මූසල 2020 ඉවර වෙන්නට තව පැය කිහිපයයි

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    inspire-innovation-challenge-way-to-change-to-inspire-innovation-challenge-way-to-change-to-co...jpg

    සිරාවටම උඹලට 2020 අවුරුද්ද කොහොමද මටනම් පට්ට චාටර්...

    කොටාගෙන යන්න 👇
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    2020 ivsrs wenava kiyanne minissuma hadapu calendar eka aluth krna kiyana eka ! nathuva wena kisima base ekak na ! sinaala avurudde aduma tharame සූර්යගෙ පසුබිම් රාශිය හරි වෙනස් වෙනව
     
    • Like
    Reactions: PHBhagya and Cenon

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    කතාව නම් සිරාවටම ඇත්ත මචන්. ඒත් 2021 කොහොම වෙයිද දන්නේ නෑ. දැනට පේන විදිහට නම් 2020 ම කාබන් කොපියක් වගේ මේ කොවිඩ් එක නිසා .... :-( :-(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ගිය අවුරුද්ද පටන්ගත්තේ ලෝකෙම කොරෝනා ආසාදිතයන් දෙතුන් දෙනෙක් එක්ක. මේ අවුරුද්ද පටන්ගන්න යන්නේ ආසාදිතයන් මිලියන 22ක් එක්ක සහ ඊට වඩා බයානක ප්‍රබේද එක්ක. :baffled: . කැලැන්ඩරේ ඉවර උනාට ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ බන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2020 අපි හැමෝටම ගොඩක් අභියෝගාත්මක අවුරුද්දක්. ඒත් අපේ පාලනයෙන් තොර දේවල් වෙනස් වෙද්දි ඒ දේවල්වලට සාර්ථකව මුහුන දීලා අපේ වැඩ කොහොමද කරගෙන යන්නෙ කියන දේ අපි මේ අවුරුද්දෙදි අත්දැකීමෙන්ම හොදින් ඉගෙන ගත්තා. ඒ වගේම අපිට ආපු හැම අභියෝගකයටම අපි සාර්ථකව මුහුන දුන් නිසා අපි පෙරටත් වඩා ශක්තිමත් වුනා සහ තියුනු වුනා.

    අපි අපි තුල වර්ධනය කරගත් මේ ගුණාංග ඉදිරි 2021 වසරට පමනක් නෙමෙයි අපේ ජීවිත කාලයම සාර්ථකව ගත කිරීමට අපිට ලොකු පිටිවහලක් වේවි.

    ඔබ සැමට සාර්ථකත්වයෙන් සහ සතුටින් පිරුනු සුභ අලුත් අවුරුද්දක් වේවා!
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ශේප් එකේ ගියා. වෙච්ච හොඳම දේ තමයි පවුල එක්ක ලොකු කාලයක් එකට ගත කරපු එක. තව දෙයක් ඉගෙන ගත්ත. ඕනෙවට වඩා ජීවිතේ බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න හොඳ නෑ කියන එක

    2021 හැමෝටම සුබ වේවා!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    පවතින තත්වය තේරුම් අරන් ඒකට මූනදෙන එක තමා කරන්න තියෙන්නෙ.

    දැන් අපිට අමතක උනාට මීට කලිනුත් දුෂ්කර කාලසීමාවල් ඕනතරම් තිබිල තියෙනව.

    මේ ගතවන කාලය කොවිඩ් වලින් බැටකනව.
    ඊට කාලයකට උඩදි යුද්ධයකින් බැට කෑව.
    ඊට කලින් 88,89 භීෂනය.
    ඊට කලින් මැලේරියා වසංගත තත්ව.

    නියඟය, ගංවතුර, නාය යෑම්, සුනාමි ව්‍යසන මේ වගේ ඕනෙම තත්වයක් ඇතිවෙන්න පුලුවන්. මේ හැම දේටම පළවෙනි පාර මූනදෙනකොට අලුත් අත්දැකීමක් තමයි. මේ වසංගතයත් කවදහරි දවසක ලෝකයෙන් තුරංවෙලා ඉතිහාසයට එකතුවෙයි.

    හොඳම දේ පවතින තත්වය ගැන හිතල මානසිකව නොවැටී එන දේකට මූන දෙන්න බලාගෙන ඉස්සරහට යන එක.

    එලඹෙන 2021 අලුත් අවුරුද්ද එළකිරිවාසී ඔබ සැමට නිරෝගී සුව පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    පවතින තත්වය තේරුම් අරන් ඒකට මූනදෙන එක තමා කරන්න තියෙන්නෙ.

    දැන් අපිට අමතක උනාට මීට කලිනුත් දුෂ්කර කාලසීමාවල් ඕනතරම් තිබිල තියෙනව.

    මේ ගතවන කාලය කොවිඩ් වලින් බැටකනව.
    ඊට කාලයකට උඩදි යුද්ධයකින් බැට කෑව.
    ඊට කලින් 88,89 භීෂනය.
    ඊට කලින් මැලේරියා වසංගත තත්ව.

    නියඟය, ගංවතුර, නාය යෑම්, සුනාමි ව්‍යසන මේ වගේ ඕනෙම තත්වයක් ඇතිවෙන්න පුලුවන්. මේ හැම දේටම පළවෙනි පාර මූනදෙනකොට අලුත් අත්දැකීමක් තමයි. මේ වසංගතයත් කවදහරි දවසක ලෝකයෙන් තුරංවෙලා ඉතිහාසයට එකතුවෙයි.

    හොඳම දේ පවතින තත්වය ගැන හිතල මානසිකව නොවැටී එන දේකට මූන දෙන්න බලාගෙන ඉස්සරහට යන එක.

    එලඹෙන 2021 අලුත් අවුරුද්ද එළකිරිවාසී ඔබ සැමට නිරෝගී සුව පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව.
    2020 thama API Danna history eke awasanawanthama awurudda.
     
    • Like
    Reactions: PHBhagya

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apitanam echarama aualk ne. samahara welawata wendata wada hodai wagę. mask dann inne una ekai mul mase 3 gedwal walata hira una echara tama. :D lankawe eunta ting bai hamaduru saranai