මුළාව

ncbrando

Member
Jan 31, 2014
838
115
0




මුළාව




ඒ ලෙවල්වලදි මං පිස්සු කෙළිය හැටියට
හිතුවෙ නැහැ කවුරැවත් යයි කියා මං සරසවියට
ගියත් ඉක්මවා අවුරැද්දක් ඇතුළත්ව සරසවියට
හිතන්නේ නැත සමහරෙක් අදටත්
ඇතුළත් වුණා කියා මං සරසවියට

පොතෙහි පෑනෙහි ඇලී ගැලී හිටියේ නැහැ මං කවදාවත්
චිත්‍රපට හෝල්වලයි නාට්‍ය හෝල්වලයි හොල්මන් කළේ මං ජිවිතේ හැමදාමත්
රස්තියාදුවට බර හිතක ඇස ගැටුණේ මිනිස්සුමයි හැම මොහොතකමත්
ඒ රස්තියාදුවේ අගය දැනගත්තේ ශ්‍රීපාලිය පමණයි අදටත්

ඒ තුනක් ගත්තත් වැඩක් නැහැ කලාවට
කණු තුනක් ගත්තත් ආඩම්බරයිලු සයන්ස්වලට
මේවා බර කිරන්නේ මොන තුලාවෙන්ද වග
තාම තේරෙන් නැහැ මට පෙර කළ කරැමයට


සරසවියේ වරම් ලැබ ගන්නටම හිතාගෙන
බයෝ කළ සමහරැ අද ඉන්නේ වෙන තැන්වල
සරසවියේ වරම් ලබාගත්ත සමහරැ කට්ට කාගෙන
අද ඉන්නේ පිකට්වල අව් කට්ටේ වේලීගෙන

බැංකුවකට පැනගන්න ඕනේ කියා හිතාගෙන
කොමස් කළ සමහරැ අද ඉන්නෙත් වෙන වෙන තැන්වල
සරසවියේ වරම් ගත්ත කොමස්කාරයෝ කට්ට කාගෙන
අද ඉන්නේ පංති තහනම් වෙලා කුඹුරක් හේනක් කොටාගෙන


ඉතින්
සරසවියේ වරම් ගත්ත කලාකාරයෝ ටික
වෙසෙයි ගුරැ පත්වීමකට පෙරැම් පුරාගෙන
අඳ ගොළු බිහිරන්ට ඉඩ සපිරි දූපතක
ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලගෙන
 
Last edited: