මුහුදු_පතුලේ_ගිනිකඳු...
ගිනිකඳු කියූ පමණින්ම මුලින්ම අපිට මතක් වෙන්නේ පොලව මතුපිට පිහිටා ඇති ගිනිකන්දක පිපිරීමක් නිසා ගලා යන ලාවා ප්‍රවාහයක්..අහසට නැගෙන ධුමාරය සහ අළු වගේ දර්ශන කිහිපයක්නේ...ඇත්තටම මේ ගිනිකඳු පිහිටලා තියෙන්නේ පොලොව මතුපිට අපට පෙනෙන පෘෂ්ටයේ විතරද ?පිළිතුර නැත යන්නයි..බොහෝ ගිනිකඳු පිහිටා ඇත්තේ අපිට නොපෙනෙන සාගර පත්ලෙයි..නමුත් සාමාන්‍ය ගිනිකඳු වලට සාපේක්ෂව මෙම ගිනිකඳු වල හැසිරීම තරමක් වෙනස්..එයට හේතුව තමා මේවගේ සාගර පතුලේ පිහිටීම.. අපි අද පොඩ්ඩක් බලමුකෝ මේ සාගර පත්ලේ පිහිටා ඇති ගිනිකඳු පිලිබඳ තොරතුරු ටිකක්..
ඇත්ත වශයෙන් දැනට සොයාගෙන තියෙන පරිදි සාගර පත්ලේ පිහිටා ඇති විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ගිනිකඳු ප්‍රමාණය 5000 තරම්..සාමාන්‍ය ගිනිකඳු වගේම මේවගේදීත් පෘතුවි පෘෂ්ටය මත ගැඹුරු විවර දැකගත හැකියි..එකම වෙනසකට ඇත්තේ ජලය තුල පිහිටීම පමණයි.වසරක් තුල පෘතුවි පෘෂ්ටයෙන් පිටතට පැමිණෙන මැග්මා ප්‍රමාණයෙන් 75% ක්ම මේ සාගර පත්ලේ සැඟවී ඇති ගිනිකඳු පිපිරීම් වලින් සිදුවෙන බවට හොයාගෙන තිබෙනවා..ඔයාලා දන්නවනේ ගිනිකඳු ඇතුළේදී අපි මැග්මා කියලා හඳුන්වන ද්‍රව වලටම තමා ගිනිකන්දෙන් පිටතට පැමිණියාම ලාවා කියලා කියන්නේ..මේ ගිනිකඳු විශාල වශයෙන් පිහිටා ඇත්තේ පෘතුවි භූතල එකිනෙකට සාපේක්ෂව චලනය වන කලාපයේ සාගරපත්ලේ...සාගර පත්ලේ කීවට ගැඹුරු සාගර පත්ලේම වෙන්න ඕන කියලා එකක් නැ..නොගැඹුරු සාගර පතුලේ පවා ගිනි කඳු පිහිටා තියෙනවා..මේවා ගැන තව දුරටත් හොයලා බලමුකෝ..
කොහොමද සාගර පත්ලේ ගිනිකඳු පිපිරිම සිදුවන්නේ..?
ඇත්තෙන්ම මේ ගිනිකඳු ඇතිවිය හැකි ප්‍රදේශවල සාගර පතුලේ ඝනත්වය ඊට පහතින් පිහිටා ඇති පෘතුවි ස්ථරයේ ඝනත්වයට වඩා වැඩියි..මේ හේතුව නිසා මෙම ප්‍රදේශවල සාගර පතුලේ පෘෂ්ටය මගින් එහි අභ්‍යන්තරයේ ඝනත්වයෙන් අඩු ස්ථරය මත පීඩනයක් ඇති කරනු ලබනවා.මේ හේතුව නිසා සාගර පතුලේ පෘෂ්ටය පුපුරා ඉරිතලා යනවා..මේ හේතුව නිසා සාගර පෘෂ්ටය ඊට පහතින් ඇති ස්ථරය (මැන්ටලය)තුලට කිඳා බැසීමක් සිදුවෙනවා..ඊට අමතරව මේ සාගර පෘෂ්ටයේ පිපිරිම නිසා පහත ස්ථරයේ පිහිටා ඇති ද්‍රව උන පාෂාණ ස්ථරයේද පීඩනය අඩු වෙනවා..අපි දන්නවනේ පීඩනය වැඩි තැන්වල සිට පීඩනය අඩු තැන්වලට ද්‍රව ගමන් කරනවා කියලා..ඉතින් වඩාත් පහතින් ඇති ද්‍රව උන පාෂණ නැතහොත් මැග්මා අර අඩු පීඩන කලාප වල ඉතා ඉක්මනින් පැමිණෙනවා..අන්තිමේදී සාගර පතුලේ සිදු උන පැලීමෙන් ඉවතට මේ මැග්මා පැමිණෙනවා...ඔන්න ඔහොමයි ගිනිකඳු පිපිරිම සිදුවන්නේ..
පෘතුවි පෘෂ්ටය මත ගිනිකඳු සහ සාගර පත්ලේ ගිනිකඳු අතර වෙනස්කම් මොනවද?
කලින් සඳහන් කල පරිදි ජලය තුල පිහිටීම නිසා සාමාන්‍ය ගිනිකන්දකට වඩා සාගර පත්ලේ ගිනිකඳුවල හැසිරීම වෙනස් කාරයකින් සිදුවන්නේ..ගිනිකන්දකින් සිදුවන බලපෑම සහ පුපුරා යන ආකාරය එය පිහිටි පරිසරය මත වෙනස් වෙනවා..පොලොව මතුපිට ගිනිකන්දක් පුපුරා යාමේදී පිටතින් බලපාන්නේ වායුගෝලීය පීඩනය උනත් සාගර පතුලේදී ඉහළින් පිහිටා ඇති ජල ස්ථරයේ බලපෑම සහිතවයි ගිනිකන්ද පුපුරායාම සිදුවන්නේ..මේ හේතුවෙන් සාගර පත්ලේ සිදුවන ගිනිකඳු පිපිරීම් අධි ශක්තියෙන් යුක්ත බලවත් පිපිරීම්.. ඒ විතරක් නොවේ ජලයේ තාප සන්නායකතාව වැඩි නිසා පිටතට පැමිණි මැග්මා සිසිල්වීම සහ ඝන බවට පත්වීම වේගවත්...
මුහුදු පත්ලේ සිදුවන ගිනිකඳු පිපිරීම් නිසා දුපත් නිර්මාණය වෙනවද?
ඇත්තෙන්ම ඔව්..මේ සුවිශේෂී ගිනි කඳුවලින් සිදුවන හරි අපූරු සංසිද්ධියක් තමා දුපත් නිර්මාණය වීම..කාලය ගතවීමත් සමග මේ ගිනිකඳුවල ක්‍රියාකාරිත්වය නිසා කෙමෙන් කෙමෙන් ගොඩබිම නිර්මාණය වෙනවා..මීට හොඳම උදාහරණය තමා නව හවායන් දුපත්..
ඔයාලගේ අදහස් දක්වලා යන්න..වැරදි තියෙනවනම් කියන්න..ත්‍රෙඩ් එක බැලුවට ස්තුතියි..
[email protected]