මූණු පොත හා විප්ලව
මේක මම බ්ලොග් එකකින් ගත්තෙ. මගේ අදහසට ටිකක් විතර ගැලපෙනව. හැබැයි ගැලපෙන්නෙ නැති තැනුත් තියනව... re-pots නම් sorry

ඇල්ජීරියාවේත්, ඊජිප්තුවේත් දිගු කලක් පාලනය ගෙන ගිය පාලකයින් බලයෙන් පහ කෙරුණු බව අප දැන ගත්තේ මීට සති කිහිපයකට පෙරය. ඇල්ජීරියාවෙන් ඇරඹි මේ “ජන නැගිටීම්” රැල්ල ඉන් පසු ඊජිප්තුව, ලිබ්යාව, යේමනය හා බහ්රේන් දක්වා පැතිරී ගියේය. මේ ජන නැගිටීම් සිදු වූයේ ෆේස් බුක් (මූණු පොත ) ආදී සමාජ ජාල තුලින් බවත් මේ අතරම එක්තර මතවාදයක් ඉදිරි පත් වෙමින් පැවතිණ.
මේ ජන නැගිටීම් සිදු වූ සියළු රට වල නායකයින් බොහෝ කල් ඒකාධිපතියන් ලෙස බලයේ රැඳී සිටි බවත්, එනිසා ඇති වූ ජන අප්‍රසාදය නිසා මේ නැගිටීම් සිදු වූ බවට අවජාතිකවාදී නඩය තප්පු ලන්නට පටන් ගත් අතර, සිය කුජීත දේශපාලන න්‍යාය පත්‍රයට ශ්‍රී ලාංකික විප්ලවයක් ඔවුන් එකතු කර ගත්තේත් ඒ අනුවය. මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා හොස්නි මුබාරක් වැනි ඒකාධිපතියෙක් බවද, ශ්‍රී ලාංකිකයන්ට ඔහු එපා වී ඇති බවත්, නමුත් මර්දනය නිසා ඔවුන් නිහඬව සිටින බවත් ඔවුන් පළ කළ අදහස් වලින් පෙනී ගිය කරුණකි. එබැවින් මේ විප්ලවය “සයිබර් විප්ලවයක්” ලෙස තමන් මුල පුරන බවට නොකියා කියමින් මොවුන් උත්සාහ කලේ ලංකාව තුලත් එවැනි “මූණු පොත්” විප්ලවයක් කල හැකි බව පෙන්වීමටය.
නමුත් මොවුන්ගේ සොමිය පැවතියේ සති කීපයක් පමණි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල මොවුන්ට කණ හරහාම යන්නට පහරක් ලබා දුන් අතර එයින් කියැවුණේ තවමත් වත්මන් ආණ්ඩුව තම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බවට ජනතාව තුළ වූ විශ්වාසයයි. මැතිවරණ ප්‍රතිඵලය සමග අවජාතිකවාදීන් බ්ලොග් හරහා කළ තප්පු ලෑම් අඩු වී ගිය අතර, පස්චාත් නූතනවාදී ත්‍රී වීල් පක්ෂ වල තෝල්කයා වූ බූන්දිය නම් තවමත් මේ ඊනියා විප්ලවය ගැන සිහින දකිමින් පසු වෙයි.
