මුහුදේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුහුදේ පාවෙමින් තිබූ බෝතලයේ දියරයක් පානය කළ ධීවරයා මරුට



bottle-in-the-sea.jpg


මහ මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් අහුලාගෙන එහි දියරයක් පානය කිරිමෙන් පසු එක් ධීවර කාර්මිකයකු මියගොස් තවත් ධීවර කාර්මිකයකු රෝගී වී ගාල්ල - කරාපිටිය ශිෂ ණ රෝහලට ඇතුළත් කොට ඇත. සයුර 01 නමැති බහුදින ධිවර යාත්‍රාවෙන් ඉකුත් 11 වැනි දින මිය ගිය ධීවර කර්මිකයා හා තවත් ධීවර කාර්මිකයින් හය දෙනකු මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇත. එසේ යන අතරතුර ලීටර් හතරක පමණ බෝතලයක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක මියගිය ධීවර කාර්මිකයා එය ගෙන තිබේ. එහි තිබූ දියරය පානය නොකරන
ලෙස අනික් ධීවර කාර්මිකයන් පවසද්දී මොහු පානය කර ඇති බවත් ඒවා ස්ප්‍රිතු ලෙස හඳුනාගත් බවත් ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂණ අධිකරණයේ දී පැවැති සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රණපුර හේවගේ ගයාන් මදුසංක (29) නමැති අයෙකි. බහුදින යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළ හිරන්ත කුමාර පීරිස් නමැත්තා සක්ෂි දෙමින් මෙසේ කීවේය.

''මිය ගොස් ඇත්තේ මගේ හොඳ මිතුරෙක්. මීට පෙර දින 15ක් මුහුදු ගොස් ආවා. ඉකුත් 11 වැනිදින සයුර 01 බහුදින යාත්‍රවෙන් මසුන් ඇල්ලීම සඳහා ගාලු වරායෙන් පිටත් වුණා. යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කළේ මම. අපි හත් දෙනෙක් රක්ෂාවේ ගියා. මසුන් හමු වෙලා තිබුණා. යළි ගොඩබිමට එන්න හිටියේ. ඉකුත් 22 වැනි දින මුහුදේ ලීටර් හතරක පමණ ලස්සන බෝතලයක් පාවෙමින් තිබ්බා. එහි ලේබලයක් ගසා තිබුණේ නැහැ. බෝතලයේ කොළපාට මුඩියක් තිබුණා. එම බෝතලයේ භාගයක් විතර දියරයක් පිරිලා තිබුණා.




ගයාන් එම බෝතලය කැඩුවෘ. මොනවාද දන්නේ නැහැ. බොන්න එපා කියලා මං කීව්වා. රාත්‍රියේදී ගයාන් බෝතලය තිබූ දියර වර්ගය මුඩියකට දැම්මා. ගිනි කූරක් ගහලා බැලුවා පස්සේ ගිනි ඇවිලුනා. ඔහු බෝතලයේ තිබූ දියර වර්ගය බොන්න හැදුවා. මම බොන්න එපා කියලා කීවා. මගේ බඩත් කොර වෙලා තියෙන්නෙ මම මැරෙන්න බය නැහැ කියලා බෝතලයේ තිබූ දියර චර්ගය පානය කළා. චරිත් ද පොඩිඩක් බිව්‍වා. ඔහු ඒවා බිලා නිදා ගත්තා. අලුයම 2.00ට විතර නැගිටලා හිස කකියන බව ගයාන් කිවා. පැනඩෝල් දෙකක් බිවා.

පසුව මේ ගැන අදාළ තැන්වලට දැනුම් දුන්නා. ගොඩබිමට එන්න පිටවුණා. ගාලු වරායේ සිට නාවික සැතපුම් 09ක් පමණ දුරකදී නාවික හමුදාවෙන් ඇවිත් ගයාන් ඇතුළු හතර දෙනෙක් ඒ බෝට්ටුවට දමාගෙන ගොඩබිමට රැගෙන ගියා. මම බෝට්ටුවෙන් ගොඩබිමට ආවා. පසුව දැන ගත්තා ගයාන් රෝහල් ගත කිරිමෙන් පසු මියගිය බව. චරිත් ද රෝහල් ගත කරලා තිබුණා. ඔහුට එතරම් අමාරුවක් තිබී නැහැ.''

එම බෝතලයේ තිබූ දියර වර්ගය මීතයිල් ස්ප්‍රීතු බව අනාවරණය වී ඇත. එම ස්ප්‍රීතු බෝතලය නෞකාවකින් වැටීමෙන් මුහුදේ පාවෙමින් තිබෙන්නට ඇති බවට සැක කෙරේ.
මේවා පානය කිරිමෙන් දැස් අන්ධ වන අතර පසුව මරණය පවා සිදුවේ. මියගිය ධීවර කාර්මිකයාගේ හදිසි මරණ පරික්‍ෂණය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්‍ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කරනු ලැබීය. පශ්චාත් මරණ පරික්‍ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහතා විසින් කරුණු ලැබිය. බෝතලයේ තිබූ දියර වර්ගය වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්‍ෂකවරයා වෙත යොමු කොට තිබේ. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්ථා සැලකිල්ලට ගත් මරණ පරික්‍ෂකවරයා මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුචක් ලබා දුන්නේය.

 
  • Like
Reactions: Dodo Mahaththaya

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ බඩත් කොර වෙලා තියෙන්නෙ මම මැරෙන්න බය නැහැ
     
    • Haha
    Reactions: Hasistranger

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    ඕක තමයි කියන්නේ දකින දකින හැමදේම කටේ දාගන්න එපා කියල :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    අපේ උන්ටත් පාවෙන බෝතලයක් හරි කමක් නැහැ.නෙදකින් මෙහෙමත් බේබද්දෝ.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දන්න කෙනෙක් කියන්න methylated spirit කියන්නෙ මොනාද? ඒවා පාචිව්වි කරන්නෙ මොනවටද? :oo:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    දන්න කෙනෙක් කියන්න methylated spirit කියන්නෙ මොනාද? ඒවා පාචිව්වි කරන්නෙ මොනවටද? :oo:


    This chemical is very similar to ethanol (drinking alcohol) and is light, colorless and flammable. When first ingested methanol causes a range of adverse symptoms which include headaches, nausea, lack of coordination, depression, confusion and unconsciousness. In large doses methanol can cause death.