මුහුදුබත් වූ සේයා..

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මුහුදුබත් වූ සේයා..

    මීට අවුරුදු ගණනාවකට ඉහතදී ඇමෙරිකා නාවික හමුදාවට අයත් යෝධ නෞකාවක්‌ ප්ලොරිඩා මුහුදේදී ගිලුනේය. ගිලුණු නැව අඩි සියයක්‌ ගැඹුරට ගොස්‌ මුහුදු පත්ලේ රැඳුනේය. අවුරුදු ගණනාවකට ඉහතදී මුහුදු පත්ලට ගොස්‌ රැඳුනු මෙම නෞකාව අද යෝධ කලාගාරයක්‌ නොහොත් කලාභවනක්‌ බවට පත්වී ඇත.


    538628_348182731890356_100000958974784_940904_1339674833_n.jpg


    :confused::confused::confused:





    ප්ලොරිඩා මුහුදු තීරයට ඔබ්බෙන් ගමන් කරමින් තිබුණ

    යූඑස්‌එස්‌ ජෙනරල් හොයිට්‌ එස්‌. වැන්ඩන්බර්ග්
    (USS General Hoyt S.Vandenberg)

    නමැති නෞකාව 2009 දී ගල්පරයක හැපී මුහුදුබත් විය.
    අඩි පන්සිය විසිතුනක්‌ දිග මෙම නෞකාව ගොඩගැනීමට ඉන්පසු එහි බලධාරීන් උනන්දුවක්‌ නොදැක්‌වූහ.
    :oo::oo::oo:



    559085_348183048556991_100000958974784_940912_987284109_n.jpg


    USS General Hoyt S.Vandenberg



    අවුරුදු තුනකට වැඩි කාලයක්‌ මුහුදු පත්ලේ රැඳී තිබෙන මෙම නෞකාව මේ වන විට තරමක්‌ දිරාපත්වෙමින් තිබෙන බව දැකගන්නට ලැබී ඇත්තේ ඒ අවට සැරිසරමින් සිටි මුහුදු කිමිදුම්කරුවන්ටය.
    මේ අතර සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු මෙන්ම කිමිදුම්කරුවකු වන ඇන්ඩ්‍රියස්‌ ප්‍රැන්කේ (Andreas Franke) ට මෙම නෞකාව පිළිබඳ තොරතුරක්‌ දැනගන්නට ලැබී ඇත්තේ ඔහුගේ හිතමිතුරු කිමිදුම්කරුවන්ගෙනි.


    546208_348182751890354_100000958974784_940905_783535288_n.jpg


    Andreas Franke


    මෙම ආරංචිය ලැබීමෙන් පසු මුහුද යටට කිමිදී ගොස්‌ වැන්ඩන්බර්ග් නෞකාවේ පිංතූර කීපයක්‌ ගැනීමට ඇන්ඩ්‍රියස්‌ට සිතක්‌ පහළ විය. ඔහු පසුදාම වැන්ඩන්බර්ග් නෞකාව සොයාගෙන මුහුදු පත්ලට කිමිදුනේය.
    :cool::cool:



    මුහුදු පත්ලට ගිලී ගොස්‌ එහි අඩියේ නතර වී ඇති වැන්ඩන්බර්ග් නැවේ උඩ තට්‌ටුවට කිසිම අනතුරක්‌ හෝ පලුද්දක්‌ හෝ සිදුවී නැති බව ඇන්ඩ්‍රියස්‌ට පෙනිණි. අඩි පන්සිය විසිතුනක්‌ දිගැති මෙම උඩ තට්‌ටුවෙන් ප්‍රයෝජනයක්‌ ගැනීමට ඔහු සිතුවේය. ඔහු කිමිදෙමින් නැව වටේ පිංතූර කීපයක්‌ම ගත්තේය.


    මෙම පිංතූරත් රැගෙන යළි ගොඩබිමට පැමිණි ඇන්ඩ්‍රියස්‌ කෙළින්ම ඔහුගේ චිත්‍රාගාරය වෙත ගියේය. එම චිත්‍රාගාරය පිහිටා තිබුණේ වියානාවලය. චිත්‍රාගාරයට රිංගා ගත් ඇන්ඩ්‍රියස්‌ දස අතේ කල්පනා කරමින් මුහුදු පත්ලේ රැඳී ඇති නෞකාවෙන් ගතයුතු ප්‍රයෝජනය ගැන සිතුවේය.

    :rolleyes::rolleyes::rolleyes:


    බොහෝ වේලාවක්‌ කල්පනා කළ ඇන්ඩ්‍රියස්‌ට හොඳ අදහසක්‌ පහළ විය.


    ;);)

    මුහුදු පත්ලේ සැඟවී තිබෙන නෞකාව කලාගාරයක්‌ බවට පත් කළොත් බොහෝ දෙනකුගේ අවධානය ඒ දෙසට යොමු කළ හැකි යෑයි ඔහු සිතුවේය. තමන් විසින් ගනු ලබන විවිධ වර්ගයේ පිංතූර එහි ප්‍රදර්ශනයට තැබීමෙන් වැන්ඩන්බර්ග් නැව කලාගාරයක්‌ බවට පෙරළිය හැකි යෑයි ඔහු තීන්දු කළේය.

    :D:D:D




    ඔහු මුලින්ම මුද්‍රා නාට්‍ය ශිල්පිනියන් කීපදෙනකු බැලේ නාට්‍යයකට පුහුණු වන අයුරු ඡායාරූපගත කළේය.



    537096_348188215223141_100000958974784_940919_1682439929_n.jpg




    ඉන්පසු මිනිසුන්ගේ විවිධ ඉරියව් සහ ක්‍රියාකාරකම් පසුබිම් කරගෙන තවත් ඡායාරූප රාශියක්‌ම කැමරාගත කළේය.


    :D:D

    පිංතූර සිය ගණනක්‌ කැමරාවේ සටහන් කරගත් ඇන්ඩ්‍රියස්‌ ඉන්පසු ලොකුම ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. මුහුදු ජලයට ඔරොත්තු දෙන ලෙස මෙම පිංතූර නැවේ සවිකර ප්‍රදර්ශනය කරන්නේ කෙසේද යන උභතෝකෝටික ප්‍රශ්නයට ඔහු මුහුණ දුන්නේය. විශේෂයෙන්ම ලුණු වතුර ස්‌පර්ශ නොවන ලෙස මෙම ඡායාරූප ප්‍රදර්ශනය කරන්නේ කෙසේ දැයි ඔහු කල්පනා කළේය. බොහෝ කලක්‌ මුහුදු පත්ලේ මෙම ඡායාරූප තබා ගැනීමට නම් ඒ සඳහා විශේෂ රසායනික ආලේපයක්‌ මෙම ඡායාරූපවල ගැල්විය යුතුය.

    :baffled::baffled::baffled::baffled:


    ඇන්ඩ්‍රියස්‌ මුලින්ම පරිගණක ප්‍රයෝගයන් උපයෝගී කරගෙන නැවේ ප්‍රදර්ශනයට තැබීම සඳහා තෝරාගත් පිංතූර සකස්‌ කර ගත්තේය. ඉන්පසු විනිවිද දැකිය හැකි දැඩි ප්ලාස්‌ටික්‌ (ෆ්ලෙක්‌සිග්ලාස්‌) කොපුවකින් එය ආවරණය කළේය. මළ නොබැඳෙන වානේ තහඩුවලින් මෙම පිංතූරවල රාමුව සාදා ගත්තේය. පිංතූර ජලයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා ඔහු සිලිකන් (Silicone Seal) ආලේපය ඒවාට යෙදුවේය. ඔහු ප්‍රදර්ශනයට තැබීම සඳහා තෝරා ගන්නා ලද සියලුම ඡායාරූප මුහුදු පත්ලේ තිබුණු නැව වෙත ගෙන යන ලද්දේ මෙම ප්‍රයෝගයන් සියල්ල සිදුකිරීමෙන් පසුවය.

    :):):)


    ඇන්ඩ්‍රියස්‌ ප්‍රැන්කේ ඡායාරූප ශිල්පියකු වුවද ඔහු ප්‍රසිද්ධ වී සිටින්නේ දැන්වීම් ඡායාරූප ශිල්පියකු ලෙසය. වෘත්තීය දැන්වීම් ඡායාරූප ශිල්පියකු ලෙස ඔහු අවුරුදු විස්‌සකට වඩා කටයුතු කර ඇත. තමන් නිතරම රසිකයන්ගේ ඇස පිනවන දැස ආකර්ෂණීය කර ගැනීමට හැකි දැන්වීම් නිර්මාණය කරන බව ඇන්ඩ්‍රියස්‌ කියයි.

    තමන් නිර්මාණය කරනු ලබන ඡායාරූපයකට ත්‍රිමාන දැක්‌මක්‌ ලබාදීම සඳහා චිත්‍රමය පර්යාලෝකය යොදා ගන්නා බව කියන ඇන්ඩ්‍රියස්‌ මේ නිසා තමන්ගේ ඡායාරූප තාක්‍ෂණය ගැන බොහෝ දෙනකු කතා කරන බවද කියා සිටියි.

    ;););)



    ගිලුන නැවක්‌ තුළ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමෙන් තමන් විස්‌මිත ලොවක්‌ මායාකාරී පරිසරයක්‌ මුහුදු පතුලේ මැවීමට බලාපොරොත්තු වන බව කියන ඇන්ඩ්‍රියස්‌ ඇත්තටම මෙය දකින අයට අලුත් අත්දැකීමක්‌ ලැබෙනු ඇතැයි ද කියා සිටියි.


    :yes::yes::yes:


    මෙය මුහුදු පත්ලේ නැවක ඉදිකරනු ලබන ප්‍රථම කලාගාරය බව කියන ඇන්ඩ්‍රියස්‌ එහි පවත්වනු ලබන ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශනයත් මෙය බව සඳහන් කරයි. නැවේ දැනට සවිකර ඇති විවිධ ක්‍රියාකාරකම්වලට අයත් ඡායාරූප එසේම පවතිනු ඇතැයිද ඔහු කියා සිටියි.


    :D:D


    දැනට මුහුදුබත් වී තිබෙන මෙම නැව මුලින්ම මුහුදු ගමන්වලට යොදන ලද්දේ 1943 දීය. එකල මෙය "යූඑස්‌එස්‌ ජෙනරල් හැරී ටේලර්" නමින් හැඳින්විණි. 1983 දී මෙම නැව චිත්‍රපට සමාගමක්‌ විසින් මිලදී ගෙන චිත්‍රපට දර්ශන තලයක්‌ ලෙස පාවිච්චි කළේය.



    532679_348182848557011_100000958974784_940908_1387051869_n.jpg


    ගිලුණු නැව





    පසුගිය අගෝස්‌තු මාසයේදී විවෘත කරන ලද මෙම මුහුදු ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමට යා හැක්‌කේ සබ්මැරීන්වලින් පමණකි.



    මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා වැඩියෙන්ම මුහුදු පත්ලට ගොස්‌ ඇත්තේ කිමිදුම්කරුවන් බවද වාර්තා වෙයි.




    මුහුද යට නිර්මාණය කරන ලද මෙම මහා කලාගාරය ඇත්ත වශයෙන්ම විශ්මිත මායාකාරී සිත් සසල කරන අපූරු කලා නිර්මාණයක්‌ බව මෙය දුටු විචාරකයෝ කියති.

    :yes::yes::yes:



    ඇත්ත වශයෙන්ම එය විශිෂ්ට බව මේ සේයා වලින් පැහැදිලි වේවි !!!!!

    ;);)


    523892_348182965223666_100000958974784_940911_788963206_n.jpg


    533413_348182928557003_100000958974784_940910_1380213071_n.jpg


    391380_348182881890341_100000958974784_940909_1885347709_n.jpg


    525474_348182821890347_100000958974784_940907_2027450511_n.jpg


    531303_348182785223684_100000958974784_940906_1850079281_n.jpg





    නැවත පළකිරීමක් නම් සමාවන්න.


    උපුටාගැනීම:
    11/03/2012
    දිවයින ඉරිදා සංග්‍රහය - දියග අතිරේකය


    උපුටාගැනීමේදී Elakri.com යන්න සඳහන් කිරීමට කාරුණික වන්න.

    මෙහි අඩංගු දෑ copy කර, දින වෙනස් කර blog වල දමා මඩ ප්‍රචාර ගැසීමෙන් වළකින්න.

     

    Similar threads