මුළු රටේ ම අවධානයට යොමුවූ උමා ඔය ව්‍යාපෘතš

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මුළු රටේ ම අවධානයට යොමුවූ උමා ඔය ව්‍යාපෘතš

    මුළු රටේ ම අවධානයට යොමුවූ උමා ඔය ව්‍යාපෘතියෙන් ඇති වුණු පාරිසරික ගැටළු

    පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණු සංසිද්ධියක් ලෙස උමා ඔය බහු කාර්ය ජල ව්‍යාපෘතිය හැදින්වීමට පුළුවන. විශේෂයෙන් රුපවාහිනිය, පුවත්පත්, සමාජජාල වෙබ් අඩවි මේ සම්බන්ධයෙන් කටයුතු කරන සක්‍රිය පුද්ගලයන් බවට පත්ව සිටිනවා. ඒ හේතුවෙන් මෙම බහු කාර්ය ජල ව්‍යාපෘතිය ගැන දැනටමත් ඔබ දැනුවත් වී ඇති. නමුත් මෙම ලිපිය ඉදිරිපත් කරන අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ඒ හා සම්බන්ධ සැබෑ තතු අනාවරණය කිරීමත් එයින් ඇති වූ පාරිසරික ගැටළු පිලිබදව අවධානය යොමු කිරීමටත් වේ.
    උමාඔය ජල ව්‍යාපෘතියේ ආරම්භය

    Pic-no-02-701x465.jpg
    asianmirror. lk

    මෙම ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර යම් අවස්ථාවකදී මෙවැනි උත්සහයක් ගෙන තිබෙනවා. එනම් 1991 වසරේදී උමාඔයේ ජලය ලුණුගම් වෙහෙර ජලාශය වෙත ගෙන යෑමේ සුදානමක් තිබූ බව වාර්තා වනවා. ඒ අනුව එය පළමු සැලැස්ම ලෙස හැදින්විය හැකියි. එම සැලැස්ම සකස් කරණ ලද්දේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය මගින් බවත් සදහන් වනවා. එම වාර්තාව සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට යෝජිත වුයේ ආසියානු සංවර්ධන බැංකුවයි. ඒ අනුව එම බැංකුවට මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ඉදිරිපත් කළ විට එම ප්‍රථම සැලැස්ම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑම මගින් ජනතාවගේ නිදහස් ජල අයිතිය උල්ලංගණය වීමත්, ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාවයනුත් වේ.
    උමාඔය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය මගිනි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය 2011 මැයි මාසයේදී ආරම්භ විය. ව්‍යාපෘතිය සිදු කරන්නේ ඉරාන රජයේ මුල්‍යාධාර මගිනි, ඉරානයේ ෆරාබ් සමාගම ව්‍යාපෘතිය භාර ගෙන තිබේ. මෙයට අදාල ගිවිසුම 2008 අප්‍රේල් මස 28 දී සිදු කරන ලද බවත් වාර්තා වේ. 2008 අප්‍රේල් මස 29 වන දින පෙ. ව. 10. 00 ට පමණ රුපියල් ලක්ෂ 260 ක මුදලක් වියදමින් මෙම ව්‍යාපෘතිය සදහා මුල්ගල වැල්ලවාය අලිකොට ආර දී සිදු කෙරුණි. මෙහිදී ඉදිවන උමාඔය හරවන උමග ඩයරබා යනුවෙන් හදුවනු ලැබේ.
    මෙම ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ “ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” යන නමිනි. එමෙන්ම මෙය ජලය හිඟ ප්‍රදේශ වලට ජලය සම්පාදනය කරන ව්‍යාපෘතියක් ලෙසත්, පොළෝ ගර්භය තුල ඉදිවන විදුලි බලගරයකින් මෙගාවොට් 120 ක් නිපදවන ව්‍යාපෘතියක් ලෙසත් නම් කර ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 2018 ජුනි මසදී නිම වීමට කටයුතු කරන බවත් ඒ සදහා දැනට රුපියල් බිලියන 54 ක් වැය කර ඇති බවත් මහවැලි සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත. එමෙන්ම යෝජිත ව්‍යාපෘතිය මගින් බදුල්ල,මොනරාගල හා වැල්ලවාය යන දිස්ත්‍රික්ක තුනේ බොහෝ සංවර්ධන කටයුතු කිරීමටත් යෝජිතව ඇති බව වාර්තා වේ.
    ව්‍යාපෘතියට වැය වන මුදල ලෙස සඳහන් කර ඇත්තේ රුපියල් මිලියන 76,316 කි. එම මුදලෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 24,600 ක මුදලක් දැරීමට නියමිතය. එමෙන්ම ව්‍යාපෘතියේ ඉදිකරීම් සදහා රුපියල් මිලියන 60,842 වැය වන වාර්තා වේ. එම මුදලින් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15%ක මුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දැරිය යුතු බව වාර්තා වේ. එනම්, රුපියල් මිලියන 15,475ක මුදලක් ලංකාව දැරිය යුතු වේ. ඒ ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය යන ආදී කටයුතු සදහා වේ.

