මූන තෙල් පාටද?

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මූන ටක් ගාලා තෙල් පාට ගන්න එක.මෙහෙම ශරිරයෙන් වැඩියෙන් තෙල් නිපදවන්න හෙතු ගොඩක් තියෙනවා.පාරම්පරික ලක්ශන, මානසික පීඩනය, හෝමොන වෙනස් කම්, අහිතකර ආහාර රටා, හම ගැන සැලකිල්ලක් නොදැක්වීම, පරිසරයෙ අර්දතාවය ජනගහනය වැඩි වීම වගේ දේවල් තමයි මීට ගොඩක් බලපාන්නෙ.මේ තෙල් නිසා මූනෙ කුරුලෑ ඇති වීම, බ්ලැක් හෙඩ්ස් ඇති වීම වැඩි වෙනවා.පල්ලෙහයින් තියෙන්නෙ මූනේ තෙල් ගතිය අඩු කර ගන්න (නවත්ත ගන්න නෙවෙයි) ක්‍රම ටිකක්.. :D

    1) නිතරම මූන සේදිමෙන් වලකින්න.

    ගොඩක් අය තමන්ගෙ මූන තෙල් පාට වෙලා තියෙනවා දැක්ක ගමන් කරන්නෙ දුවගෙන ගිහින් මූන හෝද ගන්න එක.අර කපන්න කපන්න වැවෙනවා වගේ හෝදන්න හෝදන්න තෙල් ගතිය ටික ටික වැඩි වෙනවා.පුරුද්දක් විදිහට උදෙටයි රෑටයි විතරක් දවසට දෙසැරයක් මූන හෝදන්න.මද උනුසුම් වතුරෙන් හෝදනවනම් ගොඩක් හොඳයි.ඒකෙන් මූන වේලෙනවා..

    How-Choose-Face-Wash.jpg

    2) හැකිතාක් වතුර පානය කරන්න.

    හම සෞක්‍යමත්ව තියා ගන්න වතුර බොන එක ගොඩක් වැදගත්.එහෙමයි කියලා වතුර ලීටර් 10 ක් 15 ක් නෙවෙයි ලීටර් දෙකක් වගේ දවසට බිව්වහම ඇති.:D හැබයි පුලුවන් තරම් මත්පැන් සහ සිසිල් බීම(කෝක්,ස්ප්‍රයිට් වගෙ) පාවිච්චිය අඩු කරන්න.

    drinking-water.jpg

    3) සෞක්‍යමත් ආහාර රටාවකට හුරු වන්න.

    මේ වගේ දේකට ඉතින් පොඩි කැප කිරිමකුත් කරන්න වෙනවා.ඔනෙවට වඩා සීනි, ලුනු, බැදපු ආහාර තමන්ගෙ ආහාර වේලට එක් කර ගැනිමෙන් වලකින්න ඕනේ.පුලුවන් තරම් නැවුම් ආහාර වලටම යොමු වෙන්න.ඒ වගේම මේද අඩු ප්‍රෝටින් වැඩි ආහාර ගන්නත් සැලකිලිමත් වෙන්න.මේකනම් ඉතින් අපේ ජීවන රටාවත් එක්ක ටිකක් අමාරු වැඩක්..

    balanced-diet.jpg

    4) ප්‍රමිතියෙන් යුතු ආලෙපන වර්ග පාවිච්චි කරන්න.

    මේකෙදි ප්‍රදානම දේ තමයි ඔබ තෝර ගන්න ආලේපන තෙල් රහිත විය යුතුයි.ඉතින් ටිකක් විස්තර හොයලා ගාන දෙයක් ගාන්න.නැත්තම් ඒ තෙලුයි මේ තෙලුයි දෙකම එකතු වෙලා මූන ගන්න දෙයක් නැති වෙයි.තව ගමනක් යද්දි හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.ඒකෙන් මූනට දූවිල්ලෙන් වගේම ඉර එලියෙනුත් ආරක්ශාව ලැබෙයි.තව ෆේස් ටිශූ පාවිච්චි කරන්න අතරමගදි තෙල් පිහ දාන්න.ඒවා වැඩි ගානක් නෑ.රු 145 ද කොහෙද සාමන්‍ය ප්‍රමානෙ පැක් එක.

    74ed7c1f-2cf8-4c43-834b-fe4dc02f0f01.jpg

    5) සෞක්‍යමත් ජීවන රටාවකට හුරු වන්න.

    මේකත් ගොඩක් වැදගත් දෙයක්.කිසිම වෙලාවක පීඩනයෙන් ජීවත් වෙන්න එපා.හිනා වෙලා ඉන්න.වෛර කරන්න එපා.මයිත්‍රී කරන්න.පුලුවන්නම් භාවනා කරන්න.ජීවත් වෙන ටික කාලෙට මොන තරහ වෛරයද?ව්‍යායාම කරන්න.හොඳට නිදා ගන්න.ශාරිරික සෞක්‍ය වගේම මානසික සෞක්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න.

    healthy-lifestyle.jpg

    ඉතින් මේ දේවල් පිලිපදින්න පුලුවන්නම් ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිපලයක් ලබා ගත්තහැකි.අවන්කවම කිව්වොත් මට තාම ඔක්කොම පිලිපදින්න බෑ.ඒත් මන් උත්සහ කරනවා.මගෙත් මූන තෙල් පාටයි..:rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මගෙනම් මූන හේදුවම අඩු වෙනවා..තව දෙයක් මචන්..මූන් හෝදලා පව්ඩර් එකක් යූස් කරන්ඩ..අත්දැකීමෙන් කියන්නේ... :)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගෙනම් මූන හේදුවම අඩු වෙනවා..තව දෙයක් මචන්..මූන් හෝදලා පව්ඩර් එකක් යූස් කරන්ඩ..අත්දැකීමෙන් කියන්නේ... :)

    :( මගෙ මූනෙ පවුඩර් වලටත් ඇක්නි එනවා බන්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    දාන මගුල පිළිවෙලකට දාපංකෝ :frown:
    අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මූන ටක් ගාලා තෙල් පාට ගන්න එක.මෙහෙම ශරිරයෙන් වැඩියෙන් තෙල් නිපදවන්න හෙතු ගොඩක් තියෙනවා.පාරම්පරික ලක්ශන, මානසික පීඩනය, හෝමොන වෙනස් කම්, අහිතකර ආහාර රටා, හම ගැන සැලකිල්ලක් නොදැක්වීම, පරිසරයෙ අර්දතාවය ජනගහනය වැඩි වීම වගේ දේවල් තමයි මීට ගොඩක් බලපාන්නෙ.මේ තෙල් නිසා මූනෙ කුරුලෑ ඇති වීම, බ්ලැක් හෙඩ්ස් ඇති වීම වැඩි වෙනවා.පල්ලෙහයින් තියෙන්නෙ මූනේ තෙල් ගතිය අඩු කර ගන්න (නවත්ත ගන්න නෙවෙයි) ක්‍රම ටිකක්..

    1) නිතරම මූන සේදිමෙන් වලකින්න.

    ගොඩක් අය තමන්ගෙ මූන තෙල් පාට වෙලා තියෙනවා දැක්ක ගමන් කරන්නෙ දුවගෙන ගිහින් මූන හෝද ගන්න එක.අර කපන්න කපන්න වැවෙනවා වගේ හෝදන්න හෝදන්න තෙල් ගතිය ටික ටික වැඩි වෙනවා.පුරුද්දක් විදිහට උදෙටයි රෑටයි විතරක් දවසට දෙසැරයක් මූන හෝදන්න.මද උනුසුම් වතුරෙන් හෝදනවනම් ගොඩක් හොඳයි.ඒකෙන් මූන වේලෙනවා..

    2) හැකිතාක් වතුර පානය කරන්න​
    .

    හම සෞක්‍යමත්ව තියා ගන්න වතුර බොන එක ගොඩක් වැදගත්.එහෙමයි කියලා වතුර ලීටර් 10 ක් 15 ක් නෙවෙයි ලීටර් දෙකක් වගේ දවසට බිව්වහම ඇති. හැබයි පුලුවන් තරම් මත්පැන් සහ සිසිල් බීම(කෝක්,ස්ප්‍රයිට් වගෙ) පාවිච්චිය අඩු කරන්න.

    3) සෞක්‍යමත් ආහාර රටාවකට හුරු වන්න​

    මේ වගේ දේකට ඉතින් පොඩි කැප කිරිමකුත් කරන්න වෙනවා.ඔනෙවට වඩා සීනි, ලුනු, බැදපු ආහාර තමන්ගෙ ආහාර වේලට එක් කර ගැනිමෙන් වලකින්න ඕනේ.පුලුවන් තරම් නැවුම් ආහාර වලටම යොමු වෙන්න.ඒ වගේම මේද අඩු ප්‍රෝටින් වැඩි ආහාර ගන්නත් සැලකිලිමත් වෙන්න.මේකනම් ඉතින් අපේ ජීවන රටාවත් එක්ක ටිකක් අමාරු වැඩක්..

    4) ප්‍රමිතියෙන් යුතු ආලෙපන වර්ග පාවිච්චි කරන්න.

    මේකෙදි ප්‍රදානම දේ තමයි ඔබ තෝර ගන්න ආලේපන තෙල් රහිත විය යුතුයි.ඉතින් ටිකක් විස්තර හොයලා ගාන දෙයක් ගාන්න.නැත්තම් ඒ තෙලුයි මේ තෙලුයි දෙකම එකතු වෙලා මූන ගන්න දෙයක් නැති වෙයි.තව ගමනක් යද්දි හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.ඒකෙන් මූනට දූවිල්ලෙන් වගේම ඉර එලියෙනුත් ආරක්ශාව ලැබෙයි.තව ෆේස් ටිශූ පාවිච්චි කරන්න අතරමගදි තෙල් පිහ දාන්න.ඒවා වැඩි ගානක් නෑ.රු 145 ද කොහෙද සාමන්‍ය ප්‍රමානෙ පැක් එක.

    5) සෞක්‍යමත් ජීවන රටාවකට හුරු වන්න.
    මේකත් ගොඩක් වැදගත් දෙයක්.කිසිම වෙලාවක පීඩනයෙන් ජීවත් වෙන්න එපා.හිනා වෙලා ඉන්න.වෛර කරන්න එපා.මයිත්‍රී කරන්න.පුලුවන්නම් භාවනා කරන්න.ජීවත් වෙන ටික කාලෙට මොන තරහ වෛරයද?ව්‍යායාම කරන්න.හොඳට නිදා ගන්න.ශාරිරික සෞක්‍ය වගේම මානසික සෞක්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න.

    ඉතින් මේ දේවල් පිලිපදින්න පුලුවන්නම් ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිපලයක් ලබා ගත්තහැකි.අවන්කවම කිව්වොත් මට තාම ඔක්කොම පිලිපදින්න බෑ.ඒත් මන් උත්සහ කරනවා.මගෙත් මූන තෙල් පාටයි..
     
    Last edited: