළ දෙයක්, කිසි විටෙක විවේචනය නොකළහ. මා යම්කිසි කාර්යයක් කිරීමට අතපසු කළ විට කේන්ති නොගත්හ. එතුමා සේවකයන්ටත්. තමන්ගෙන් යැපෙන්නන්ටත් එක හා සමානව සැළකූහ.

    (මූලාශ්‍ර - මානව හිතවාදී මුහම්මද් නබි - නඊම් සිද්දීකි)
    - ෆවුස්



    http://www.dinamina.lk/2009/11/20/_art.asp?fn=f0911207
     
    • Like
    Reactions: fazil00789

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුහම්මද් නබිතුමාගේ ජීවන සටහන්
    Alamul_islam.jpg



    මුහම්මද් නබි තුමාණෝ ගමන් කරන්නේ ස්ථාවර ලෙස පියවර තබා ඉදිරිපස බලමින් ගරු සරු ඇතිවය. තමා වෙත තිබුණු අප්‍රමාණ වූ වගකීම් අතරතුර පවා සමාජ, ආගමික හා ලෞකික විෂයයන් පිළිබඳව සාකච්ඡාවන්ට ද එතුමා සහභාගි වූහ.


    කතා කළේ සෙමිනි. සෑම වදනක්ම උච්චාරණය කළේ ශ්‍රාවකයන්ට එය මනා ලෙස සිහිතබා ගැනීමට ඉවහල් විය හැකි පරිද්දෙනි.

    මුහම්මද් නබි තුමාගේ කතා විලාශය ඉතා කන්කළු විය. අරාබි බසද ඒ සඳහා ඉතා උචිත විය. එතුමා ඒ භාෂාව ගැන පැහැදී සිටියහ. එහි පැහැදිලි බව අලංකාරය හා තේරුම් ගත හැකි ස්වභාවය නිසා එතුමාගේ වාග් විලාශය ඉතා උසස් විය. කෙටි ප්‍රකාශන වූ කලී එහි වූ විශිෂ්ඨාංගයයි. මේ නිසා එතුමාගේ කෙටි වදන් තුළ පවා විශාල අරුතක් ගැබ් විය.

    යන එන මග තොටේදී මුණ ගැසෙන සියල්ලන් සතුටින් පිළිගැනීම එතුමාගේ සිරිත විය. මුණ ගැසෙන අයට සලාම් (සෙත හා සාමය) ප්‍රාර්ථනය කිරීමට එතුමා පළමුව ඉදිරිපත් වූහ.

    යම් කිසිවෙකුට පණිවිඩයක් යවන විටදී ඒ සමග තම සුබ පැතුම් ද යැවූහ. යම් කිසිවෙකු එතුමන්ට පණිවිඩයක් ගෙනා කළ පණිවිඩය ගෙනා හා යැවූ දෙදෙනාටම සලාම් ප්‍රාර්ථනය කළහ.

    වරෙක එතුමාණෝ ළමුන් පිරිසක් සිටි තැනක් පසු කොට යන විට ඔවුන්ටද සලාම් ප්‍රාර්ථනය කළහ. කාන්තාවන් සිටි තැනක් පසු කොට යන විටත් එලෙස සලාම් ප්‍රාර්ථනය කළහ.

    අමුත්තන් තම නිවසට පැමිණෙන විටත් පෙරළා යන විටත් සාදරයෙන් පිළිගත්හ. සමුදුන්හ. මිතුරන් පැමිණෙන විට අතට අත දෙමින් වැළඳ ගත්හ. ඇතැම් විට ඔවුන්ගේ නළල් තල සිප ගත්හ. අතට අත දෙන විට අනෙකා අත ඉවත් කර ගන්නා තුරු එතුමා තම අත ඉවත් නොකළහ.

    සභාවන් හී දි එතුමා පසෙක වූ අසුනක හිඳ ගත්හ. කිසිදාක අනුන් පරයමින් ඉදිරි පෙළ කරා ගමන් නොකළහ. ‘අල්ලාහ්ගේ සේවකයකු හිඳගත යුතු ආකාරයට මම හිඳ ගතිමි’ යි පැවසුහ.

    තමන්ට කරන ගරුසරුවක් වශයෙන් සෙස්සන් තමන් හමුවේ සිට ගන්නවාට හෝ තමන් දුටු වහා අසුනින් නැගී සිට ගැනීමට එතුමා ඉඩ නොතැබූහ.

    කිසිවකු තම නිවසට පැමිණි කළ ඔහුට වාඩිවීම සඳහා එතුමාම කලාලය එලූහ. ආගන්තුකයා කැමැත්තෙන් පිටව යන තුරු ඉවසා සිටියහ.

    පිළිසඳර වලදී අනවශ්‍ය කතාවන්ට ඉඩ නොදුන්හ. තම හිතවත් අනුගාමිකයන් සමඟ ඉතා සුහදව කතා කළහ. පූර්ව ඉස්ලාම් අවදිය ගැන කතාවන් කෙරෙන විට එතුමාද සිනහ වූහ. කුර්ආන් පාඨ කියවා ඒ ගැන විමර්ශනය කළහ. අසා සිටින්නන්ගේ මුහුණුවල ප්‍රිය නැති බව හෝ අලස බව හැඟවෙන කල වහාම මාතෘකාව වෙනස් කළහ.

    තමන් හා සිටින සියල්ලන්ටම එක හා සමාන ලෙස සැලකූහ. යම් කිසිවෙකුට විශේෂත්වයක් හෝ වෙනසක් සිදු වූ බවට චෝදනා එල්ල නොවීමට වග බලා ගත්හ. සංවාදයේදී යම් කිසිවෙකු අනුචිත මාතෘකාවක් හෝ කතාවක් ඉදිරිපත් කළ විට ඒ ගැන නොසළකා දිගටම කතා කළහ. කතාව අවසානයේදී ඔහු ගැන අවධානය යොමු කළහ.

    සෙස්සන් තමන් හා පිළිසඳරෙහි යෙදී සිටින විට ඔවුන් ඉවත බැලූ කල්හි විනා එතුමා ඉවත නොබැලූහ. තමන්ට රුචි නොවූ කතාවන් කෙරෙන විට සාමාන්‍ය ඉරියව් වලින් ප්‍රතික්‍ෂේප කළහ.

    තමන් විසින් අප්‍රිය කරනු ලැබුවන්ගේ් අදහස් වලටද මදහසින් යුතුව සවන් දුන්හ. වරෙක එතුමා හමුවට පැමිණි අයෙකු අසල සිටියවුන්ට පහත් ලෙස කතා කළේය. එහෙත් එතුමා සමඟ සුහදව කතා කළහ.
    මෙය දුටු හස්රත් ආයිෂා (රලි) තුමිය විමතියට පත් වූ කළ ‘අල්ලාහ්ගේ නාමයෙන් පහත්කම නිසා කෙනෙකු අනෙක් අය විසින් කොන් කරන්නේද යුක්තිය විනිශ්චය කෙරෙන දිනයේ ඔහුට පහත් ස්ථානයක්ම හිමිවේ’ ය එතුමා පැවසූහ.

    මූලාශ්‍ර : මානව හිතවාදී මුහම්මද් නබි – නඊම් සිද්දීකි)

    - ෆවුස්
     

    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    Thanks for info Siraj

    මෙච්චරකල් අපි හිතන් හිටියෙ ටිකක් හරි හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් කියල.:(
    දැන් බලාගෙන යනකොට උඩින් හොද මූණ පෙන්නගෙන ඉදල යටින් මාර ගේම්නෙ දිලතියෙන්නේ.
    :shocked::no: