මූලික අයිතිවාසිකම උල්ලංඝනය වුවහොත්
පිල උඩට වී අරමුණකින් තොරව උන් කනිෂ්ක දෙස නෝක්කඩුවෙන් බැලු විමලාවතී අඩක් නිමකළ පන් පැදුරට රටා එක් කළාය. “ මේ පැදුරු දෙකවත් ගුණවතී හාමිනේගෙන් කඩේට දීලා කීයක් හරි හොයාගන්න එපායැ මේ සංගෙලිය අර මනුස්සයට තනියම කරන ඇහැක්යැ “ විමලාවතීගේ කඩිසර ඇගිලි තුඩු වල වේගයට වඩා වදන් වේගවත් විය. මවගේ වදන් නෑසුනාක් මෙන් කනිශ්ක හිස් අහස දෙස බලා උන්නේය. අතපය සවිමත් වූ හැඩිදැඩි පුතෙකුගෙන් මව්පියන් බොහෝ දෑ බලාපොරොත්තු වේ. එහෙත් ඒ බලාපොරොත්තු සැබෑකර දීමට තමන්ට කවදා හැකි වේදැයි ඔහුට සිතාගත නොහැකිවිය. බලාපොරොත්තුව බලාපොරොත්තුවක් පමණක්ම තිබියදී කනිශ්ක අන්දන්දමන්දව ඇත මෑත බැලුවේය. ගම්සභා පාර දිගේ පාසල වෙත ඇදෙන දරුවන්ගේ කිචිබිචිය කනිශ්කට ඇසුණි. ගම්සභා පාර දිගේ පාසල් යන අවධියේදී කනිශ්කට විශ්ව විද්‍යාලය කප්රුකක් විය.කප්රුකට ගොඩ වූ තමා තවමත් ජීවිතයේ වල්මත්ය. උපාධිය දෙකට නවා රෝල්කර කිහිල්ලේ ගසා ගෙන හූල්ලන දාහක් දෙනා සිටින රටේ උපාධියට ලියා අවසන් කරගත නොහැකිව ලතවන තමාට මොන රස්සාවක්දැයි ඔහුට සිතුණි. උපාධිය කෙසේ වෙතත් සුරුස් බුරුස් ගා ඉංග්‍රීසී වැමෑරීමට තමාටත් හැකි වී තිබුණේ නම්, තම පියාත් ගමේ පාසලේ සිංහල උගන්වන ගුරුවරයකු නොවී ඉහළ සමාජයට මුක්කුවක් ගසා සිටියේ නම් අද කනිශ්කත් මනුස්සයෙකි. ඔහුට එකවරම සිනාවක් පහළ විය. සිනාසිය යුත්තේ ළමුන් වල්මත් කරන අධ්‍යාපන ක්‍රමයටද තමාටද කියා ඔහුට සිතාගත නොහැකි විය. “ දහදුක් විදලා මැදැ විස්ස විද්‍යාලයට යැව්වා. අනේ උඹලාගේ මළ ඉලව් විප්ලවේ “ මවගේ මැසවිලි තව දුරටත් අසා සිටිය නොහැකි වූ තැන ඔහු ගෙන් එළියට බැස ගම්සභා පාර දෙසට පියමැන්නේය. බෝක්කුවේ ගැට්ට උඩට වී සිටි ලාල් කනිශ්ක දැක ඔහුට හඩනැගීය.
කොහේද යන්නේ?කොහේ යන්නද ඔලුව හැරුන අතේ යනවා මිසක් අපි දෙන්නම එකම බෝට්ටුවේ. රස්සාවල් කීයකට නම් ඉල්ලුම්පත් යැව්වද? කනිශ්ක ඔන්න පීටරයා මේ පැත්තට එනවා. ෂුවර් එකට දැන් අපට ඇනුම් පද කියයි. “ ඉස්කොල මහතකු වූ කනිශ්කගේ පියා සමග ඔහුගේ නොක්කඩු කම් විය. කනිශ්කගේ රැකියා විරහිත බව වඩාත්ම විෙච්නයට ලක්කළෙ පීටර්ය. කනිශ්ක පීටර් දෙස නොපහත් බැල්මක් හෙලුවේය. නිතිපතා මොහුගෙන් අසන ඇනුම්පද වලට විරාමය අද තැබිය යුතු නොවේද? ඉලන්දාරි මොකද මේ බෝක්කුවට උඩට වෙලා විප්ලව කරන්න හදනවද? මෙහෙම නිකමො වෙන්ට නිසාම ගමටත් වගතුවක් නෑ. “ පීටර් ගේ ඇනුම්පද වලින් තරුණයින් දෙදෙනා දණ්ඩෙන් පහර කෑ නයකු සේ කිපුණි. මුලින් වාග් ප්‍රහාරයෙන් ඇරඹි ආරවුල අවසානයේ ගුටිබැට හුවමරුවක් දක්වා දුරදිග ගියේය. පීටර් කෙලින්ම පොලිසියට ගොස් තම හිතවත් පොලිස් නිලධාරීන් මුණගැසී සිද්ධිය සැළකලේ ඔවුන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය යන අදහසිනි.වේගයෙන් පැමිණි ජීප් රථය කනිශ්ක සහ ලාල් ඉදිරියේ නතර විය. “ නැගපල්ලා ජීප් එකට ““ ඒ මොකද අපි වරදක් කරලා නෑ ඒවා බලාගමු පොලිසියේදී නගිනවා.ලාල් සහ කනිශ්ක ජීප් රියට ගොඩ වුයේ නැත. හැඩි දැඩි පොලිස් නිලධාරියාගේ පා පහරින් ඔවුන් බලෙන්ම රියට නංවනු ලැබිණි. යමකු අත් අඩංගුවට පත්වීමේදී තමා අත් අඩංගුවට ගනු ලබන්නේ කිනම් වරදක් සම්බන්ධවද යන්න පිළිබඳව දැන ගැනීමේ අයිතිය එකි අත් අඩංගුවට පත්වන්නා හට ඇති බව පොලිස් නිලධාරියාට එම මොහොතේ අමතකව ගියා විය හැක.කනිශ්කගේ පියා මෙම ආරංචිය ලැබ පොලිසියට ගියද ඔහු කී දේ වලට ඔවුන් කන්ට නොදුණි. තම හිතවතකුගේ උපදෙස් මත ග්‍රාමසේවක ඉදිිරියේ තම පුතු හා අසල් වැසි දරුවකු එදින පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබු බවට ඔහු පැමිණිල්ලක් ගොනුකර තබන ලදි. පසුදින පොලිසියට ගිය ඉස්කෝල මහතාට තම පුතු වන නිශ්ශංක දුටු විට දෙපා පණ නැතිව ගියේය. මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් තරුණයින් වූ නිශ්්ශංක සහ ලාල් අසුවිය ඉක්මවු මහල්ලන් සේ දුර්වලව කොර ගසමින් ගමන් කිරීම ඔහුට ඇද හිය නොහැක්කක් විය. පොලිස් කූඩුවේ පුරා දින හතරක් තබාගත් පසු මහෙස්ත්‍රාත් ඉදිරියට පමුණුවන දරුවන් දෙදෙන ඇපපිට මුදාහරින ලදි. යම් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන පැය විසිහතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවට පවතින නීතිය ඇතැම් විට පොලිස් නිලධාරියාට අමතක වන්නට ඇත. එහෙත් මෙම කි‍්‍රයාව මගින් කනිශ්කගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවිය.