    උමාඔය ජල ව්‍යාපෘතියට පරිසර බලපෑම් අධ්‍යයනයක් සිදු කළේද?

    Picture-no-03-701x241.jpg
    www.skalda.eu

    මෙවැනි කටයුතු කිරීමට පෙර ශක්‍යතා අධ්‍යනයක් හෝ පරිසර බලපෑම් අධ්‍යයනයක් (Environmental Impact Assessment) සිදු කිරීම ශ්‍රී ලංකාවේ පාරිසරික නීතියට අනුව අනිවාර්ය කර්තව්‍යක් වනවා. ශ්‍රී ලංකාවේ එසේ ශක්‍යතා අධ්‍යනයක් හෝ පරිසර බලපෑම් අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලද ව්‍යාපෘති රැසක් පවතිනවා. එමගින් පරිසරයට සිදු වන හානිය පිළිබඳව දැන ගැනීමට හැකි වනවා මෙන්ම පරිසර හානිය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කිරීමටද හෝ විකල්ප ක්‍රම අනුගමනය කිරීමටද හැකියාව ලැබෙනවා. මෙහිදී ප්‍රදේශවාසීන්ගේ අදහස් මේ හා සම්බන්ධයෙන් දැන ගැනීමටද අවස්ථාව උදා වනවා. එමගින් ප්‍රදේශයේ වාසය කරන්නන්ගේ අත්දැකීම් හා දැනුම මත වීමට යන හානියක් වළක්වා ගන්නටත්, ඒ හේතුවෙන් විකල්ප ක්‍රම හරහා අරමුණු ඉෂ්ට කර ගැනීමටත් හැකි වනවා.
    උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ශක්‍යතා අධ්‍යයනයක් හෝ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව 2008 දී මුල් ගල තබා ඇත. එමෙන්ම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මුල් අවස්ථාවේ එනම් 1991 වසරේදී උමා ඔයේ ජලය ලුණුගම් වෙහෙර ජලාශය වෙත ගෙන යෑමට යෝජනා කළ විට එය ප්‍රතික්ෂේප වූයේ තාක්ෂණික දෝෂ හා මහජන ජල අයිතිවාසිකම් හේතුවෙනි. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ව්‍යාපෘතියේ ශක්‍යතාව සම්බන්ධයෙන් හෝ පාරිසරික බලපෑම සම්බන්ධයෙන් හෝ ජනතාවගේ නිදහස් ජල අයිතිය පිළිබඳව හෝ අවධානය යොමු නොකර මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදී.
    මුල්ගල තැබීමෙන් අනතුරුව 2008 ජුලි මස 20 මෙම ව්‍යාපෘතියට අදාල පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කළ බව වාර්තා වේ. Mahab Ghodss Consulting Engineering Company නම් ආයතනය එය සිදු කරන ලදී. 2010 වසරේ නොවැම්බර් මස වෙළුම් තුනකින් යුත් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව වාරිමාර්ග හා ජාල කළමනාකරණ අමාත්‍යංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සකස් කළ බවත් වාර්තා වේ.
    2010 දෙසැම්බර් 27 වන දින සිට රජයේ වැඩ කරන දින 30ක් ලිඛිත මහජන අදහස් වලට අවස්ථාව ලබා දුනි. පරිසර සංවිධාන,ගොවි සංවිධාන, ප්‍රජා සංවිධාන යන හානියට පත් වන පිරිස් විශාල ලිඛිත විරෝධතා රැසක් මධ්‍යම පරිසර අධිකාරියට (Central Environmental Authority) වෙත ලැබුණි. එහෙත් විරෝධතා නොසලකා මෙම අධිකාරිය කොන්දේසි සහිත අනුමැතියක් ලබා දෙන ලදී. ඒ වන විටත් ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබුණි. එමෙන්ම ජාතික පාරිසරික පනතට අනුව පාරිසරික ඇගයීම් වාර්තාව තිබිය යුතු අනිවාර්ය අංගයක් වන විකල්ප අධ්‍යයන මෙයට වාර්තාවට ඇතුලත් නොවීය.

    ඌව පළාතට ඇති වී තිබෙන පාරිසරික ගැටළු

    Picture-no-04-701x403.jpg
    newsfirst. lk

    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස, ජලය, ජීවනෝපාය මාර්ගය මෙන්ම විවිධ පාරිසරික තර්ජන වලටද මුහුණ පෑමට සිදු වේ.
    උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේවන විටත් සමස්තයක් ලෙස නිවාස 3870ක් පමණ පුපුරා ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම එක් ප්‍රදේශයකට ජලය ලබා දීමට ගොස් මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුඳු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ ආදී ගම්මාන වල පවුල් 650 ක් පමණ ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වී ඇත. ඒ හේතුවෙන් එළවළු, වී වගා කිරීමටද නොහැකි වී ඇත.
    අධි බලැති විදුලිය රැහැන් පද්ධතියක් ඔස්සේ පරිවහනය කරන අතර විශාල වනාන්තර ප්‍රමාණයක් රාවණා ඇල්ල අභය භූමියෙන් ඉවත් කිරීමට සිදු වන බවටත්, එය දෙකඩ කිරීමට සිදු වන බවටත්, ජෛව විවිධත්වයට හානියක් වන බවටත් මත ඉදිරිපත්ව ඇත.
    එමෙන්ම ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනයට නියමිත බොහෝ ප්‍රදේශ වල එළ ගවයන් හා මී ගවයන් පාලනය කරන අතර, සංවර්ධනය මගින් එම බිම් ප්‍රදේශ වල හිඟයක් ඇතිවේ. එමගින් මේ වන විටත් උඩවලව හා ලුණුගම්වෙහෙර ජාතික වනොද්යනයන්ට තර්ජනයක්ව ඇති එළ ගවයන් හා මී ගවයන් වනෝද්‍යාන වලට තණ කැවීමට යැවීමයි. මෙය ඉදිරියට තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ.
    මෙමගින් උස් කඳුකරයේ කරන භූගත කැණීම් නිසා පාංශු ස්ථර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම මෙන්ම ජාල මාර්ගවලට බලපෑම් වීම යන ආකාරයට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති විය හැකිය. ඒ නිසා නාය යැම්, පාංශු ඛාදනය, ජල දේහයන් රොන් මඩ වලින් පිරී යාම හා භූ ගත ජල මට්ටම පහළ බැසීම සිදු විය හැකි බව දක්වා සිටියි.

    උල්ලංගණය වන මිනිස් අයිතිවාසිකම් හා උමා ඔය සුරැකීමේ ජාතික ව්‍යාපාරය

    Picture-no-05-701x469.jpg
    lankatruth. com

    නිදහස් ජල අයිතිය, නිවාස අයිතිය, ජිවනෝපාය කිරීමට ඇති අයිතිය ආදී අයිතිවාසිකම් රාශියක් උල්ලංගණය වන උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් 2009 වසරේදී උමා ඔය සුරැකීමේ ජාතික ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා පුළුල් බහුජන සහභාගීත්වයක් මෙන්ම සක්‍රිය ක්‍රියාකාරීත්වයක්ද දක්නට ලැබෙනවා.

    මුලාශ්‍ර:


    1. National Environmental Act No. 47 of 1988
    2. www.vidusara.com
    3. www.vikalpa.org
    4. www.ada.lk
    5. www.divaina.com
    6. duishengeadawiya.blogspot.com
    Roar Sinhala-written by Achini Dissanayake
    copied from roar Sinhala.
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    මේවා ගැන කතා කරලා වැඩක් නෑ. මම දන්නා සර් කෙනෙක් හිටියා එයා ඔය පරිසර ඇගයීම් වාර්තා සුපිරියටම කරන ඩයල් එකක්. මිනිහ කිසිම බයක් නැතිව නිවැරදිව වැඩේ කරනවා.ගොඩක් විද්වත්තු අවුලක් තියනවා තියනවා කියල කෑගහන එක විතරයි කරන්නේ, නමුත් අර සර් ගැටලුව මෙන්ම ඊට කලයුතු පිලියමත් එලටම යෝජනා කරනවා. මාර දැනුමක් තියෙන්නේ. ඒ සර්ට ඇතිවුන පීඩනය හා කලකිරීම් මත දැන් මාසෙකට විතර කලින් ලංකාව දාල යුරෝපෙට ගියා යලි නොඑන්නම. :(:(:(
     
