මුහුදු පත්ලේ සැඟවුණු රාක්ෂයා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාළු සීයා තමන්ගේ මුණුබුරු මිණිබිරියෝ ටික වටේ තියාගෙන කතාවක් කියන්න සූදානම.

    ඔන්න ලමයි නේ අද මම කියන්න යන්නේ මුහුදු පත්ලේ ඉන්න රාක්ෂයෙක් ගැන.අපි වගේ පොඩි ඈයෝ විතරක් නොවෙයි ලොකු ලොකු ඈයොත් මේ රාක්ෂයාගේ ගොදුරු වෙනවා.මේ රාක්ෂයා මුහුදු පතුලේ ගුහාවක ඉන්නේ.ඔලුව විතරයි යන්තම් එළියට දාගෙන ඉන්නේ.රෑට තමයි මේ රාක්ෂයා දඩයම් කරන්නේ.උගේ හකු දෙකට අහුවුනොත්,ඌ අපිව උගේ ගුල ඇතුලට ඇදගෙන යනවා.බේරුනොත් බොහොම කලාතුරකින්.එහෙම බේරුණ කෙනෙක් තමයි මම.ඉතින් ඔය ළමයින්ට මේ රාක්ෂයා ගැන කියන්න මට වාසනාව ලැබුණා.ඒත් අපේ වරිගේ හුගක් ඈයෝ රාක්ෂයාට බිලි වුනා.

    JWKSq5k.jpg


    උඩ කතාවේ ඉන්න රාක්ෂයා තමයි ඔය රූපයේ ඉන්නේ.මුගේ නම තමයි බොබිට් පණුවා.මුහුදු පතුල තමයි මුන්ගේ වාසස්ථානය.බොබිට් පණුවෝ හම්බ වෙන්නේ ඉන්දු-පැසිෆික් සාගරවලදී.

    YJtKphx.jpg


    මුන්ට ඇත්තමට මොළයක්වත් ඇස් වත් පිහිටන්නේ නෑ.එහෙනම් කොහොමද දඩයම් කරන්නේ?උඩ රූපයේ පෙන්නලා තියෙන ඇන්ටෙනා පහ තමයි දඩයම් කරන්න උදව් වෙන්නේ.ඔය විදියට ඔලුව එලියට දාගෙන ඉද්දී මාලුවෙක් ඇන්ටෙනවල ගෑවී නොගෑවී ගියොත්,මාලුවා මේ පණුවගේ හකුවලින් අල්ල ගෙන ගුල තුලට ඇදලා ගන්නවා.හොඳට බැලුවොත් පේනවා මුගේ හකු ජාති දෙකක් තියෙනවා කියලා..එකක් කියතක් වගේ දැති තියෙනවා.මේ හකු ඉතා වේගයෙන් ගැස්සෙනවා.ඔව් මී කතුරක් වගේ..

    H4TxDyF.jpg


    හකු ගැස්සෙන වේගයට පොඩි මාලුවෙක් දෙකට කඩන්න වුනත් පුලුවන්ලු.ඔව් අපේ ඇගිල්ලක් වුනත්..මේ තියෙන්නේ මේ පණුවාගේ ගොදුරු බවට පත් වෙන සත්තු.




    බොබිට් පණුවා රැකසිට පහරදෙන විලෝපිකයෙක්.මුන්ගේ සමහරුන් අඩි 10 තරම් දිගට වැඩෙනවාලු.ඒ කියන්නේ මිනිහෙක් වගේ දෙගුණයක් උසට වැඩෙනවා.



    ගොදුරක් එනකම් මුන් හකු දිග ඇරගෙන ගුලෙන් එලියට යන්තම් හිස කොටස උස්සගෙන බලා ඉන්නවා.හකු වලට අහුවෙන සතෙක් ආහාර මාර්ගය ඇතුලට ඇදලා ගන්නවා.ආයෙත් ඒ හකු තිබුණ විදියට දිග ඇරෙනවා.

    බොබිට් පණුවෝ ගුල් හදන්න යොදාගන්නේ වැලි,මඩ සහිත මුහුදු පත්ලක්.මීටර් 95ක් තරම් ගැඹුරෙදීත් මේ පණුවෝ හම්බ වෙලා තියෙනවා.මුන්ට තියෙන්නේ වර්ණවත් ශරීරයක්.


    ezRhcQe.jpg

    ජපානයේ ධීවර වරායක පත්ලෙන් සොයා ගත්ත අඩි 10 දිග බොබිට් පණුවා

    තමන් අසලින් චලනය ඕනෑම දෙයකට මුන් පහරදෙනවා.ඩැහැගන්න පුලුවන් ප්‍රමාණයේ සතෙක් වුනොත් කෙලින්ම උන්ගේ බඩට තමයි.

    1.කුඩා ප්‍රමාණයේ මාලුන්
    2.බූවල්ලන්
    3.ආඳා

    මේ වීඩියෝ එකේ බලාගන්න පුලුවන් ආඳෙක්ව ගොදුරු කරගන්න හැටි.



    එක පාරක් එංගලන්තයේ මින් මැදුරකදී බොබිට් පණුවෙක් හම්බ වෙලා තිබ්බා.ටැංකියක හිටිය මාලු සහ කොරල් ජීවින් හිටි හැටියේ අබ්බගාත වෙලා තියෙනවා ඒකේ සේවකයෝ දැක්කා.ඉන්පස්සේ ඔවුන් දින කිහිපයක් ඇම දාලා බලන් හිටියා.ඒත් ඇම අටවල තිබ්බා කොක්ක පවා අතුරුදහන් වෙලා තිබුණා.අවසානයේදී ටැංකිය හිස් කරලා බලද්දී තමයි අඩි 4ක් විතර දිග බොබිට් පණුවෙක් හම්බ වුනේ.

    පස්සේ ඌට වෙනම ටැංකියක් වෙන් කරලා දීලා.ඌට දීලා තිබ්බ නම තමයි බැරී.

    මේ රැකසිට පහරදෙන විලෝපිකයා එකම තැනක ඉදලානේ දඩයම් කරන්නේ.මේ උපක්‍රමය උන්ගේ අවාසියටත් හේතු වෙනවා.සමහර කුඩා මාලු විශේෂ තමන්ගේ වර්ගයේ එකෙක් මේ පණුවගේ ගොදුරක් වුනාට පස්සේ,ඌගේ ගුල තියෙන තැන හදුනාගෙන ඒක සලකුණු කරලා අනෙක් මාලුන්ට අනතුරු අගවන්න උත්සාහ කරනවා කියලා විද්‍යාඥයෝ දැන් සොයාගෙන තියෙනවා.

    5yiiUkG.jpg


    මේ මාලු රංචුවක් විදියට ගුල තියෙන තැනට ඇවිත් ගුලට ඇතුල් වෙන ස්ථානයට කෙලින්ම මුහුණු නොදා පැත්තක ඉදලා වතුර පිඹිනවා.

    aUi6pOh.jpg


    ඒකෙන් කරන්නේ ගුලේ දොර පාද ගන්න එක.