මුහුණු පොතේ වීරයන්ට
කඩු කිනිසි ආදී උල් ආයුධ අතැතිව මුහුණු පොතේ වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකුට දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ගෙන් උපදේශන පන්තියක් පැවැත්වීම කතා පුවතක් දඹුල්ල පොලීසියෙන් අද දෙරණට වාර්තා විය.
වයස අවුරුදු 16,18,21 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු වැඩිහිටි බාල මහලු බොහෝ දෙනාට හිරිහැර කරදර වන ආකාරයෙන් හැසිරෙන බවත් ඔවුන් සිව්දෙනා මුහුණු පොතේ මැරයන් ලෙස හැසිරෙන බවත් මේ පිළිබඳව ප්‍රදේශවාසීහු පොලීසියට දැනුම් දී තිබිණි.
ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම මෙම තරුණයන් සිව් දෙනාගේ මුහුණුපොත නිරීක්ෂණය කොට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයට යවා ඔවුන් සිව් දෙනාම පොලීසියට කැඳවා ගෙන තිබිණි.
මුහුණු පොතේ බොහෝ දෙනෙකු සිදු කරන ක්‍රියාවන් පිළිබඳවත් එමෙන් ම නිර්මාණ පිළිබඳවත් මෙම සිව්දෙනාට පැය කිහිපයක් අවවාද කරීමට හා මුහුණු පොත පිළිබඳව පාඩමක් කියා දෙන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේය.
මුහුණු පොතේ පුස් වීරයන් බවට පත් වන්නේ මානසික රෝගයකින් පෙළෙන අයවලුන් බව පෙන්වා දෙමින් ඔවුන් මූණුපොතේ කඩු කිනිසි අතැතිව මුදාහැර තිබූ ඡායාරූප සහ සත් ක්රිවයාවන් වෙන වෙනම පෙන්වන්නටද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේය.
පසුව මෙම තරුණයන් සිව් දෙනා වෙන වෙනම ප්‍රශ්න කීපයක් විමසන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්රියාකත්මක වූ අතර මෙම තරුණයන් සිව් දෙනාට පන්සිල් පද පහ සහ මවට පියාට වඳින ගාථාව කියන්නට ආරාධනා කළ ද ඔවුන්ට පන්සිල් පද පහ කියාගන්නට හෝ මවට පියාට වඳින ගාථාව නිසි ලෙස කියා ගන්නට වත් නොහැකි වීම පුදුමයට කාරණයක් විය.
එමෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මවට පියාට වඳින ගාථාව නිසි ලෙස කියා ගන්නට මෙම තරුණයන් සිව් දෙනාට නොහැකි වීමද පුදුමයට කරුණක් බවයි.
පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාගේ නිල කාර්යාලය සිට බුදුන් වඳින්නට මෙන්ම මවට හා පියාට ගාථා කියා වඳින්නට පැය කිහිපයකින් ඉගැන්වීමට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
දෙමාපියන් ගෙන් යැපෙන තරුණයන් ලෙස දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලාගෙන අන්තර්ජාලයට පිවිසෙන මොවුන් ජංගම දුරකථනය අතැතිව තම ගම්මානයේ තැන තැන හිදිමින් පාතාල කල්ලියක් ලෙස හුවා දක්වමින් මුහුණුපොතේ වීරයන් වීමට උත්සාහ දැරූ බවත් මෙවැනි උත්සාහයන් කිසිසේත් සමාජය අනුමත නොකරන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා තරුණයන්ට අවවාධ කළේය .
සමාජ මාධ්‍ය තුළින් රටට ගමට වැඩදායි සේවාවක් සිදුකළ හැකි බවත් එමෙන්ම විනාශකාරී ක්රියාවන්හිදී වල ද යොමුවිය හැකි බවත් පෙන්වා දුන්නේය.
ඒ නිසා සමාජය මෙම තරුණයන් සිව් දෙනා පිළිබඳව පොලීසියට තොරතුරු ලබා නොදුන්නේ නම් තවත් කාලයක් ගත වෙද්දී ඔවුන්ගේ මානසික මට්ටම ඒ අතට හැරෙන බව සඳහන් කළේය.
තරුණයන් සිව් දෙනා පිළිබඳව පොලිසිය නිරන්තරයෙන් අධීක්ෂණයෙන් කටයුතු කරන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා සඳහන් පැවසීය.
Source - http://sinhala.adaderana.lk/news/90788/මුහුණු-පොතේ-වීරයන්ට-පොලීසියෙන්-පාඩමක්