කනිශ්කවත් ලාල්වත් ඇප පිට නිදහස් කරගත් මව්පියන් මුලින්ම ඔවුන් රෝහල් ගත කර වූයේ ඒ වන විටත් පොලිස් සත්කාර වලින් තරුණයින් දෙදෙනා බොහෝ සේ හෙම්බත් සිටි හෙයිනි දෙදෙනාගේම සිරුරුවල තැලීම් පහරවල් කීපයක්ම තිබෙන බව වෛද්‍ය වාර්ථාවේ සඳහන් විය. දරුවන් සුව වූ වහාම නිශ්ශංකගේ සහ ලාල්ගේ පියා නීතිඥවරයකු මුණගැසිණි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස්වන වගන්තිය මගින් මෙරට පුරවැසියන්ට ලබාදුන් මූලික අයිතිවාසිකමක් වූ කෘරතර අමානුශික වධහිංසා අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලින් මිදීමේ අයිතිය උල්ලංඝනය ස ඇති බව එහිදී ඔවුන්ට විස්තර සහිතව දැනගත හැකි විය. මෙහිදී අදාල පොලිස් නිලධාරින්ට විරුද්ධව මොවුන් දෙදෙනාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ හැකි බවද මෙම පෙත්සම මූලික අයිතිවාසිකම් කඩවී මසක් තුළදී ගොනුකළ යුතු බවද තවදුරටත් දැනුවත් වන ලදි.“එතකොට මාසයක් යනකන් අත් අඩංගුවේ හිටියනම්? “ කනිශ්ක අතුරු ප්‍රශ්නයක් මතු කළේය. මාසයක් යනකන් අත් අඩංගුවේ හරි පෙත්සමක් ගොනු කරන්න හැකියාවක් නැතිවෙන විදිහට රෝහලේ හිටියනම් ඒ වගේ වෙලාවට මාසේ ගණන් ගන්නේ අත් අඩංගුවෙන් මිදුන දවසේ ඉදලා. “ ඉස්සෙල්ලා අපට ගැහුවේ පීටර්. පස්සේ බොරු වරදකට අත් අඩංගුවට අරන් පොලිසියේ අමරසිංහ රාළහාමි පෙරේරා ජයන්ත රාළහාමි අපට ගැහැව්වා.පීටර්ට විරුද්ධව පියවර ගන්න ඕනේ සාමාන්‍ය අපරාධ නීතිය අනුව පොලිසියේ අයට විරුද්ධව විතරයි මූූලික අයිතිවාසිකම් කඩවීම ගැන පෙත්සම ගොනු කරන්න ඕනේ. “ මෙහිදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ හැක්කේ රජයේ විධායක හෝ පරිපාලනමය කි්රයාවක් මගින් මූූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වූ විට බවත් රජයේ නිලධාරියකු වුවද පුද්ගලික තත්ත්වයෙන් කරනු ලබන කි‍්‍රයාවකදී මූූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව පෙත්සමක් ගොනුකළ නොහැකි බවද වැඩිදුරටත් පැහැදිලි කරන ලදි. මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිඥවරයා විසින් ලහි ලහියේ සකස් කරමින් සිටියදී එතුමාගේ පියා මියයෑමේ හේතුවෙන් හදිසියේ ඔහුට මාතර යෑමට සිදුවිය. මාසය ඉක්මවීමට තව ඉතිරිව තිබුණේ දින කීපයක් හෙයින් ඒ වන විට අවශ්‍ය ආකාරයට පෙත්සම සකස්කර තිබුණි. එමනිසා එය පෞද්ගලිකව කරනු ලබන පෙත්සමක් ලෙස පෙත්සම දිව්රුම පෙත්සම, අත් අඩංගුවට ගත් නියමිත දින, ඔප්පු කිරීමට ග්‍රාම සේවකයාට කළ පැමිණිල්ලේ පිටපත වෛද්‍ය වාර්ථා මේ සියල්ල එක්කර කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළහ. “ ඇයි සර් පොලිස්පතිවයි නීතිපතිවයි වග උත්තරකරුවන් කළෙ? ඒ අය අපට ගැහුවේ නැහැනේ. ගැහුවේ අමරසිංහයි පෙරේරායි, ජයන්තයි. රාජකාරි නිල මට්ටමේ කි‍්‍රයාවකින් මූලික අයිතිවාසිකම් කඩවීම නිසා රජයට විරුද්ධව නඩුකීමේදී නීතිපතිවරයාද වගඋත්තරකරුවකු කළයුතු බවත් නීතිවඥවරයා කරුණු පැහැදිලි කළේය.තමාට සිදුවූ අසාධාරණයට අද හෙටම යුක්තිය ඉටුවේය යන විශ්වාසයෙන් නිශ්ශංක තම අතවැල ඉදිවි නිල් පැහැ වූ තැන් පිරිවැද්දේය. අපට ගහපුඋන්ට අච්චු ලැබෙයි. ඇයි අපට වෙච්චපාඩුවට හොඳ වන්දියකුත් ලැබෙයිලු නිශ්ශංක සහ ලාල් ගේ මුවින් එකවර සුසුමක් පිටවුණේ අසාධාරණයට තවත් රජකම් කරන්නට නොහැකි බව සිතීමෙනි.
(මංජුලා මල්කාන්ති)