    • Like
    Reactions: WhiteWalker

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    Elakiriyen mewa bump kara kara edala hari yanne ne.. Meka denwath nawathwanna kriyamargayak ganna oni.. nethnm etin uwa palathama kantharak wenawa
     

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    මේකේන් වතුකරයේ ඉන්න දමිලයන්ට පානිය ජල හිඟයක් සහ වෙනත් ප්‍රශ්න එන්න පුලුවන් නිසා ඒ අය නොමිලේ ඉඩම් දීලා හරි දකුනේ පදිංචි කරවන්න .:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වතුර අපරාදේ දවසට ලීටර් කොටි 8ක් අපතේ යනවා කියන්නේ :baffled::baffled:

    ඉරාන් කාරයෝ හිතන්න ඇති කාන්තාරේ වගේ ගේමක් නැතුව හාරන්න පුළුවන් වෙයි කියල :dull::dull:
     
    • Like
    Reactions: Ithika mithika

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,409
    113
    දකුණේ හයි වේ එකක් හැදුව දැන් දකුණෙන් බාගයක් ගං වතුරට යටවෙනවා.
    මෙහෙ උමගක් කපල එක කාන්තාරයක් කරලා .
    මුං රට කලා විතරක් නෙමයි පැරදිලා ගියේ ,
    කලා එක උඩ පහරල හත් පොලේම ගලා තව එකෙකුට වත් කල්පෙකට වත් ගොඩ දාන්න බැරි කරලා .
     

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    දකුණේ හයි වේ එකක් හැදුව දැන් දකුණෙන් බාගයක් ගං වතුරට යටවෙනවා.
    මෙහෙ උමගක් කපල එක කාන්තාරයක් කරලා .
    මුං රට කලා විතරක් නෙමයි පැරදිලා ගියේ ,
    කලා එක උඩ පහරල හත් පොලේම ගලා තව එකෙකුට වත් කල්පෙකට වත් ගොඩ දාන්න බැරි කරලා .

    රනිල් මොනා හරි කරයි.රනිල්ගේ කුලේ උසස්. අඩු කුලේ නෙවෙයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දකුණේ හයි වේ එකක් හැදුව දැන් දකුණෙන් බාගයක් ගං වතුරට යටවෙනවා.
    මෙහෙ උමගක් කපල එක කාන්තාරයක් කරලා .
    මුං රට කලා විතරක් නෙමයි පැරදිලා ගියේ ,
    කලා එක උඩ පහරල හත් පොලේම ගලා තව එකෙකුට වත් කල්පෙකට වත් ගොඩ දාන්න බැරි කරලා .

    ඔය පැති කොහොමත් ගංවතුරට යටවුනා ඒක හයිවේ එකේ වැරැද්දක් නෙමේ :no: එහෙම වැරැද්දක් කියන්නවත් මේ ආණ්ඩුව කරන්නෙ මොනාද ? මොකුත් නොකර ඉන්න එක ඇරෙන්න මේ ආණ්ඩුවට කරන්න පුලුවන් දෙයක් නෑ :no: උමඟ මහින්ද ගිහිං කැපුවද ?නෑනෙ ඒකෙ වැරැද්ද අදාල සමාගමේ රටේ වෙච්ච හැම දේකටම වැරදි මහින්දද එතකොට ? :frown:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,409
    113

    ඔය පැති කොහොමත් ගංවතුරට යටවුනා ඒක හයිවේ එකේ වැරැද්දක් නෙමේ :no: එහෙම වැරැද්දක් කියන්නවත් මේ ආණ්ඩුව කරන්නෙ මොනාද ? මොකුත් නොකර ඉන්න එක ඇරෙන්න මේ ආණ්ඩුවට කරන්න පුලුවන් දෙයක් නෑ :no: උමඟ මහින්ද ගිහිං කැපුවද ?නෑනෙ ඒකෙ වැරැද්ද අදාල සමාගමේ රටේ වෙච්ච හැම දේකටම වැරදි මහින්දද එතකොට ? :frown:

    කවදාවත් ගං වතුරට යටවුන පති දැන් යටවෙනවා හයිවේ එක නිසා