ශ්‍රී ලංකාවේ මෙබඳු විප්ලවයක් කළ නොහැක්කේ ඇයි? එකම හේතුව නම් රජය මිනිසුන්ට එපා වී නොතිබීමයි. එපා වී තිබුණත්, රටට යමක් කෙරෙන නිසා අමාරුවෙන් හෝ ඉවසා ගෙන සිටින්නට සමහර අය තීරණය කර ඇතුවා වෙන්නට පුළුවන. එනිසා විප්ලවයකට අවශ්‍ය විරෝධාකල්ප මෙරට තුළ නොමැතිව මෙවන් විප්ලවයක් ගැන සිතීමටවත් නොහැකිය. මේ පඩත්තල රෑන ඉන් පසු සිතා සිටියේ මේ සිදු වූයේ සැබෑ ජන නැගිටීම් බවයි. අඳෝමැයි! එසේ නැත. මේවා බටහිර රටවල් විසින් මේ රාජ්‍ය වල තෙල් කොල්ල කන්නට රූකඩ පාලකයන් පත් කර ගැනීමට කරන ලද තවත් උපායකි. හොස්නි මුබාරක් ගෙන ආවේත් බටහිර බලවතුන්ය. ඔහුට කිරි දී ඇති දැඩි කලේත් ඔවුන්මය. මුබාරක් දැන් තමන්ගේ පදයට නොනටන නිසා ඔහු එතනින් ඉවත් කරන්නට ඔවුන් තීරණය කළා වෙන්නට පුළුවන. ලිබ්යාවේ වෙන්නේ ඒ සංසිද්ධියයි. බටහිර බලවතුන් ගඩාෆිට එළව එළවා පහර දෙන්නේ ගඩාෆි විසින් බාගෙන කන තෙල් සම්පත ඉහ ගෙන කන්නටය. මේ අතරම ඇමෙරිකාව ලිබ්යානු කැරලිකරුවන්ට දෙන ආයුධ අල්-කයිඩා අතට පත් වන බවට සැක පහළ වීම නිසා මොවුන් තක්කු මුක්කු වී සිටින බවත් මේ අතරම වාර්තා වේ.
තෙවැනි හේතුව නම් මූණු පොත යනු ශී ලාංකික ලුම්පන් පන්තියේ හා “වෙන්ට පොෂ්” පන්තියේ මාධ්‍යයක් වීමයි. අන්තර්ජාලය තුල පොර ටෝක් දෙන බහුතරයක් දෙනා සමාජය තුල සුළු දිය කොල්ලන්ය. ඔවුන්ට සමාජයේ අහිමි පෞරුෂය ඔවුන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමට උත්සාහ කරති. කෙස් පැලෙන තර්ක, අනිකා ට කුණු හරුපෙන් බැණීම්, ස්වයං හැක් වීම් අයිති වෙන්නේ මේ “හීන මාන” කොදෙව්වේ කරණම් ගහන සෙප්පඩ විජ්ජා කාරයන්ටය.
ලංකාවේ මූණු පොතෙන් කල පළමු “විප්ලවය” ලත් තැනම ලොප් වූ බවට ආරංචි වූයේ මේ ලඟදීය. කුමාර් සංගක්කාර නැවත නායකත්වයට ගෙන එන ලෙසට බල කරමින් සංවිධානය කෙරුණු උද්ඝෝෂණයට මූණු පොතේ “වැඩර්ලා” 6500කට වැඩි ගැණනක් සහභාගි වන බව කියා සිටියත්, එම තැනට එන්නට කොන්ද පණ තිබුණේ 17 දෙනෙකුට පමණක් බව වාර්ථාවේ. ලංකාවේ පළමු මූණු පොත් “විප්ලවය” අවසන් වූයේ හද්දා චාටර් එකක් කෑමෙනි.
අන්තර්ජාලයෙන් විප්ලව කරන්නට හදන ගොන් රෑන දැන්වත් සිත තබා ගත යුතු යමක් වෙයි. එනම් “වෙන්ට පොෂ්” අන්තර්ජාල පාඨකයන් යනු ශී ලාංකිකයන්ගෙන් අතිශය සුළු තරය බවයි. ඔවුන් බහුතරය ලෙස සිහින දකිමින් කරන මෙවැනි ගොන් පාට් අවසන අපට අබා දෙන්නේ පට්ට සිනහවක්ම පමණි. ලංකාවේ විප්ලවය කරන්නට අවැසි නම් ඈත ගම් දනවු වල අවුවේ කර වෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගතයුතුය. අපේ හොඳට හෝ නරකට එය වටහා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණකි. ඔවුන් වෙත නොයා “සයිබර් විප්ලව” කරන්නට යාම සරමෙ ගිය එකට නොදෙවෙනි නිරර්ථක ක්‍රියාවකි.
http://peramunerala.wordpress.com/2011/04/11/මූණු-පොත-හා-විප්ලව-facebook-revolutions/

Last edited: