දොස්තරලටත් fingerprint ඕන වෙලා 🏥

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,731
    16,515
    113

    රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් රාජකාරී වේලාවේ පුද්ගලික රෝහලක සේවයේ​

    3 hours ago

    රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු, සිය රාජකාරී වේලාව තුළදී පොදු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පුද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. මෙම සිදුවීම පසුගිය අගෝස්තු 14 වන දින සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් පුතාපසිංහ මහතා, "පුද්ගලික රෝහලක හදිසි අවස්ථාවකදී විශේෂඥ වෛද්‍යවරුන්ට සේවය සඳහා යා හැකි ක්‍රමවේදයක් චක්‍රලේඛ මගින් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව, අදාළ පුද්ගලික රෝහල විසින් රජයේ රෝහලේ අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතු අතර, වෛද්‍යවරුන් යොමු කරන්නේ අධ්‍යක්ෂවරයා විසිනුයි. නමුත් මෙම අවස්ථාවේදී ඒ කිසිවක් සිදුව නැහැ," යනුවෙන් පැවසීය. අදාළ වෛද්‍යවරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු දැනුවත් කර පිටව ගොස් ඇති නමුත්, එවැනි අනුමැතියක් දීමට ඔහුට බලයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. මෙලෙස පිටව ගොස් ඇත්තේ නොමේරූ ළදරු ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ පැය 24 පුරා රාජකාරියේ සිටිය යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    තැපැල් සෙට් එක අයින් කරන්න තීරණය කරලා නේද ආණ්ඩුව...?
    ඒ වගේ, ඔය දොස්තරලා තුන් දෙනාම සේවයෙන් ඉවත් කරන්න ඕන.
    එතකොට ප්‍රශ්නය ඉවරයි..
    ඒ තුන් දෙනාට යන එනමන් නැති වුණාම අනිත් දොස්තරලා බයට වැඩ කරාවි..
    👏👏👏
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    තැපැල් සෙට් එක අයින් කරන්න තීරණය කරලා නේද ආණ්ඩුව...?
    ඒ වගේ, ඔය දොස්තරලා තුන් දෙනාම සේවයෙන් ඉවත් කරන්න ඕන.
    එතකොට ප්‍රශ්නය ඉවරයි..
    ඒ තුන් දෙනාට යන එනමන් නැති වුණාම අනිත් දොස්තරලා බයට වැඩ කරාවි..
    👏👏👏
    :P:lol:
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,515
    113
    තැපැල් සෙට් එක අයින් කරන්න තීරණය කරලා නේද ආණ්ඩුව...?
    ඒ වගේ, ඔය දොස්තරලා තුන් දෙනාම සේවයෙන් ඉවත් කරන්න ඕන.
    එතකොට ප්‍රශ්නය ඉවරයි..
    ඒ තුන් දෙනාට යන එනමන් නැති වුණාම අනිත් දොස්තරලා බයට වැඩ කරාවි..
    👏👏👏

    මේ තුන්දෙනා GMOA නෙමෙයි වෙන්න ඕන
    අනිත් අයට අදාල නෑ 😄
     
    • Haha
    Reactions: supun_sg

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    කලින් ආණ්ඩු හොස්පිටල් වලට ගෙන්න හැදුවට ගෙන්න දුන්නේ නැනේ. නර්ස් ල එහෙම fb එකේ මැරෙන්න හැදුවේ ඕක ගෙනාවොත් ලෙඩ්ඩු මැරෙනවා කියල. විදායකේ විදායකේ කිව්වට වුකන්නෝ ඔක්කොම union වලට බයයි ප්‍රබාකරන්ටත් වැඩිය.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    මොකක්හරි හිත් අමනාපකමක් වෙන්න ඇති නැත්නම් ඕකුන් ඔක්කොම එක ඉත්තේ පොල්.. අද ඊයෙ වෙන දේවල් නෙවෙයි ඕවා.. nurse ලගේ ඉඳලා හැමෝම ඕවට උදව් කරනවා..

    පොලිසියේ ලොන්තයන්ට උන්ගේ කුට්ටිය දුන්නේ නැතුවාම කසිප්පු අල්ලනවා වගේ එකක් මේකත් sure එකටම.. වෙට් වෙන්න එපා ඕවට..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,515
    113
    කලින් ආණ්ඩු හොස්පිටල් වලට ගෙන්න හැදුවට ගෙන්න දුන්නේ නැනේ. නර්ස් ල එහෙම fb එකේ මැරෙන්න හැදුවේ ඕක ගෙනාවොත් ලෙඩ්ඩු මැරෙනවා කියල. විදායකේ විදායකේ කිව්වට වුකන්නෝ ඔක්කොම union වලට බයයි ප්‍රබාකරන්ටත් වැඩිය.

    නීතිය හැමෝටම එක සමානව සර්ව සාධාරණ වෙන්න ඕන නැද්ද හා 🤌
     
    • Haha
    Reactions: supun_sg

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    තැපැල් සෙට් එක අයින් කරන්න තීරණය කරලා නේද ආණ්ඩුව...?
    ඒ වගේ, ඔය දොස්තරලා තුන් දෙනාම සේවයෙන් ඉවත් කරන්න ඕන.
    එතකොට ප්‍රශ්නය ඉවරයි..
    ඒ තුන් දෙනාට යන එනමන් නැති වුණාම අනිත් දොස්තරලා බයට වැඩ කරාවි..
    👏👏👏
    radala kule uththarayak dennada :D :D

    liyum thorala categorize karana mahaththuru ain karanawa wage lesi nae consultant dokku ain karana eka, liyum thorana mahaththuru hadanne sathiyak yayi, consek hadanne ...... ekko onae nae....

    consa ain karanakan balan idee thawa place ekaka rassawak hoyaa ganne, private practice ekak karanne etc etc...

    Moral of the story :
    Be someone that loosing you cost them in millions :D
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    තැපැල් සෙට් එක අයින් කරන්න තීරණය කරලා නේද ආණ්ඩුව...?
    ඒ වගේ, ඔය දොස්තරලා තුන් දෙනාම සේවයෙන් ඉවත් කරන්න ඕන.
    එතකොට ප්‍රශ්නය ඉවරයි..
    ඒ තුන් දෙනාට යන එනමන් නැති වුණාම අනිත් දොස්තරලා බයට වැඩ කරාවි..
    👏👏👏

    ඒක තමයි කරන්න ඕනා එතකොට අනිත් උන් හැදෙනවා.