මූඩිස් (Moodys')

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
මෑත කාලීන දේශපාලන අස්ථාවරයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ විදෙස් සංචිත පිළිබඳ සලකා බලා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩිස් (Moodys') ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ ආර්ථික තත්වය පැවති මට්ටමට සාපේක්ෂව සහත මට්ටමකට නම් කර තිබේ.

ඒ අනුව මෙතෙක් පැවති බී වන් අගයේ සිට අද (20) ඔවුන් එය බී ටූ අගය දක්වා පහත දමා ඇති බව මූඩිස් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද පැවසේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.