මූත් මාලඹේද?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මාලඹේ පෞද්ගලික වෙද පීඨ‍යෙන් පිටත් වෙන එවුන් විතරද ඔ‍ය "කි‍යන" විදි‍යට වෙදකමට ගැලපෙන්නේ නැත්තෙ?

    සෙවණගල ප්‍රාදේශීය රෝහල ද දුෂ්කර රෝහලකට කදිම උදාහරණයකි. මේ පළාත හරි ශුෂ්කය. සෙවණගල ප්‍රාදේශීය රෝහලට පත්වීම් ලබා එන බොහෝ වෛද්‍යවරු මේ රෝහලට ආයුබෝවන් කියා යන්නට ගියේ එනිසාය.
    dr.jpg
    නමුත් වෛද්‍ය චාමින්ද විතාරණ මහතා සෙවණගල රෝහලට පැමිණි පසු තත්ත්වය වෙනස්‌ විය. මේ වෛද්‍යතුමා විවාහකය. දරු දෙදෙනකු ද සිටී. ඒ දරුවන් ද, ප්‍රිය බිරිඳ ද සමග සෙවණගලට වී රෝහලත්, රෝහලේ වෛද්‍ය සේවාවත් දවසින් දවස දියුණු කිරීමට මේ වෛද්‍යවරයා සමත් වන්නේය. රෝහල දෙස නොබලා පිට පාරෙන්ම වෙනත් රෝහල්වලට යමින් සිටි රෝගීන්ට මේ රෝහලේ දොරටුවෙන් ඇතුළු වන්නට සිතුණේ රෝහලේ ප්‍රතිකාර හොඳ බව තේරුණ නිසාය. මේ දොස්‌තර මහතා කාගේත් ප්‍රශංසාවටත්, ගෞරවයටත් පාත්‍ර වූයේ රෝහල දියුණු කිරීම නිසා පමණක්‌ නොව වෛද්‍ය ප්‍රතිකාරවලින්ද රෝගීන් සුවපත් කළ නිසාය.

    මෙවැනිම දොස්‌තර මහතකු කරන්දෙණිය දිසා රෝහලේද සිටි වග මතකය. ඔහු හිත හොඳ දොස්‌තරය. ඒ දොස්‌තර මහතා නම් දැන් ජීවතුන් අතර නැත. ඒ දොස්‌තර දැන් ඉන්නේ දෙව්ලොව විය යුතුය.

    කරන්දෙණිය දොස්‌තර මහතාට වූ විපත්තියම, සෙවණගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී චමින්ද විතාරණ මහතාටත් සිදුවන්නට ගිය බව දැන් රටම දනී. චමින්ද විතාරණ වෛද්‍යවරයා පමණක්‌ නොව ඔහුගේ ප්‍රිය බිරිඳට ද, දරු දෙදෙනාට ද වස දී ඔවුන්ව ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ සෙවණගල ප්‍රාදේශීය රෝහලේම දෙවැනි වෛද්‍ය නිලධාරිවරයා විසින් යෑයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    වෛද්‍ය චමින්ද විතාරණ මහතා ද කරන්දෙණියේ දොස්‌තර මහතා මෙන් හිත හොඳ දොස්‌තර මහතෙකි. ඔහු සෙවණගල වැනි දුෂ්කර පළාතකට වී කළ සේවාව නිසාම නමට පමණක්‌ රෝහලක්‌ව තිබූ සෙවණගල ප්‍රාදේශීය රෝහල බලාන සිටියදී දියුණු විය. රෝහලේ පහසුකම් වෙනුවෙන් වෛද්‍යවරයා සිය පුද්ගලික ධනයද වැය කළේ මිනිස්‌කමේ නාමයෙන්ය.

    දරුවන්ගේ අධ්‍යාපනයට සුපිරි පාසල් පිළිබඳ නොසිතූ ඒ වෛද්‍යවරයා සෙවණගල රෝහලත් ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ සෞඛ්‍ය පිළිබඳවත් නිරතුරුව කල්පනා කළේ සමාජ සේවකයකුගේ ලක්‍ෂණද පෙන්වමිනි.

    මේ අතර සෙවණගලම ඉපිද, සෙවණ ගලෙන්ම උගෙන වෛද්‍යවරයකු වූ තරුණයකු සෙවණගල ප්‍රාදේශීය රෝහලට පත්වීම් ලබන්නේය.

    මේ වනවිට මුළු ප්‍රදේශයේ ජනප්‍රියම වෛද්‍යවරයා බවට වෛද්‍ය චමින්ද විතාරණ මහතා පත්වී හමාරය. මේ වෛද්‍යවරයා ගලමංඩුව හන්දියේ ඩිස්‌පෙන් සරියක්‌ විවෘත කළ ද ඒ ඩිස්‌පෙන්සරිය වැඩිපුරම වසදමා තිබුණේ පුද්ගලික ප්‍රතිකාරවලට වඩා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාරවල නිරතව සිටීමට ද වෛද්‍ය චමින්ද විතාරණ සිය කාලය මිඩංගු කළ නිසාය. අලුතින්ම පත්ව ආ වෛද්‍යවරයා ද ගලමංඩුව හන්දියේම පුද්ගලික ඩිස්‌පැන්සරියක්‌ විවෘත කළේය. රෝගීන් වැල නොකැඩී යන්නේ වෛද්‍ය චමින්ද විතාරණ මහතාගෙන් ප්‍රතිකාර ගැනීමටය.

    අපි ගමේ එවුන්. මේ යකා කොහොමද අපේ ගමට ඇවිත් මෙහෙම කරන්නේ... වෛද්‍ය චමින්ද විතාරණ කෙරෙහි වෛරී හැඟුම් මෝදු වූයේ රුපියල් ශතවලට කෑදර වෙමිනි.

    "මූට හොඳ වැඩක්‌ කරන්නම්" එසේ සිතූ අලුත් වෛද්‍යවරයා.... යමක්‌ සැලසුම් කළේය.

    රුපියල් ශතවලට හා බලයට මෙන්ම ජනතාවගේ ප්‍රශංසා බලහත්කාරයෙන් ලබා ගන්නට කල්පනා කළ මේ තරුණ වෛද්‍යවරයා වෛද්‍ය චමින්ද විතාරණ මහතා ඇතුළු පවුලේ අය මරා දමන්නට සැලසුම් කර ඇතැයි කර ඇති පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

    වෛද්‍යවරයකු තවත් වෛද්‍යවරයකු ඝාතනය කරන්නට තරම් මේ රටේ වෛද්‍ය වෘත්තිය හෑල්ලු වී ඇද්දැයි සැකයක්‌ උපදී. සෙවණගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරි චමින්ද විතාරණ මහතා නම් මාධ්‍යවලට කියා තිබුණේ මෙවැන්නකි.

    "මට කිසිම රෝගයක්‌ තිබුණේ නෑ. අපේ පවුලේ දරු දෙන්නටත් අසනීපයක්‌ තිබුණේ නෑ. නමුත් බිරිඳටත්, දරුවන්ටත් මටන් දැන් ටික දිනක සිට එක එක අසනීප වැළඳුණා. මට අංශභාග තත්ත්වයක්‌ පවා දැනෙන්න වුණා. මම වෛද්‍යවරයකු නිසා නිසි වෙලාවට ඒ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගත්තා".

    "මම පිටතින් වතුරවත් බොන්නෙ නෑ. අපේ ක්‌වාටස්‌වල මිදුලේ වැඩවලට රෝහලේ සුළු සේවකයෙක්‌ උදව් කරනවා. ඔහු අපේ විශ්වාසවන්ත සේවක යෙක්‌. මම පසුගිය දවසක දැක්‌කා ඒ පුද්ගලයා අපේ වතුර ටැංකියේ වතුර අතට අරන් ඉඹලා බලනවා. මට සැක හිතුණා. මම රෝහල් කාර්ය මණ්‌ඩලය ඉදිරිපිටදීම ඔහුගෙන් ප්‍රශ්න කළා.

    ඊට පස්‌සෙයි කතාව හෙළි වුණේ. වෛද්‍ය චමින්ද විතාරණ මහතා එහෙම කියන්නේ හරිම කලකිරීමෙන්.

    සැකකාර වෛද්‍යවරයා පසුගිය 03 වැනිදා සිට ප්‍රදෙAශයෙන් අතුරුදන් වුණා. රෝහලේ සුළු සේවකයා සියල්ල හෙළි කළා.

    "අපි ගමේ එවුන්. උඹ මේ වස ටික ක්‌වාටස්‌aවල වතුර ටැංකියට දමපන්. මාස තුනක්‌ යද්දී උන් ඔක්‌කොම කම්මුතුයි...." සැකකාර සේවකයා පවසන්නේ සැකකාර වෛද්‍යවරයා ලබාදුන් වස වතුර ටැංකියට දැමූ බවයි.

    මේ වස වර්ගය කුමක්‌ද? එහි බලපෑම් කෙබඳුද? සැකකාර වෛද්‍යවරයා මේ වස දමන්නට ක්‍රියා කළේ නම් මිනිස්‌කම කොයිබටද?

