මූන්ට දස දෙසින් විරෝධය

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මූන්ට දස දෙසින් විරෝධය

    මූන්ට දස දෙසින් විරෝධය

    ශී‍්‍ර ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම පිණිස ජගත් මහලේකම්වරයා විද්වත් කමිටුවක් පත් කිරීම කෙරෙහි මෙරට දේශපාලන පක්‍ෂ හා සංවිධාන විරෝධය පළ කරති. එම දේශපාලන පක්‍ෂ හා සංවිධාන අවධාරණය කරන්නේ මෙම පියවර රටේ අභ්‍යන්තර කටයුතුවලට ඍජුව බලපෑම් කිරීමක් බවයි. විශේෂයෙන්ම මෙම කි‍්‍රයාවට තම පක්‍ෂයේ විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.


    පාර්ලිමේන්තුවේ සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ සිය මූලස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතා නොසලකන එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම්වරයා ශී‍්‍ර ලංකාවේ විරෝධතාව පිළිබදව වෙනත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් කුමන සංවිධානයක් හෝ මෙරටේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ප‍්‍රවීණ සිනමා ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය මහතා කලාකරුවන්ගේ මාධ්‍ය හමුවකදී පැවසුවේය. ලංකා ජාතික සංඝ සභාවද මෙම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ක‍්‍රියාව හෙළා දැක තිබුණි.
    ban-ki-01.gif