1956ට කලින් හැමෝටම ඉංග්‍රීසි පුලුවන් කියන්නේ බොරුවක්. ඒ කාලෙ 10% විතර තමයි ඕ ලෙවල් ගානට ඉගෙන ගෙන තිබ්බේ. අනිය රාජ්‍ය භාෂාව සිංහල වුනා කියලා ඉගෙනුම් භාෂාව සිංහලම වුනේ නැහැ. ලංකාවේ හැමෝටම ඉංග්‍රීසි පුලුවන් වුනා කියලා අමුතු දෙයක් වෙන්නෙ නැහැ. හැම එකාම රට යන්නෙත් නැහැ. ඇෆ්‍රිකන් රටවල් ගොඩක් තියනවා ඉංග්‍රීසි වලින්ම උගන්වන. රාජ්‍ය භාෂාව කියන්නෙ වෙනම කේස් එකක්. පොලිසියෙ පැමිණිල්ලක් දාන්න. බැංකුවට ගිහින් වැඩක් කරගන්න, උසාවියේ නඩු අහන්න වගේ වැඩ වලදි තමන්ගේ මව් භාෂාවෙන් වැඩකරන්න තියන අවස්තාව. බණ්ඩා කරපු වැරදි වැඩේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරපු එක. භාෂා දෙකම රාජ්‍ය භාෂා කලානම් සාධාරණයි.