    හිපොක්‍රටීස්‌ දිව්රම දී වෙද නළාව අතට ගන්නා වෛද්‍යවරු, දෙවිවරු ලෙස සැලකුම් ලබන රටක, මිනීමරණ වෛද්‍යවරු ද සිටින බව හැඟෙන විට මෙරට මිනිසුන්ගේ මිනිස්‌කම පිරිහී ඇති තරම පිළිබඳ බිය සිතේ.

    සෙවණගල ප්‍රාදේශීය රෝහලේ මෙන්ම ප්‍රදේශයේ ජනතාවට දෙවිවරයකු බඳු වූ වෛද්‍ය නිලධාරියා ඇතුළු දරු පවුල මරා දැමීමට ක්‍රියාකර ඇත්තේ සැබෑ වෛද්‍යවරයකු ද? නොඑසේ නම් හොරට වෛද්‍ය උපාධිය ගත් අයකුද? මේ වස දැමීමට ක්‍රියා කළ බව කියන වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියට සුදුසු ද? හිපොක්‍රටීස්‌ටත්, හිපොක්‍රටීස්‌ දිව්රුමටත් නිගා කරන මේ මිනිසා වෛද්‍ය වෘත්තියට පමණක්‌ නොව මිනිස්‌කමත් මස්‌තබාල්දු කර ඇත. එහෙම කියන්නේ සෙවණගල ප්‍රදේශයේ ජනතාවය.

    මේ කියන පරිදි සැකකාර වෛද්‍යවරයා තම සහෝදර වෛද්‍ය නිලධාරිවරයා ඝාතනය කර සතුටු වන්නට ක්‍රියාකර ඇත්නම් රටේ සෑම ක්‍ෂේත්‍රයකම පිරිහීම වෛද්‍යවරුන් අතරටත් පැතිර ගොස්‌ ඇතැයි යමෙකුට සිතීමට පුළුවන.

    එදා කරන්දෙනිය දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි ප්‍රියංග ප්‍රසාද් ජයසිංහ මහතා වෙඩි තබා මරා දැමුවේ රසායනාගාර පරීක්‍ෂණ ව්‍යාපාරයට, වෛද්‍යවරයාගේ රසායනාගාර පරීක්‍ෂණ කටයුතු බාධාවක්‌ වූ නිසාය. ඒ වෛද්‍යවරයා මරා දැමූ පසු කරන්දෙනිය පමණක්‌ නොව මුළු රටම හැඬුවේ "අනේ බලන්න ඒ වගේ දෙවි කෙනෙකුත් මුන් මරලා කියමිනි". වෛද්‍යවරයා මරාදැමුවන්ට එරෙහිව දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.

    බැරිවෙලා හෝ සෙවණගල ප්‍රාදේශීය රෝහලේ මේ වෛද්‍ය හුටපටය මුල්කරගෙන ජලයට මුසුකළ වස, විෂ වූයේ නම් අපට ලියන්නට වන්නේ වෛද්‍ය පවුලක්‌ විනාශ කළ හැටිය. පිනකට මෙන් එවැනි විපතක්‌ වූයේ නැත. වතුර ටැංකියට වස මුසු කළ කතාව බොරුවක්‌ද? එසේ කළ බව කියන කතාව ඇත්තක්‌ද?

    ඒ පිළිබඳ කෙරෙන පරීක්‍ෂණ අවසන්ව නැත. කෙසේ හෝ මේ වෛද්‍ය දෙපළ අතර ගැටුමක්‌ තිබූ බව පැහැදිළිය. එනිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පොලිසියත්, වගකිවයුතු සෙසු අංශත් මේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්‌ කළ යුතුය. වැරදිකරුවන් සොයා නීතිය තදින්ම ක්‍රියා කළ යුතුය. වෛද්‍යවරු යනු මැරී වැටෙන්නට ළංව සිටින රෝගීන් යළි ජීවත් කරවන දෙවිවරු විශේෂයකි. මේ වෛද්‍යවරුන්ට මුදලට වඩා වටින්නේ කරන මේ සමාජ මෙහෙවරය. කෙනෙකුට යළි ජීවත් වන්නට වරම් දීම මොන තරම් පින් අත්වන පුණ්‍යකර්මයක්‌ද? රුපියල් ශත නොව මිනිස්‌කම් ඉහළ නංවන ක්‍රමයකට මේ මිනිස්‌ සමාජය යළි රැගෙන නොයන්නේ නම් වෛද්‍ය මුදලාලිලා හෙට අනිද්දාට රටපුරා මහ වසංගත පතුරවා හරින්නට ද බැරි නැත.

    ශිරාන් රණසිංහ
    http://www.divaina.com/2012/02/12/feature19.html
     

    waltarzan

    Member
    May 26, 2011
    320
    9
    0
    adooooooo,
    private campus walin outwena ekekuta hari aye gemak deela thibboth pethigahanawa
    mata one ekek gemak ne doooooo