. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ ඊට හාත් පසින්ම වෙනස් දෙයකි. එනම් මුහම්මද් නබි තුමාණන් ගැන සොයන්නට උනන්දු වන්නන් එතුමාණන් ගැන කරුණු හදාරන විට ඒ කරුණු ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරමින් ඔවුන්ගේ ජීවිත වලට නව බලපෑමක් එක් කිරීමයි.[/B][/I][/SIZE]
“සැබවින්ම, (මුහම්මද් නබිවරයාණෙනි) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68 : 04)
“නබිවරයාණෙනි, මෙයට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ දකුණතින් කිසිවක් ලියාත් නැත. එසේ වූයේනම් අසත්‍යවන්තයින්ට (ඔබ මගින් පහළ කරන ලද අල් කුර්ආනය පිළිබඳව) සැක කරන්නට ඉඩ තිබිණ” (අල් කුර්ආන් 29:48)
ඵල ඇති ගසට ගල් ගැසීම සමාජ සම්මතයේ ඇති ක්‍රියාවක් බවට පත්ව ඇත. මෙම සමාජ සම්මත පිළිවෙත ශ්‍රේෂ්ඨ මෙන්ම උසස් මිනිසුන් සම්බන්ධව ක්‍රියාත්මක කිරීම තමන්ගේ නිහීන කම මෙන්ම තමන් වහල් වී ඇති වෛර චින්තනය හෙළිදරව් කරගැනීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ හේතුව නිසා විශේෂයෙන්ම, මුස්ලිම් නොවන ලොව, පිළිගත් විද්වතුන් හා ශ්‍රේෂ්ඨ ජනයා මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය ඇතිවේවා) පිළිබඳව ප්‍රකාශ කර ඇති කරුණු පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු. පටු ක්ෂේත්‍රයක් තුල කොටුවී ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අසභ්‍ය ලෙස අපහාස කරන කුඩා මනසක් ඇති පිරිසගේ දෑස් මෙම තොරතුරු මෙන්ම ඉදිරියටත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරණ කරුණු වලින් විවෘත වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.